KDU චෝදනාවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් කෙරේ.. මහා ප්‍රාඥ කාලෝ ෆොන්සේකා ජනතා අධිකරණයේ අත්පොලසන් මැද තීන්දුව දෙයි…
February 21, 2017 at 12:19 am | lanka C news
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ මතුව තිබෙන තත්වයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පසුගිය පාලන සමයේදී කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය (KDU) ඇති කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් තත්වය පැහැදිලි කලේය.
එම උත්සවය ඇමති හිටපු ආරක්ෂක ලේකම්වරයා තමනට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් කිසිත් නොකියා එම කාර්ය මහාචාර්යවරයාට බාර දුන්නේය.
මෙරට සිටින විශිෂ්ඨතම බුද්ධිමතෙක් සේ සැලකෙන මහාචාර්යවරයා සිය මතය නිරවුල්ව ඉදිරිපත් කල අතර සභවෙන් අත්පොලසන්ද හිමිවිය.