LTTE සාමාජිකයෙකු ආයුධත් තොගයක් සමග අත්අඩංගුවට…

January 21, 2019 at 12:00 pm | lanka C news
LTTE සාමාජිකයෙකු ආයුධත් තොගයක් සමග අත්අඩංගුවට…

කිලිනොච්ය පලෙයි ප්‍රදේශයේදී ගිනිඅවි, පතුරම් සහ කඩු තොගයක් සමගි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඊයේ (20) දින ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල සැකකරු පලෙයි ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමීපයේ ගිනි අවි 04 ක් සහ පතුරම් 126 ක් තිබීහමු වී ඇත.

මේ අනුව සොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කු එකයි ගල්කටස් වර්ගයේ තුවක්කු දෙකයි,  පිස්තෝලයක් සහ කඩු දෙකක් තිබී හමු වී ඇති අතර අදාල සැකකරු හිටපු කොටි සාමාජිකයෙකුද වන අතර ඔහු පුනුරුත්තාපනය වූ සාමාජිකයෙකු බවටද ත්‍රස්තවිමර්ශන නිලධාරීන් විසින් අනාවරනය කොට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරන අතර වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

75 views

12 Comments to “LTTE සාමාජිකයෙකු ආයුධත් තොගයක් සමග අත්අඩංගුවට…”

  1. Nikama says:

    Ranil is a CIA agent. So are many UNPrs. They want to give our Trinco Port to USA, Palaley to India to counter our best friend China.

    May he drop dead with all his UNP MPs

Main News