LLTE විසින් පොලිස් නිලධාරීන් 600 ක් ඝාතනය ගැන මුල් වරට ජිනීවා වෙත පැමිණිලි.. සාක්‍ෂි දෙන්න කරුණා සූදානම්..

February 1, 2020 at 6:48 pm | lanka C news
LLTE විසින් පොලිස් නිලධාරීන් 600 ක් ඝාතනය ගැන මුල් වරට ජිනීවා වෙත පැමිණිලි.. සාක්‍ෂි දෙන්න කරුණා සූදානම්..

කොටි සංවිධානය විසින් පොලිස් නිලධාරීන් 600 දෙනකු සමූල ඝාතනය කිරීමේ සිද්ධිය යුද අපරාධයක් ලෙසට දක්වමින් මුල් වරට 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරේ.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව වෙනුවෙන් හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වන ජනෙත් විමල ඊට අදාළ පැමිණිල්ල මානව හිමිකම් බලධාරීන් වෙත යොමු කරන බව ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් කිසිදු රජයක් මේ සමූල ඝාතනය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර නැත.

මෙම අපරාධය ගැන මානව හිමිකම් කවුන්සිලය කැඳවීමක් කළහොත් සාක්‍ෂි දීමට සූදානම් බව නැගෙනහිර හිටපු කොටි හමුදා නායක විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) ප‍්‍රකාශ කර ඇත.

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමූ ස්ථානය ජනෙත් විමල විසින් සොයාගෙන තිබේ.

මෙම සමූල ඝාතනය සිදු කළේ ප‍්‍රභාකරන්, පොට්ටුඅම්මාන් සහ ස්වර්ණම් බව කරුණා තවදුරටත් හෙළිකර ඇත.

– divaina

221 views

7 Comments to “LLTE විසින් පොලිස් නිලධාරීන් 600 ක් ඝාතනය ගැන මුල් වරට ජිනීවා වෙත පැමිණිලි.. සාක්‍ෂි දෙන්න කරුණා සූදානම්..”

  1. john says:

    Very good… This is what has to be investigated. People died in crossfire and LTTE members died during war with bodies crushed. All those are now blamed to be genocide by GOSL army. But the truth is that Army never killed even LTTE members lined up without arms. But the LTTE did.

  2. නිරීක්ෂකයා says:

    බොහෝ සිංහල යැයි කියාගන්නා කුහකයින් කරුණා අම්මාන් මැතිතුමා ඉලක්ක කර නොයෙකුත් අපහාස උපහාස කළා. පා.ච. රණවකගේ ගෝලයෙකු කරුණා අම්මාන්ට බොරු නඩුවකට පැටලීම සදහා වරක් පොලිස් මූලස්ථානයට පවා පැමිණිලි කළා. නමුත් දේශප්‍රේමියෙකුගේ මැදිහත්වීමෙන් එම පැමිණිල්ල නිෂ්ක්‍රීය වන පැමිණිල්ලක් ද පසුදා දමා ඔහුව බේරා ගත්තේ කරුණා විසින් අපේ යුධ හමුදාවලට අවශ්‍ය සහය මෙන්ම දේශපාලන වශයෙන් ඉන්පසුව දුන් අනගිභවනීය සහය නිසයි.

    ඔහුගේ ජිනීවා ගමනට අපෙන් සුභ පැතුම්.
    ඒ වගේම ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ගෝත්‍රික භාවයෙන් මුදවා ගත් විධායක සභාවට අපේ ස්තූතිය.

    • ගොන් බයියා says:

      කරුණා කියල කෙනෙක් ඒ දවස් වල එල් ටීටී ඊ එකේ ඉඳගෙන සිල් ගත්තා. අරන්තලාව ඝාතනය එහෙම එතුමගෙ නෙවේ.

      • මගෙ රට says:

        මිනිස්සු 999ක් මැරූ අංගුලි මාල පස්සෙ රහත් උනා. කරුණා එදා මිනි මැරු බව ඇත්ත. ඒත් යටත් වූ පොලිසියෙ 600ක් කොටි මරා දැමීම ගැන ජිනීවාහි සාක්කි දීමට ඔහු ඉදිරිපත් වීම අප අගය කල යුතුයි.

  3. Banda says:

    Yes we should report all the crimes ltte did

  4. ලක් වැසියා says:

    ගෝටාභය රාජපක්ෂ මහතා කලින් ඇමරිකාණු පුරවැසියෙකු උන බැවින් ඔහුට විරුද්ධව එරට අධිකරණ කීපයකදී කොටි හිතවාදීන් ඇතුලු ද්‍රොහීන් ගනනාවක් විසින් නඩු පවරා තිබුනා. ඔවුන්ට එසේ කිරීමට හැකිනම් අපටද එසේ කිරීමේ හැකියාව තිබිය යුතුය.

    කොටි ත්‍රස්තවාදීන්, එයට උදව් උපකාර කලවුන්, නොයෙක් අපරාද සහ වංචාවලට සම්බන්දවූවන් වැනි පුද්ගලයින් ගනනාවක් මේ වනවිට බටහිර රටවල පුරවැසි භාවය ඇතිව හෝ නැතිව එම රටවල ජීවත් වේ. ඔවුන්ට විරුද්ධව ඒ රටවලදීම නඩු පැවරීමට වැඩපිලිවෙලක් සකස් කල යුතුය. ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කළ හැකි නීතිමය සාක්ෂි එකතු කළ යුතුය. රාජ්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශත් මේ සඳහා සම්බන්ද කර ගත යුතුය.

  5. Saman says:

    LLTE WTF. …