JRට තමන්ගේ බෑනා රජකරවන්න බැරිවුණු නිසා කතානායක තමන්ගේ බෑනාව රජකරවන්න හදනවා…

December 2, 2018 at 4:40 pm | lanka C news
JRට තමන්ගේ බෑනා රජකරවන්න බැරිවුණු නිසා කතානායක තමන්ගේ බෑනාව රජකරවන්න හදනවා…

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් ඒ කාලයේ හිතාගෙන හිටියේ කොහොමහරි තමන්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ තමාගෙන් පස්සේ කාලෙකදී මේ රටේ රජවෙයි කියලා. ඒක සිද්ධවුණු නැති නිසා අද කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑනාව එක්සත් ජාතික පක්ෂයෙන් රටේ රජකරවන්න තමයි මේ හැමෝමව කඩේ යව යව ක්‍රියා කරන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශකලේ අද කුරුණෑගල මහජන පොළ අසල සංවිධානය කර තිබූ මැතිවරණයක් පවත්වනමෙන් ඉල්ලමින් ජනතාවගේ අත්සන් දසදහසක් (10000) ක් මගින් සමන්විත පෙත්සමකට අත්සන්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, අද ජනතා පරමාධිපත්‍ය කියන දේ නැතිවෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ඉඳන්ම මේ වගේ දේවල් කරා. ඒ නිසා අද ජනතාවගේ ඡන්ද අයිතිය නැතිවෙලා. අද පළාත් සභා විසුරුවලා, තාම මැතිවරණයක් නෑ. ඒ වගේම රටේ තියන අස්ථාවරත්වය ස්තීරත්වයක් බවට පත්කරගන්න ඉක්මනින්ම මැතිවරණයක් තිබිය යුතුයි . අපි කැමතියි බලධාරීන්ට මතක්කරලා දෙන්න තම තමන්ගේ පෞද්ගලික කෝන්තර නිසා රටේ ජනතාවගේ අයිතිය සහ අනාගතය විනාස කරන්න එපා.ඉක්මනින්ම මැතිවරණයක් තියලා අපිට නායකයෙක් තෝරාගන්න අවස්ථාව දෙන්න. අද කුරුණෑගල විශාල ජන සමුහයක් මැතිවරණයක් ඉල්ලා පෙත්සමකට අත්සන් තැබුවා. ඔවුන් එහෙම කරන්නේ ඔවුන්ගේ අයිතිය වෙනුවෙන්. ජනතාවගේ අයිතිය ලබාදීම සහ ක්‍රියාත්මක කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමක්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයරත්න හේරත් මහතා කියා සිටියේ, අද පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත්වෙන්න ප්‍රධාන හේතුව තමයි කථානායකතුමාගේ ක්‍රියා කලාපය. රනිල් වික්‍රමසිංහ මහත්තයට තේරෙන්නෙත් නෑ කථානායකතුමා මොකක්ද මේ ගහන්න යන ගැටේ කියලා. අපි දන්නවා හිටපු විධායක ජනාධිපති ජේ .ආර් ජයවර්ධන මැතිතුමාට ඕනකරලා තිබුණා තමන්ගේ බෑණා ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයව රටේ රජකරවන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයට කවදාවත් ඒක කරගන්න බැරි නිසා කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑණා වන නවීන් දිසානායකව රජකරවන්න තමයි මේ එහෙට මෙහෙට කැරම් ගහන වැඩ කරන්නේ. තම තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු ඉෂ්ඨකරගන්න කලින් ජනතාවගේ අයිතිය දීලා ඉන්න. ඉක්මනින් මැතිවරණයක් තියලා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන්න යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට කුරුනෑගල නගරාධිපති තුෂාර සංජීව, හිටපු නගරාධිපති ගාමිණි පෙරමුනගේ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත, කුරුණෑගල හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ චන්දිම මල්විල ඇතුළු මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී විය.

– මාධ්‍ය ඒකකය

41 views

10 Comments to “JRට තමන්ගේ බෑනා රජකරවන්න බැරිවුණු නිසා කතානායක තමන්ගේ බෑනාව රජකරවන්න හදනවා…”

  1. යාත්‍රා කරනු නවින් නැව says:

    ඇත්තම කියනවනම් මොහු පියා වගේ
    පක්‍ෂ නායකකම සුදුසුම නවින්ට වගේ
    සජිත්ට වඩා ගුනදම් පිරුන හදක් වගේ
    යාත්‍රා කරනු නවින් නැව unp දිනුම වගේ

    • exUNPer says:

      ගාමිණී තුමා අපේ ඉහලම දස්සයෙකී
      එතුමා හිටියනම් අද ජන අධිපතියෙකී
      පුත්‍රය නම් සුකුමල් ගෑණු ළමයෙකී
      නවින් හොඳයි කියනව නම් ඒ පිස්සෙකී

      • සමනල ලෝකය says:

        ඔබෙ මව ඔබට කියපු එක මට හරිම දුකයි
        ඔබ ගෑනු ලමයක් බව දැනගත් අපට සැකයි
        සමනල ලෝකයට තටුගාල යනවාද සැකයි
        නවීන් පිය උරුම දක්‍ෂ පක්‍ෂෙ නැවියම තමයි

  2. Chaminda Somarathna says:

    Ane me Naweenatanam hariyanne ne. Sajtihta thama denna one. Ranil innakan apiwa peredduwa. sajithta jayawewa.

    • කංකරුය says:

      මිටි නම් සෙකුරිටි රටට කියපු එකම එකා
      උස ඇති සෝමරත්න කංකරුය ඌට යකා
      උස මිටි බේදයක් ගෙන නිඳන් වලෙන් කකා
      නවීන් නැවම යාත්‍රා කරත් රටේ මිටිම එකා

    • gadol says:

      කරුමයාගේ බෑණා නරුමයාවද මේ රජ කරන්න හදන්නේ ? ඒවා දවල් හීන ..හික්…හික්…

  3. sithmal says:

    මේ මනුස්සය ගියපාරත් පරාදයි. ඊලග පාරත් එහෙමම තමයි. කිසි වැඩක් නොකරන බාර් කාරයෙක්.

  4. Suren says:

    That is relatively a much better step, to make Navin the PM than Sajith for the Sinhala Buddhists.Last week Ven Elle Gunawansa thero said missionary work has spread to Aluthkade meaning aspreviously reported,Sajith’s family has become born again Christians.He will be worse than Ranil for the country.So better to make Nvin or Wasantha or Ruwan the UNP PM.

    • Nishantha says:

      Wasantha?wasantha senanayaka.!very nice for the opposite side.pls ask ranil to give him next pm candidature

  5. Nishantha says:

    Loku loku wada karanda kalin banata ugannapan hinawenda.hamatissema bakamuna wage bummana inne nathuwa.

Main News