#LockDown රැල්ල ඇතුලේ උකුසු-කටුසු බල කුමන්ත‍්‍රණයක්.. පාර්ලිමේන්තු බලය අල්ලා නිරෝධායනය කඩාකප්පල් කරන්න යයි..

March 17, 2020 at 10:00 am | lanka C news
#LockDown රැල්ල ඇතුලේ උකුසු-කටුසු බල කුමන්ත‍්‍රණයක්.. පාර්ලිමේන්තු බලය අල්ලා නිරෝධායනය කඩාකප්පල් කරන්න යයි..

කොරෝනා ව්‍යාප්තිය භාවිතා කරමින් විපක්‍ෂ බලවේග විසින් නාමයෝජනා කැඳවීම කල් දමා පැවති පාර්ලිමේන්තුව යලි කැඳවා රට අස්ථාවර කිරීමට කුමන්ත‍්‍රණයක් අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ හරහා නැවත වටයකින් උකුස්සන්ට හා කටුස්සන්ට බලය අතට ලබා ගැනීමේ කූට සැලසුමක් මෙම LockDown තේමාව යටතේ සැගවී ඇති බවද ඔහු සඳහන් කළේය.

යම් හෙයකින් පැවති පාර්ලිමේන්තුව යලි කැඳවූයේ නම් එහි මුදල් වියදම් කිරීමේ බලය විපක්ෂ බලවේග විසින් අත්පත්කරගෙන නිරෝධාන ක්‍රියාවලිය අවුල් සහගත තත්ත්වයට පත් කිරීම හරහා එහි වගකීම ජනාධිපතිවරයා මත පැටවීමට මොවුන් සැලසුම් කර තිබූ බවද ඔහු පැවසීය.

ඒ කුමන්ත‍්‍රණය සදහා ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ අස්වාභාවික ලෙස LockDown රැල්ලක් ඇති කර තිබෙන බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් රජය මේ අවස්ථාවේදී එය නිසි පරිදි තේරුම් ගෙන මහජන එක්රැස්වීම් පාලනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් කටයුතු කිරීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.

85,681 Viewers

42 Comments to “#LockDown රැල්ල ඇතුලේ උකුසු-කටුසු බල කුමන්ත‍්‍රණයක්.. පාර්ලිමේන්තු බලය අල්ලා නිරෝධායනය කඩාකප්පල් කරන්න යයි..”

  1. Ada says:

    Kesey ho election eka tiyaganna heythuwak pennaa aarmatthakamee lesa weda kireema kanagaatuyi.

    Pls forget political rubbish at this stage where whole nation in danger. If so citizens may curse you all politikkoz

    • නිදහස් චත්රශ්‍රය says:

      අර MCC ගිවිසුම මාහා භයානකයි කියලා නිදහස් චතුරශ්‍රයේ ඉඳගත්ත හිමි නම තාම නිදි ද ?

      • ජනක says:

        රටේ වියවස්තව අනුව විසුරුවනු ලැබූ පාර්ලිමේන්තුව යලි කැඳවිය නොහැක .එසේ වන්නේ 2015 මහජන චන්දයෙන් පත්කරගනු ලැබූ පාර්ලිමේන්තු නියෝජිතයන් ගේ එම මහජන නියෝජනය මේ විසුරුවිමත් සමග අහෝසි වී ඇති බැවිනි .දැන් පාර්ලිමේන්තුවක් යලි කැඳවිය හැක්කේ වර්තමාන මහජනමතය නියෝ ජනය වන චන්දයකින් මහජන නියෝජිතයන් පත්කරගනිමෙන් පමණකි .

        2015 පැරණි මහජන මතය මත පත්වූ පැරණි අහෝසිවිගිය මහජන නියෝජිතකම දැරූ හිටපු මන්ත්‍රීලා යලි කැඳවිය නොහැක එවිට එය වර්තමාන මහජන මතය අබිබවා යාමකි එනම් ජනතාවගේ තමුන්ට මනාප මන්ත්‍රීවරයකු පත්කරගැනීමේ අයිතියට අබියෝග කිරීමකි .

        තමන් විදායක ජනාදිපති ලෙස සිහින මවාගත් හිටපු මන්ත්‍රී කරු ජයසුරිය ,හිටපු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ද පැන්ෂන් ගිය පොලිස් කාරයකු වූ රංගේ බණ්ඩාර ද පාර්ලිමේන්තු යලි කැඳවීම ගැන බයිලා දොඩන්නේ මේ ඉහත කරුණු නොදැන නොවේ .මුන් මේ ප්‍රකාශ නිකුත් කරන්නේ බටහිරයන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට ඔවුන්ගේ පෙළඹවීම මතයි .

        අපි මේ රටේ ලක්ෂ දහතුනකට වඩා වැඩි චන්ද ප්‍රමාණයකින් ජනපතිවූ අතිගරු ජනාදිපති ගොටාභය මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමා සතු සියලු බලතල පාවිච්චි කර මේ බටහිර සැලසුමට කටයුතු කරන හොර unp/jvp/tna/slmc කුමන්ත්රනකාරින් ඔවුන්ගේ ස්ථානයේ තබා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කර දෙන ලෙසය .කිසිලෙසකින්වත් පැරණි අහෝසිවිගිය පාර්ලිමේන්තුව යලි නොකැදවන ලෙස ඉතාම ගවුරවයෙන් ඉල්ලා සිටිමු

        • නීතිඥ චම්පා says:

          ඔබගේ සමහර කරුණු නිවැරදියි. සමහරක් අසත්‍යයි. ජනාධිපතිතුමාට පුළුවන් ඕනැම වෙලාවක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා හදිසි නීති රෙගුලාසි පණවන්න. එතකොට ඒ රෙගුලාසි දින 7 ක් තුල පාර්ලිමේන්තුව අනුමත කරන්න අවශ්‍ය වෙනවා. එවැනි අවස්ථාවකදී, විසුරුවන ලද පාර්ලිමේන්තුව නැවත කැදවිය හැකියි.එයයි නීතිමය තත්ත්වය.

          • kkuruwita says:

            එ කියන්නෙ අර රට කාපු හොර පෝරිසාදයො ටික ආයෙමත් පර්ලිමේන්තුවට ගෙන්නන්න කියලද ? ඒ මොලයක් නැති පුස්සො ටික රැස් කරල මොකටද මේ මහජන මුදල් නාස්තිකරන්නෙ. අපරාධයක්නෙ මේ වෙලාවෙ !

          • ජනක says:

            පාර්ලිමේන්තුව විසුරුවා ඇතිවිටක පාර්ලිමේන්තුවේ බලය ශුන්‍යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් තවදුරටත් මහජන නියෝජිතයන් නොවේ වර්තමාන ජනසමාජය නියෝජනය කිරීමට ඔවුන්ට බලය ලබාදෙන්නේ කවුද ?මෙවර ප්‍රථම වරට චන්දය දෙන මගේ පුතා මේ එක මන්ත්‍රී වරකට චන්දය දෙන්නට කැමති නෑ එවැනි පුතුන් දුවරුන් කි දහසක් සිටීද ?පාරිලිමේන්තුව පැරණි සාමාජිකයන් නැවත කදවුවහොත් මගේ පුතාලාගේ ඒ පරපුර නියෝජනය නොවීම මගින් ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් කඩවී තිබේ .
            එබැවින් පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවීම නොකර බාරකාර ඇමතිවරුන්ගේ එකගත්වයෙන් හදිසිනීතිය සම්මත කරගත හැකියි එයට පරණ පාර්ලිමේන්තුව අවශ්‍ය නෑ .
            අපි නොදන්නා පිල් මාරුකරන වාසි පැත්තට හෝයියා කියන චම්පා ඔයාට හරි අකරතැබ්බයක් උනා නේද බොරැල්ල කනත්තේ

          • නීතිඥ චම්පා says:

            ජනකගේ අදහස් මට තේරුම් ගැනීමට පුළුවන්. නමුත් මම පැහැදිල් කෙරුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. පුද්ගලිකව මමත් කැමති නැහැ ඔවුන් ආපසු රැස් කරනවාට. නමුත් රටේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

          • නීතිඥ චම්පා says:

            ජනකගේ අදහස් මට තේරුම් ගැනීමට පුළුවන්. නමුත් මම පැහැදිලි කෙරුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. පුද්ගලිකව මමත් කැමති නැහැ ඔවුන් ආපසු රැස් කරනවාට. නමුත් රටේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

        • truth says:

          ඔබතුමා සතු සියලු බලතල පාවිච්චි කර ….? no powers now malli . Paw oya….

          • Kusum says:

            Well he’s in power that’s what matters for us.We know he will do the best he can to save this country .UNP dogs destroyed this land we want him to save it even it means changing a system a bit going all the way .We dont need the western puppets to ruin this country again

          • බන්ඩා says:

            පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා බාර ගත්තට පස්සෙ මැතිවරණය කල් දැම්මත් හැකි ඉක්මනින් අලුත් මංත්‍රී වරැ පත් කල යුතු වෙනවා. පරන මංත්‍රීලගෙ අවශ්‍යතාවය ඉවරය්. 🐘🐅🐪 රැලඡන්ද වලට කැමති නැහැ.

      • නිහාල් අයියා says:

        රජය MCC ගිවිසුම පිළිනොගන්නා බව ප්‍රකාශයක් කළා එය සිදුකලේ එක්සත්ජාතික පක්ෂය විසින් අත්සන් කරන්නට කටයුතු සුදානම් කල ඒ MCC ගිවිසුමේ වගන්ති එම කේෂ්ත්‍රයට අදාළ විසේස්ඥයන්ගේ අද්යනයකින් පසුවයි .
        ගවුරවනිය කාශ්‍යප ස්වාමින් වහන්සේ දේශපාලනයට සම්බන්ධ නොවන ඉතාමත් සිල්වත් බවුද්ද ජනතාවට ඉතාමත් සේවයක් කරන එසේම ඉතාම දේශප්‍රේමී ස්වාමින්වහන්සේ නමක් .එවැනි සිල්වත් උතුමෙක්ට අපහස කරන්නට උත්සාහ කරන තමුන් වැනි නුගත් ග්‍රාමය පක්ෂ දේශපාලනය ඉහමත තබාගත් ලුම්පන් බටහිර ගැත්තෙක්ට අනුකම්පා කරමු

      • ගන්ජ බන්ඩා says:

        බොල මුසම්මිලෝ මේ වෙලාවෙවත් ඔය උබලගෙ සුපුරුදු කුමන්ත්‍රන කතා පැත්තක තියල රට වෙනුවෙන් වැඩ කරපල්ල.

        • kkuruwita says:

          අවුරුදු හතර හමාරක්ම ඔය පුස්සො ටික කලේම කුමන්ත්‍රනනෙ. වෙන මොනවද ? රට දියුණු කරන්න කියල මොනවද කලේ රටේ සම්පත් විකුණුවා මිසක්.

      • kkuruwita says:

        නෑ! නෑ!! නෑ!!! MCC ගිවිසුම හරීඊඊඊම හොඳායි. හැබැයි ඒ තණ කොල , ක්‍රෝටන් කොල කන හරක්ටම විතරමයි. එදා උන්වහන්සේ ගේ මැදිහත්වීම දේශපාලනයකින් තොරව අගයපල්ල රට ගැන හැඟීමක් හා කොන්දක් තියෙනවනම්.

    • fass says:

      E kiyanne Pohottuwa dinanawa kiyala hemotama sure

    • Ratavesiya says:

      At this stage, the political stability of the country is essential to control the health epidemic.

      Therefore what Musamil says is ight.

  2. බන්ඩා says:

    ඡන්ද දිනන්න බැරි උන්ට ඕනෑ කෙසේ හෝ මැතිවරණය කල් දමා ගන්නය්.

  3. lotus says:

    HORA KANNE EKATA, APITA THOPE PAKSHA WEDAK NE.

  4. Truth says:

    Country should be locked down immediately as a precautionary measure to avoid covid 19….general elections should be postponed immediately… This is not a time for elections…. Weerawansa and idiots gang day dreaming about conspiracies…

    • Truth says:

      If the election is not held then there is no stable government where the opposition plays all the shots.

      The absence of political stability combined with Corona pandemic is the perfect recipe for a disaster as recommended by the political nihilists and Sajith supporters.

    • Real Truth, not half-truth says:

      Ha, ha, ha, another follower of bankrupt 3% party.

  5. Ganja says:

    2/3 පෙරේත කමේ රටකට වෙන හරියක්😓
    (නිවාඩු දුන්නම නාම යෝජනා භාර දෙන්න බෑලූ.)

    • tikka says:

      නිකං දයාවතී වගේ වෙන්න එපා බං…. අතන මෙතන කතාවෙන හැම එකම ඇත්ත කියල ගන්න එපා. පොඩ්ඩක් හදිසි නොවී සංයමයෙන් බලන්න.. ටිකක් යනකොට ඇත්ත පෙනෙයි… උඹට ඔය කතාව කියපු එකාගෙන් අහපන් කව්ද ඌට කිව්වෙ.. ඒ කියපු එකාගෙන් අහපං කවුද ඌට කිව්වෙ.. ඔය පුරුක් 2-3ක් යනකොට අහුවෙනව FB එකෙන් දැක්ක.. රාවයක් ගියා කියල…

  6. හාවා says:

    මේක ඇත්ත නං මුංව ඇහේ ඉඳං පට්ට ගහන්නෝනෙ .

  7. 77 UNP says:

    සජිත් පේමදාස කියන්නේ අමු මොට්ටයෙක් වගේම බලය නම් කැරට් අලේ පෙන්නලා ඕනෑම අශුචි වලකට දක්කන්න පුළුවන් වෘෂභයෙක්. බටහිර බලවේග ආණ්ඩුව අවුලකට දමන්න කරණ උත්සහයක්. අපට ආපහු කිසි දිනක තොලොන්චිවෙලා ගිය යහපාලන කාලකන්ණි අවශ්‍ය නැත.

    • බෙර හඬ says:

      පුදුමේ කියන්නේ ඔය යූ. ඇන්.පී පක්ෂයේ සජිත්ට වඩා මොකෙක්වත්ම නායක කමට නැතිවීමයි. තරුණ නායකත්වය යනු සජිත් පමණමද? මින් පෙනෙන්නේ එම පක්ෂයේ ගරා වැටීමේ තරමයි.

      • හර්ෂණ says:

        තරුණ කිව්වට ,මේකප් දාපු මුණ සුදට පෙනුනට රැවටෙන්න එපා සජිත්ටත් දැන් 54ට ලබලා රාජ්‍ය සේවයේ හිටියනම් ලබන අවුරුද්දේ පැන්ෂන් යනවා .අවාසනවාවෙන් බාගයක් තියෙන්නේ පක්ෂය ඇතුලේ නෙවෙයි පක්ෂයට චන්දෙ දෙන එවුන්ගේ .පක්ෂය ඇතුලේ උගත් බුද්දිමත් මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා නමුත් පාක්ෂිකයන්ගේ බුද්දිය අඩු නිසා උන්ට මතක් වෙන්නේ රණසිංහ ප්‍රේමදාස ගේ පුතාව .එක තමයි සජිත් ප්‍රේමදාසගේ ඇත්තම සුදුසුකම .නැතිනම් ඉතින් මිනිහයි තෙවරප්පෙරුමයි අතර ලොකු වෙනසක් නෑ එකම වෙනස තෙවරප්පෙරුම මිනිස්සු අතර වීමත් සජිත් මිනිසුන්ගෙන් ඈත්වී සිටීමත්

  8. Niru says:

    All former members of parliament except the cabinet ministers are now ordinary citizens. They have no special rights. They should not appear on TV or address any media to express their private views on Corona. If necessary only party leaders should be given this opportunity may be once in 48 hours.
    Too many people are trying to get involved and that should not be allowed

    • Kgs basnayake says:

      Exactly correct.
      In this situation we need to implement strict rules how come ordinary these ex mps spread false agenda and threaten the government.
      Media should be aware on this.

  9. අන්​දි says:

    මොකක්ද ඕයි! මේ දේශපාළුවෝ කියන උන්. මුන්ට බල කෑදර කමට එහා දෙයක් නැද්ද. අනෙක් එකාගේ කකුලෙන් ඇදලා වට්ටලා රට පල්ලෙහාට අදිනවා ඇරෙන්න විප්ක්ශයේ උන්ට වැඩක් නැතිද?, එකතු වෙලා ර​ටක් වශයෙන් ඉදිරියට යන්න බැරිද?

  10. Lol says:

    Not sure what unp and others r planing, but citizens want this. For our safety.

  11. Kgs basnayake says:

    Correct.
    This is what they are going to do.
    Unp
    Tna
    jvp
    Rilasiri and gang

    And kindly be careful and cautious about countrys security.

    They will do whatever to destabilise country

  12. Chinthana says:

    We Need to Work…. We need to have commodity Productions… We need to have training & Education…We need to sell commodities…. We need daily Income.. We need to have national policy & very respectable Heath policy to prevent Covid-19 from our country. This is called as balance economy…

  13. Duka says:

    රටට ආදරේ නම් චන්දේ පැත්කින් තියලා මේ අවස්තාවේ සහයෝගයෙන් වැඩ කරන්න ඔනනේ මුන්ට රටට හෙන ගහල ගියත් බලයට තමයි එන්න ඕන

  14. Rasika says:

    එතකොට දැන් GMOA ත් ආණ්ඩු විරෝධීද ? ඔහේගේ ලොක්කා වීරවංසත් කියලා තිබුණා නේද ? හැම එකටම කුමන්ත්‍රණ කියන කොට මිනිස්සුන්ට එපා වෙනවා .

  15. Dilani says:

    මාස 4න රාජපක්ෂලා රටට කල දේවල්  අක් 9ක් විදේශයට වික්කා, හම්බන්තොට වරයා හා මත්තල ගුවන් තොටුපොල චීනෙට දුන්නා, මීගමුවේ කඩොලාන ගිනි තිබ්බා, ඩොලර් එකට හොද අගයක් දුන්නා, විල්පත්තුවේ අක්කර 100ක් සුද්ද කර කෝමාරිකා දාන්න විදේශ සමාගමකට දුන්නා, පස් වැලි බලපත්‍ර ජාවාරම් කරුවන්ට දී පරිසරය විනාශ කළා , මිලියන් 300ක් වියදම් කර මහින්දගේ කාර්යාලයට ලි බඩු ගත්තා ච්චි පුතාට හොර උපාදියක් දුන්නා , බඩු මිල අහස උසට නැග්ගුවා, වැරදි කරුවන් බෝම්බ කරුවන් නිදැල්ලේ තියා විරුද්ද වාදීන් හිරේ දැම්මා, තමාලට ඇති සියලුම නඩු ඉවත් කර ගත්තා, ඉරා දානවා කියූ MCC ගිවිසුම නැවත ගේනවා . කොහොමද මාස 4නට කර ඇති වැඩ ගොඩ , ඔහොම හිටපල්ලා තව වසර 4 මාස 8 ක් තියනවා මේක සොමලියාවක් කරන්න මිනිස්සු පාරේ මැරිලා වැටෙන කලේ වැඩි ඇතක නැත , පාසල් නොගිය කුඩු කසිප්පු ගහන කාලකන්නි බයියන්ට වහලුන්ට මේවා නොතේරේ මොකද උන්ගේ මොළ කරවෙලා තියෙන්නේ 

    • janaka says:

      පාසල් නොගිය ,කුඩු ගහන ,බයිලා අහන බයිලා කියන ඒ බයිලා වලට ඩ්‍රම්ස් ගහන ගෑනු කලබ්වල නටපු බක්සයිඩ් කතා කරන ගෑනු මිනිස්සු පිම්පියෝ නළුවෝ ඉන්නේ unp එකේ කියන එක මුළු රටම දන්නවා .හිතින් මවාගත් බොරු ලැයිස්තුවක් සාදාගෙන පොහොට්ටුවේ බලය අඩුකරන්න තමුන් වගේ බටහිර කුමන්ත්‍රණ කාරයන්ට බෑ. මහජනතාව ඔය බොරු වලට හසුවූ කාලය අවසානයි .දැන් කොරියාවට හා ඉතාලියට unp හිටපු ඇමැතියන්ගේ අනුග්‍රහයෙන් යවන ලද ලුම්පන් හැත්ත දමාගෙන නටන්න ගිය නාඩගම අපි දැක්කා .කොරෝනා රටපුරා පතුරුවා එහි වගකීම රජය මත පැටවීමටත් එමගින් බලයට ඒමට කරන එජාප සජිත් /රනිල් පාර්ශව හා TNA,jvp නින්දිත උත්සාහය හෙලා දකිමු .

  16. david milibanda says:

    If this happen, the next step must be a military takeover & quarantine all these buggers from both sides of the well for (04) years and that includes Mahinda as well.
    Gota can run the Country with the tri-forces.

    • ජනක says:

      අනිවාර්යෙන්ම රටේ බහුතරයක් කැමතියි එවැනි වැඩ පිළිවෙලකට .උගත් බුද්දිමත් වුර්තිකයන් /හමුදා නිලධාරින්, දක්ෂ දේශපාලනඥයන් කිහිපදෙනෙක්ගෙන් සමන්විත සභාවක් /ඇමති මණ්ඩලයක් සහිත එක පක්ෂ පාලනයක් ඉතාමත් හොඳ අදහසක් .අපගේ අසල්වැසි තායිලන්තයේ නිරතුරවම මෙවැනි දේ සිදුවෙනවා එහි කිසිම වරදක් නෑ .කිසියම් නරක පාලකයෙක් (උදා යහපාලනය වැනි )රට විනාශ කරන හැම අවස්ථාවේදීම එහි දේශප්‍රේමී හමුදා නායකයන් රටේ බලය සියතට ගන්නවා පසුව ප්‍රජාතන්ත්‍රවාදිව චන්දයක් පවත්වා බලය නැවත දේශපාලකයන්ට ලබාදෙනවා .යහපාලනය වැනි රට විනාශ කරන රට පවල දෙන ආණ්ඩු තායිලන්තයේ ඇතිවෙන්නේ නැත්තේ අන්න ඒ හේතුව නිසා .එවගෙම තායිලන්තය අද දියුහු රටක් වෙලා තිබෙන්නේ ඒ හේතුව නිසා

Main News