LTTE ජීව මෝටාර් බෝම්බ තොගයක් හමු වෙයි

March 28, 2018 at 5:30 pm | lanka C news
LTTE ජීව මෝටාර් බෝම්බ තොගයක් හමු වෙයි

යාපනය කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සිංවිධානය විසින් වල දමන ලද මෝටාර් බෝම්බ 12ක් ඊයේ (27) සවස ගොඩගත් බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.

පසුගිය 26 වනදා පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් වැලි ගොඩදැමීමට ගොස් ඇති අතර එම පිරිස් විසින් වැලි ගොඩදාන අතරවාරයේ පොළව යට තිබී මෝටාර් බොම්බ 5 ක් මතුව තිබී ඇති අතර පසුව ඒ බව කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව දමා ඊයේ දින පොලිස් විශේෂ කාර්යා බලකා සෙබලුන්ගේද සහය ඇතිව අධිකරණ නියෝගයක් මගින් එම ස්ථානයේ කරන ලද සෝදිසි කිරීම් වලදී මිලිමීටර් 81 වර්ගයේ ජීවි මෝටාර් උණ්ඩ 12 ක් හමු වී ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙසේ වල දමන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කර සිටියි.

ගොඩගත් මෝටාර් බෝම්බ තොගය අධිකරණ නියෝගයක් මගින් විනාශ කර දැමීමටද යාපනය පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views

One Comment to “LTTE ජීව මෝටාර් බෝම්බ තොගයක් හමු වෙයි”

  1. lion says:

    මේකේ පින්තූරයක් සෞදි ඔටු කුමාරයාට යවමු

Main News