ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ගාඩි සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..

July 12, 2019 at 10:10 pm | lanka C news
ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ගාඩි සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..

ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති මේජර් නිශ්සංක සේනාධිපති මහතා විසින් සකස් කරන ලද ලිපියකි.

නාවික හමුදාව යටතේ තිබූ අවි ආරක්ෂණ කටයුතු ඔවුන්ගෙන් ඉවත්කර අපගේ ඇවන්ට්ගාර්ඩ් සමාගමට දුන්නේ ඇයි දැයි අසමින් ද්වේශ සහගත ලෙස අවළාද නගනා, මඩ ගසනා සහ එම ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනගැනීමේ කුතුහලයෙන් පෙළෙනා බොහෝ දෙනෙකු වෙනුවෙන් මා මේ ලිපිය ලිවීමට තීරණය කළෙමි. සියලු ලිපි ලේඛන අප අතැතිව වසර පහකට ආසන්න කාලයක් අප ඒ පිළිබඳව නිහඬව සිටියේ එයින් නාවික හමුදාවට වෙන අපහසුතාවයත්, අප ආයතනයේ වැඩ කළ විශ්‍රාමික නාවික හමුදා නිළධාරින් එය හෙළිදරවු කරනවාට දැක්වූ අකමැත්තත් නිසා ය. නමුත් අකමැත්තෙන් වුවත් මේ මොහොතේ සත්‍යය ජනතාවට හෙළිදරව් කළයුතුව ඇත.

නාවික හමුදාව යටතේ පැවති ගොඩබිම පවත්වාගෙන ගිය අවි ආරක්ෂණ මෙහෙයුම්, අපගේ සමාගමට අයත් ගාලූ වරායේ නවතා තිබූ ( MV මහනුවර) නෞකාව වෙත ලැබෙන්න්ට ප්‍රධාන හේතු වුයේ නාවික හමුදාවේ පහල ස්ථරයේ අවි ආරක්ෂණ කටයුතු බාරව ක්‍රියා කළ දූෂිත නිළධාරින් නීතී විරෝධී අවි ආයුධ 800 වැඩි ප්‍රමාණයක් (මේ අපට දැනගන්නට ලැබුණු අවි ගණන පමණි. සැබෑ ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩිවීමට පුළුවන) ඩොලර් 5000 ක මුදලකට විදේශිකයන්ට විකිණීමත්, ඒවාට බලපත්‍ර ලබාදීමත්, ඔවුන්ගෙන් කප්පම් ගැනීමත්, විදේශිකයන් අවි ආයුධත් සමග මෙරටට ඇතුළු වීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වීමත් ආදී කරුණු නිසා ය. මේ නීති විරෝධී අවි ISIS සහ අල්කයිඩා සංවිධාන අතට පත්විය. යම් දිනෙක මෙවා හෙළි වූ විට සිදුවිය හැක්කේ කුමක්දැයි සිතාගත නොහැකිය. අප මේ සියලු කරුණු පවසන්නේ සාක්ෂි සහිතව වන අතර මෙම සාකච්ඡාව සිදුවූයේ අද්මිරාල්වරු පස්දෙනෙකු ඉදිරිපිටදී ය. එම දූෂිත නිළධාරින් සේවයෙන් පහකිරීමෙන් පසු මෙම මෙහෙයුම් නවතා දමන්නට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා අණ කළත් කරුණු දැක්වීමෙන් පසුව අප ආයතනයට එම මෙහෙයුම් බාර ගැනීමට හැකි බව දන්වා සිටියේ අප සමාගම ඒ වනවිටත් කිසිවකුගේ සහයක් නොමැතිව රතු මුහුදේ අවි ආරක්ෂණ නෞකාවක් පවත්වාගෙන ‍යෑමත්, ඒ වන විට මුහුදේ සිදුකරන අවි ආරක්ෂණය සම්බන්ධයෙන් පළපුරුද්දක් තිබූ එකම ආයතනය ඇවන්ට්ගාර්ඩ් වීමත් නිසා ය. පළමුව මෙම මෙහෙයුම් ලබාදුන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති රක්නා ලංකා පෞද්ගලික සමාගමට වුවත් ඔවුන්ට එය ඉටු කිරීමට නෞකා ආදී ප්‍රමාණවත් තරම් සම්පත් නොතිබූ නිසා ඔවුන් අප සමග හවුල් ව්‍යාපාර ගිවිසුමකට එකඟ විය. මෙම ගිවිසුම නිසා නාවික හමුදාවටත්, රක්නා ලංකා සමාගමටත් පෙර ලැබුණ අදායම මෙන් කීප ගුණයක අදායමක් ලබාගත් හැකිවිය.

අවි ආරක්ෂණ මෙහෙයුම් සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ප්‍රසංශාවට ලක්කළ ආකාරය 2012 වසරේ නාවික හමුදාවේ ඉහළ නිළධාරින් අට දෙනෙකු හා මා අතර පැවති රැස්වීම් වාර්තාවේ ඇත. ” නාවික හමුදාවට අවශ්‍ය වන්නේ මුදල් නොව ජාතිකාරක්ෂාව බව කීමට තරම් හිටපු නාවික හමුදාපතිවරයා නිහතමානී වු බව අප මතක් කළ යුතුය. ” එමෙන්ම රණවිරුවන් ලෙස, ශ්‍රේෂ්ඨ නාවික හමුදාවට අපගේ ගෞරවය සෑමවිටම හිමිවනු ඇත. අප මෙතෙක් කල් මේ කරුණු සඟවාගෙන සිටියේ මෙමගින් නාවික හමුදාවට සිදුවන ලැජ්ජාව ගැන සලකාය. නමුත් මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ජාතික පුවත්පත් වෙත යොමු කිරීමට ද මා තීරණය කර ඇත.

විශේෂ හෙළිදරව්ව :

රක්නා ලංකා මෙහෙයුම් අප වෙත බාරදීමට පෙර විදෙස් ආයතන 24ක් සඳහා විදෙස් රටවලට ගෙනගිය අවි 172 ක් අස්ථානගතව වූ අතර එයින් 158 ක් ලොවවටා ගොස් අප ආයතනයට සොයාගත හැකිවිය. ඉතිරි 14 අදටත් අස්ථානගත ය. එම අවි ISIS, අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ අතට පත්වන්නට ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැරිටයිම් ආයතනය ලිඛිතව දැන්වූ ලිපියක් අප සතුව ඇත. යම්කිසි දිනෙක් ත්‍රස්තවාදීන් මෙම අවි භාවිත කර මනුශ්‍ය ඝාතනයක් සිදුකර හසු වුවහොත් ගිනි අවියේ නොම්මරය බලා එය ලංකාවෙන් නිකුත්කර ඇති බවට අනාවරණය වනු ඇත. මේ ගැන මා වගකිවයුතු ආයතන හා CID ය දැනුවත් කළ නමුත් ඔවුන් ඒ පිළිබඳව ක්‍රියාත්මක වුයේ නැත.

මේජර් නිශ්සංක සේනාධිපති
ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති

72,702 Viewers

10 Comments to “ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ගාඩි සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..”

  1. prabath says:

    නාවික නිලධරීන් ආයුද විකුණුවා නම් එය නාවික හමුදාවේ හා ආණ්ඩුවේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය විසදන්න නාවික හමුධාවයි අර්ක්ෂ්ක් ලේකමුයි සම්බන්ධ වුන එකත් හරි. අද්මිරාල් වරුයි අරක්ෂක ලෙකම් තුමයි තියපු රැස්විඉමේ ඇවන්ගර්ඩ් මහත්තුරු මොක්කක්ද කරේ. නාවික හමුදාවෙන් කරගෙන් ගියපු මෙහෙයුම අතට ගන්න කට්ටිය එකතුවෙලා ගහපු ගැටයක් බව නම් පැහැදිලියි

  2. Open mind says:

    ඔබේ හෙළිදරව් කිරීම වැදගත්. එහෙත් රණවිරුවන් අතර දූෂිතයන් ඇතැයි කියන විට දේශප්රේමීන් ඔබට විරුද්ධව අවි අමෝරා එනු ඇත.

    • විස්කි මැඩම් says:

      රණවිරුවන් දුෂිත නැහැ. දුෂිත නිලධාරීන් කිහිප දෙනෙක් ආරක්ෂක අංශ වල සේවය කර තිබෙනවා.

  3. NAK says:

    Corrupted and traitors have been everywhere through out,there is no surprise in that.
    I wish Mr. Senadhipathi explains the involvement of the UN maritime agency in all this because I remember there was a request from the above agency for maritime security and also their deafening silence on this matter.

  4. lotus says:

    NATIONAL INCOMES අතට ගන්න කට්ටිය එකතුවෙලා ගහපු ගැටයක් බව නම් පැහැදිලියි.

  5. Watchman says:

    ඇත්ත කතාව බටහිර උපදෛස් මත නාවික හමුදාවේ අවි ලිබියාව,සිරියාවේ ත්‍රස්ත වැඩ සදහා මුදා හල වගයි.රොබට් බ්ලේක්ට කරන්නාගොඩ පොතක් පිරිනමන පිංතූරයේ පෙනෙන ඇගෑලුම් කමේ තරමින් මෙම ගනුදෙනුව ගැන හිතාගත්තෑකි.

    • Watchman says:

      During his lecture in Colombo last week, Blake also singled out the Sri Lanka Navy and stated that the Navy was not implicated in human rights violations unlike other branches of Sri Lanka’s police and military. Over a dozen Naval Intelligence officers have been arrested and charged by the CID not with a politically motivated attack on journalists, but with running an abduction for ransom racket that resulted in the disappearance and suspected murder of 11 young men shortly before the end of the war in 2009.
      To punctuate the irony, Blake accepted a gift of a book from former Navy Commander Wasantha Karannagoda, who earlier this year was named as a suspect in the abduction-for-ransom racket and is personally accused of complicity by the CID in the suspected murder of the 11 youth. A UPFA cabinet minister and several senior navy officers have provided evidence to the CID implicating the former commander, who petitioned the Supreme Court to secure an undertaking preventing his arrest.

    • Watchman says:

      During his lecture in Colombo last week, Blake also singled out the Sri Lanka Navy and stated that the Navy was not implicated in human rights violations unlike other branches of Sri Lanka’s police and military. Over a dozen Naval Intelligence officers have been arrested and charged by the CID not with a politically motivated attack on journalists, but with running an abduction for ransom racket that resulted in the disappearance and suspected murder of 11 young men shortly before the end of the war in 2009.
      To punctuate the irony, Blake accepted a gift of a book from former Navy Commander Wasantha Karannagoda, who earlier this year was named as a suspect in the abduction-for-ransom racket and is personally accused of complicity by the CID in the suspected murder of the 11 youth. A UPFA cabinet minister and several senior navy officers have provided evidence to the CID implicating the former commander, who petitioned the Supreme Court to secure an undertaking preventing his arrest

Leave a Comment

Main News