LTTE මෝටාර් උණ්ඩ හමු වෙයි…

August 26, 2018 at 5:30 pm | lanka C news
LTTE මෝටාර් උණ්ඩ හමු වෙයි…

යාපනය නෙල්ලියඩි හා කයිට්ස් පොලිස් වසම්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් සගවා තබන ලද මෝටාර් උණ්ඩ 11 ක් වලදමා තිබියදී සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නෙල්ලියඩි තුන්නාලෙයි නැගෙනහිර  ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ 5 ක් වලදමා තිබියදී ඊයේ (25) දින සොයාගෙන ඇති අතර පසුව ලැබුනු තොරතුරකට අනුව ඊයේ දින කයිට්ස් ප්‍රදේශයන්හි කැලෑවක වලදමා තිබූ මොටාර් උණ්ඩ 6 ක්ද පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41 views
Main News