LTTE ආයුද තොගයක් හමුවෙයි.. හඳුනා නොගත් බෝම්බත් ඒ අතර…

December 3, 2018 at 5:30 pm | lanka C news
LTTE ආයුද තොගයක් හමුවෙයි.. හඳුනා නොගත් බෝම්බත් ඒ අතර…

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුලු යුද උපකරණ රැසක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කියා සිටියහ.

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්ගේද සහය මත පුදුකුඩිඉරිප්පු පොල්ස් වසමට අයත් සුදන්තිරපුරම් රක්ෂිතයේ අදාල යුද උපකරණ තොගය සොයාගෙන ඊයේ (02) දින නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

එහිදී සුදන්තිරපුරම් ප්‍රදේශයේදී වලදාමා තිබීයදී ගොඩගත් යුද උපකරණ අතර ,

‘ ටී .56 උණ්ඩ 2250ක්, කාලතුවක්කු උණ්ඩ 6 යි, ආර්.පී.ජී. උණ්ඩ 3යි, අත් බෝම්බ 2යි, දුම් බෝම්බ 2යි, අරුල් බෝම්බ 03යි, 120 උණ්ඩ එකයි, 120 ෆියුස් 3යි, මිලිමීටර් 40 මෝටාර් උණ්ඩ 1යි, පුද්ගලනාශක බිම් බෝම්බ 1යි, ටෝපිඩෝ උණ්ඩ එකක් සහ හඳුනා නොගත් බෝම්බයකුත් ඒ අතර වන බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ උපපොලිස් පරික්ෂක කීර්තිරත්න ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් හමු වූ කොටි යුද උපකරණ තොගය මුලතිව් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,867 Viewers

6 Comments to “LTTE ආයුද තොගයක් හමුවෙයි.. හඳුනා නොගත් බෝම්බත් ඒ අතර…”

  1. habeeb says:

    අප්පට සිරි…මගින්ද මහත්තයට අතුරු තහනම් නියෝගය ලැබුණා පමනයි..කොටි නැගිට්ටා

    • නුවන් says:

      මිහරකෝ මේක පරණ නිව්ස් එකෙක් මේ සිද්දිය සිදුවුනේ පෙරේදා
      හැබැයි අද අධිකරණයේ මේ තීන්දුව ලබෙනබව පෙරේදා රවී කරුනානායකයා කිව්වේ කොහොමද කියල හොයල බලන්න ඕනා

      • James Bond says:

        Bond Scam money 💰 is paid to all the legal cronies in Sri Lanka 🇱🇰. We should not be surprised if they deny voting rights.

  2. Desha diyani says:

    Wake up Srilanka,
    Jathi agam pata amathaka Kara nagee sitimu koti thrasthavadaya madeema venuven.
    Ranil rata kaloth nupan puthunne numbalata ratak
    nathivevi.
    Nopenena heta hari kaluwarai!
    As Arala balapalla, molen hithapalla minisune me rata kohatada Yanne?

    • Subupu says:

      Gon musalaya marage gotage hal kali me thiyala DUWANA kunugodawal walata bayawela koti nagitala kiyala gon moda chun denna epa . Lajja nathi lama Rajapakse marathon wada lokuyi kiyala parana up ahaha a weans karanna wenawamayi

  3. LION says:

    දැන් ඉන්න හමුදා නායකයන් අස්කර රටට ජාතියට ආදරය කරන අය පත් කල යුතුය

Main News