JVP සීනුව අත්හරී…

September 17, 2019 at 6:26 am | lanka C news
JVP සීනුව අත්හරී…

ඉදිරි ජනාධිපතිවරණය ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්වන්නේ සීනුව ලකුණින් නොව වෙනත් ලකුණකින් බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

තම පක්ෂයේ ප්‍රධාන කරගත් තවත් සංවිධාන 30ක එකමුතුව මෙම නව සලකුණ යටතේ තරඟ කරන බව ද ඔහු කියා සිටියේය.

ලාල් කාන්ත මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ගලේවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණයෙන් කවුරුන් ජය ගත්තද පවතින ආණ්ඩුව විසුරුවා හැර මාර්තු මාසය වන විට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියේය.

178 views
Main News