LTTEය වල දැමූ රත්තරන් ගොඩ ගන්න ගිහින් අමාරුවේ…

March 19, 2019 at 2:06 am | lanka C news
LTTEය වල දැමූ රත්තරන් ගොඩ ගන්න ගිහින් අමාරුවේ…

වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමනලද රත්තරන් ගොඩ ගැනීමට උත්සහ කරන ලද සැකකරුවන් 05 දෙනෙකු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වව්නියාව මහෙස්ත්‍රාත් නස්මීන් ෆවුසර් මහත්මිය නියෝග කොට සිටියාය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති වරයාට හා තවත් කොස්තාපල් වරයෙකුටද සැකකරුවන්ට උදව් කලේයැයි චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් විනය පරික්ෂනයක් පැවත්වීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති අතරම මේ වන විට පොලිස් ස්ථානාධිපති වරයාට මුලතිව් කොට්ඨාශයටත් කොස්තාපල් වරයාට මන්නාරම් කොට්ඨාශයටත් ස්ථාන මාරුවීමක් ලබා දී ඇත.

මේ අතර රත්තරන් ගොඩ ගැනීම සඳහා භාවිතා කෙරුනු ජංගම දුරකතන 09 ක් , මෝටර්රථයක් , රත්තරන් ගොඩ ගැනීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,892 Viewers
Main News