JVP ඇපල්.. සීයට 3යි… පිටකොටුවේ වෙළෙන්දෝ ජවිපෙ අල්ලා පොලවේ ගසති.

December 2, 2019 at 6:21 am | lanka C news
JVP ඇපල්.. සීයට 3යි… පිටකොටුවේ වෙළෙන්දෝ ජවිපෙ අල්ලා පොලවේ ගසති.

ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ සජිත් ප්‍රේමදාස පමණක් නොව මෙරටට හතුරුකම් කළ සියලු විජාතික බලවේග බව මහාචාර්ය චන්න ජයසුමන මහතා මොරටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩලය අමතමින් පැවසීය.

ගියවර ජනාධිපතිවරණයේදී “අන්න නයා ; පොල්ල මෙතන” ප්‍රතිපත්තියේ සිට රටට සිදුවූ විනාශයට තමන් සම්බන්ධ නැතිබව ඇඟවීමට උත්සාහ දැරුවද මෙවර ජනතාව පොල්ල අතට ගෙන JVP ට ඇතිපදමේ පාඩමක් උගන්වා ඇති බව ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජයසුමන,

“අද ජවිපෙ රටක් ඉස්සරහ විහිළුකාරයෝ වෙලා. කොටින්ම පිටකොටුවේ 100ට 3 ක් තියෙන ඇපල් අද විකුණන්නේ “JVP ඇපල්” කියල. සීයට තුනයි..සීයට තුනයි..JVP,JVP කිව්වම ඇපල් ටික ඉක්මනට විකිනෙනවලු.

ඒ වගේම තමයි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අශීලාචාර විදිහට බලය තියා ගෙන ඉන්න, නවක වධය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවෙන්ම ලැබුනේ ජන්ද 8000. අඩුම ගානේ පහුගිය වසර කිහිපයේ උද්ඝෝෂණවලට ආපු විශ්වවිද්‍යාල ළමයි ටිකවත් ජන්දේ දීල නැහැ. ඒ වුනාට ජනමාධ්‍යවල මේ පිස්සන්ට ජන්ද බලයට සමානුපාතික නැති අවස්ථාවක් ලැබිල තියෙනවා. මේවත් අප නිවැරදි කරන්න ඕන. සිංහලකමට විරුද්ධ වෙලා, ආගමික නායකයන්ට අපහාස කරලා අද මේ රටේ දේශපාලනේ කරන්න බැරි බව මේ කවුරුත් තේරුම් ගන්න ඕනා.

ඒ වගේම පසුගිය දශක දෙකක කාලය තුළ ජාතික එකාග්‍රතාවය, ජාතිය ගොඩනැගීම නමින් දියත්වුන වැඩසටහන් අසාර්ථකයි කියල අප පිළිගන්න ඕන. සිංහල ජාතිය සමග දේශපාලනිකව ඒකාග්‍ර වෙන්න දෙමළ, මුස්ලිම් ජනකොටස්වලට පුළුවන් වෙලා නැහැ. මේ සඳහා සුදුසු විසදුම් ඉක්මනින්ම අප සොයා ගන්න ඕනා. නැතිනම් දෙමළ, මුස්ලිම් ජනතාව හැමදාම ජාතිවාදී දේශපාලඥයන් කිහිප දෙනකුගේ ගොදුරු වෙනවා”.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස්, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– මොරටුවේ කේ.එල්. වසන්ත

80,905 Viewers

10 Comments to “JVP ඇපල්.. සීයට 3යි… පිටකොටුවේ වෙළෙන්දෝ ජවිපෙ අල්ලා පොලවේ ගසති.”

  1. desta says:

    jvp ekata UNP ekata oba chandaya denawanam oba obe jathiyata maubimata bauddagama ta karana drohi kamak bawa sithe mataka tabaganna .

  2. බන්දු says:

    පිස්සු හැදෙන සඳ.. JVP ඇපල්.. මේක මරු ඕයි…

  3. Nim says:

    NIYAMY , SULU JATHEEN
    DENA GANEEMA
    APEE WAGA KEEMAKE.

  4. tikka says:

    මහාචාර්ය තුමනි.. ඔබට නිරෝගී සුව ලැබේවා.. ඔබ ලබාදුන් නායකත්වය, අවශ්‍ය වෙලාවේදී තම රට ජාතිය වෙනුවෙන් පලමුව පය පෙරට තැබීමෙන් ඔබ ලබා දුන් ආදර්ශය සහ අදහස් හදපිරි භක්තියෙන් අගය කරමු.

  5. Sarath says:

    Me gamana wenama chande illala Gotata support kala neda? Ethakota JVP eka Kurahan Sataka petiyekda?

  6. lotus says:

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවෙන්ම ලැබුනේ ජන්ද 8000. But උද්ඝෝෂණවලට block all road in COLOMBO and harm to million of people so should stop this now.

  7. Kadiya says:

    මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා සිරිසේනගේ SLFP එකත් ඉදිරිපත් වෙන බව පෙනෙන්න තියනවා. සිරිසේන පරදවා JVP එකේ 3% ඉහලින් සිටියොත් අනුරට සැනසීමක් ලබන්න පුළුවන්. 2015 ඉඳල රට කාපු, UNP එකට මහ බැංකුව හොරාකන්න මඟ සලසපු, හම්බන්තොට වරාය විකුනන්න උදව්කරපු, 19 ගෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරපු, පාස්කු බෝම්බෙ වැඩිම වගකීම දැරිය යුතු සිරිසේනට චන්දෙ දෙන්න තරම් SLFP පාක්ෂිකයෝ මෝඩ සහ දේශ ද්‍රෝහී නැති නිසා JVP එකට වඩා SLFP පහල බහින නිසා JVP ඉදිරියෙන්.

  8. U.N.J.V.P says:

    Jeppo langadima Bahuge nawa samasamaje ththweta path wenawa.

    Mun pahugiya kale chandeta kalin kiwwe Gotabhaya kiyanne pihottuwata idiripath karanna puluwan durwalama apekshakaya kiyalai.

    Durwalama kenata me vidhiyata paraduna nam prabala kenawa damma nam gatthu 3%th nathiwela punchi ammage kollage kara ambila punchi ammata kelaeenawa neda.

  9. priyanka says:

    saman laal hora arakku vikunala chanden nagaradipathi una. den laksha 5k dunnama lamai iskoletath danawa. pohittuwatath mu kalalak.

  10. සරා says:

    අනුර කුමාර ජනාධිපතිවරන සටනෙදි හැසිරුනේ තමන් ඡන්ද ලක්ෂ15ක් පමන ගන්න ආකාරයටයි.තරුන කම ‌ෙපෙන්නන්න පුක කැඩුන කඩියා වගේ ඇවිදිම කරේ.සමහර අවථාවල හැසිරුනේ නිකන් බලය ලැබෙන්නත් පුළුවන් කියන හැගිමකින්.මුංට ලැජ්ජා නැහැ.මුං‌ෙගේ ඡන්ද පදනම නිකන් පිරිමියෙක් ස්වයං වින්දනයේ ‌ෙයෙදෙනවා වගෙයි ‌ෙවෙලාවකට ඉස්සරහට(5%) යනවා තව ‌ෙවෙලාවකට පස්සට යනවා(3%).ඔ්ක තමයි අවුරුදු 50ක් තිස්සේ වුනේ.3%-5% අතර තමයි ජීවිතේ.හැබැයි ඉතින් පක්ෂයට ‌ෙකෙලවුනාට අනුරට නම් ‌ෙහොදයි.‌ෙමොකද ‌ෙවෙලාවට එකවුන්ට එකට ‌ෙඩොලර් ලැබෙනවානේ.

Leave a Comment

Main News