KDU වැනි විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි.. ඉන් විදේශ විනිමය ඉතිරි වෙනවා.. පනතේ බාධා ඉවත් කරනවා..

July 17, 2021 at 11:20 am | lanka C news
KDU වැනි විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි.. ඉන් විදේශ විනිමය ඉතිරි වෙනවා.. පනතේ බාධා ඉවත් කරනවා..

කොවිඩ් මර්දනයට එන්නත්කරණය ඇතුළුව රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහා සංඝරත්නය දැනුවත් කරයි.

ජනවාරි මස 28 වන දින ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලුම එන්නත් ලැබීම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කළ හැකි බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. එමෙන්ම දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක්කර ඇති අතර එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (16) පස්වරුවේ 11 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිතුමා පැවසීය.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කොවිඩ් මර්දනය සඳහා ආරම්භයේ සිටම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙනගිය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ මහා සංඝරත්නය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්හ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහු බෞද්ධ උපදේශක සභා රැස්වීමට සහභාගී වූහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

33,479 views

24 Comments to “KDU වැනි විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි.. ඉන් විදේශ විනිමය ඉතිරි වෙනවා.. පනතේ බාධා ඉවත් කරනවා..”

  1. යකා says:

    එඑහෙමනං 2018 දී ඔය පණතට විරුද්ධ වුන දේශපාලකයන් සියලු දෙනාම මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සිදුකර ඇත්තේ විශාල ද්‍රෝහී කමකි

  2. මෙම පනතට එරෙහිව ආ කුමන්ත්‍රණ වලට නිර්භීතව මුහුන දී යහපාලනය එදා එම පනත ඉදිරිපත් කලේ නම් අද රටේ ඇතිවී තිබෙන විදේශ විනිමය අර්බුදයට මෙය පිලියමක් වනු ඇත

  3. ලෙඩෙක් says:

    ජනාධිපති තුමා …මේක කොහොම හරි කරන්න….වෛද්‍යවරුන් බිහිකරන්න….
    ජෙප්පො , පෙරෙට්ටො , ගොමාලා කියන එක සතපහක වැඩක් නෑ…..
    මුං මේක බකල් කරන්න කොන්තුාත් අරං ඉන්නෙ…..
    අපේ ළමයි , අපේ සල්ලි රටට ඉතිරි කරන්න….
    ජයවේවා…

  4. එලවිස් says:

    පෞද්ගලික විශ්ව විද්‍යාල සහ ව්‍යිදය විද්‍යාල ශ්‍රී ලන්කාවේ ඉදිරි දියුනුවට අත්‍යවස්‍යම කොටසක්.. නැතිනම් පෞද්ගලික පාසල් ලමුන් වත් රජයේ විස්ව විද්‍යාල වලට ඇතුලත් කරගැනීමට තරග විභාග ඇති කල යුතුයි..මේ වට විරුද්දවෙන්නේ කුහකයො

  5. ajantha says:

    මෙතන තියෙන ලොකුම බොරුව මේකයි .මෙයාල කියන්නේ A 3 ගත්තත් medical college යන්න බැහැ .ඒ අයට සාදරනයක් වෙන්න ඕන .ඒගොල්ලොන්ට යන්න තමයි private university start කරන්න ඕන කියල .

    යකෝ private medical college එකකට ලක්ෂ පනහ හැට ගෙවන්න ඔය A 3 වගේ හොද result එකක් ගන්න එවුන්ට නැහැ . ඕව හදන්නේ අසීමිතව සල්ලි තියෙන එත් කිසි උගත් කමක් නැති එවුන්ගේ සබන් බෝල දරුවන්ට දොස්තර පට්ටමක් සල්ලි බලෙන් අරන් දීල උන්ගේ ගොන් මොලවලින් කරන treatment වලින් අසරණ අපිව අකාලයේ මරවන්න

    ,බලාපල්ලා medicine කරන්න ඕන අවම සුදුසුකම local අල නම් C එකයි S දෙකයි.එකෙත් ඔය බහුතරයක් රට ගිහින් ඉගෙන ගන්න උන්ට නැහැ .උන් යන්නේ edexcel හෝ cambridge AL exam කරල .මොනවද edexcel හෝ cambridge AL exam වලින් ගන්න ඕන minimum qulufication කියල දන්නවද . C එකයි D දෙකයි . ඔය exam දෙකම හරි ලේසියි. හැබැයි exam එකට apply කරන්න විතරක් ලක්ෂ එක හමාරක් විතර යනවා .ඔක්කොම tuition fees ලක්ෂ්‍ය 15 ක්‍ විතර යනවා .ලක්ෂ්‍ය 15 ක්‍ මේ කියන ගොල්ලන්ට nothing බොලවූ .අනිත් එක ඔය edexcel වගේ exam කොටස් වශයෙන් කරන්න පුළුවන් .cambridge AL හරිම ලේසි exam එකක් . අර අපේ local AL වල‍ට S තුනක් ගන්න එකෙකුට edexcel හෝ cambridge වල A තුනක් ගන්න පුළුවන් .

    ප්‍රස්නේ මේකයි මේ එක පළන්තියකට සල්ලි උතුරන්න තියෙනවා එත් සමාජ පිලි ගැනීම අඩුයි උගත් කමක් නැති ඒ අඩුව තමයි මේ පුරවා ගන්න හදන්නේ . මේක සාදරනවා කරනවා නම් ඔය university වලට අර government university වලට යන්න ඉඩ නැතුව A සහ B තියාගෙන ලතැවෙන අයත් 50 % ක් වත් ගන්න එතකොට ඔය edexcel හෝ cambridge AL කරලා එන මැටි මොල්ලුන්ටත් අඩුගානේ අර ළමයින් ගෙන් වත් අහගෙන ඉගෙන ගන්න පුළුවන් .නැත්නම් ඉතින් degree ගන්න ලේචාලට තුටුපදුරු දෙන්න තමයි වෙන්නේ .ඔය සල්ලිවලින් විතරක් medical degree ගන්න එක china වලවත් Russian country වලත් අමාරුයි .එකයි ඔය විදේශ විනිම කතා කියාගෙන මෙහෙම වැඩේ සෙට් කරගන්න බලන්නේ .එතකොට පුතෝ මතක තියා ගනිල්ලා ඉස්පිරිතාලෙකට බෙහෙත් ටිකක් ගන්න යන උබලගේ ජිවිත නැතිකරලා තමයි මුන් ආතල් එක ගන්නේ

    • ගිජුලිහිණි සංදේශය says:

      ඉපදුනේ නැතත් එදා – උරුම වී ධනෙත් බලෙත්
      නිදහසේ උගත් පිනින් – දිනූවෙමු අපිත් ලොවත්
      දරුවනේ කලින් කලේ – එය කතී සොරුන් ඇවිත්
      අරමුණේ තබා රකිව් – ඒ උතුම් ගුණේ හෙටත්

      ගිජුලිහිණි සංදේශය

  6. charles says:

    Even this is a good idea but there are more important issues in Sri Lanka at the moment. President should spend those serious ones first. Otherwise country will go bankrupt soon.

Main News