‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඇරඹෙයි….

December 15, 2020 at 2:31 am | lanka C news
‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඇරඹෙයි….

දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සුවිශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් එමගින් දේශීය නිෂ්පාදන සඳහා ‘Made in Sri Lanka’ සන්නාමය ලබාදීමටත් ගුණාත්මක තත්ත්වයෙන් යුත් දේශීය නිෂ්පාදන දෙස්-විදෙස් වශයෙන් අලෙවි කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමටත් නියමිත බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ (14) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැති ‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ සුවිශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් හැටියට ජාතික වශයෙන් වැදගත් වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ තමයි ‘Made in Sri Lanka’ යන සන්නාමය මේ රටේ දේශීය නිෂ්පාදකයන්ගේ, ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනවලට ලබා දීම සහ ගුණාත්මක තත්ත්වයෙන් යුතු එවැනි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීම.

ඒ අනුව හෙට (15) දින සවස 7:00 ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රය තුළ පවතින නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ ක්‍රියාන්විතය එළිදැක්වීම සිදු කිරීමට නියමිතයි. මෙහිදී අපි විශේෂයෙන් සලකා බලනවා ‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඩිජිටල් මාධ්‍යයෙන් නිර්මාණය කෙරෙන කටයුත්තක් බවට පත් කෙරුමට. 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගන්නා නිෂ්පාදනයකට ‘Made in Sri Lanka’ සන්නාමය එක් වර්ණයකිනුත් 70%ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට එම සන්නාමය වෙනත් වර්ණයකිනුත් 50% හෝ ඊට අඩු දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට තවත් වර්ණයකිනුත් මෙම සන්නාමය ලබා දීම සිදු කිරීමට නියමිතයි. එය සඳහා පිළිගත් විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ කමිටුව හමුවට ඉදිරිපත් කරන දේශීය නිෂ්පාදන පිළිබඳ තීරණ ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

‘රට පුරා දිවෙන යාන්ත්‍රණයක්’

අපි හෙට මෙම ක්‍රියාන්විතය ඇරඹීමේදී සංකේතාත්මකව එවැනි නිෂ්පාදන දහයකට ‘Made in Sri Lanka’ සන්නාමය ලබාදෙනවා.නමුත් එම ක්‍රියාදාමය ඉදිරියට යන්නේ ඉහත විශේෂඥ කමිටුවේ නිර්දේශය සහිතවයි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම අදාළ නිලධාරියෙකු සිටිනවා. ඔවුන් දැනටමත් තම බල ප්‍රදේශය තුළ සිටින දේශීය ව්‍යවසායකයන් හා ඔවුන්ගේ නිෂ්පාදන මොනවාද, ආදී දත්ත එකතු කරගනිමින් සිටිනවා.

‘Made in Sri Lanka’ වෙබ් අඩවිය

එම දත්ත උපයෝගී කර ගනිමින් දේශීය නිෂ්පාදන පිළිබඳව අවබෝධය ලබා දෙන, කෙලින්ම අදාළ නිෂ්පාදකයා සම්බන්ධ කරගත හැකි, ඒ හරහාම ගැනුම්කරුවාට අතරමැදියෙකුගේ දායකත්වයෙන් තොරව ඉහත නිෂ්පාදන මිලදී ගත හැකි සුවිශේෂී වෙබ් අඩවියක් madeinsrilanka.org නමින් නිර්මාණය කිරීම ද අපි අරඹා තිබෙනවා.

Made in Sri Lanka අලෙවිසැල් ජාලයක්!

රට පුරා පමණක් නොවේ, විදේශ රටවලත් Made in Sri Lanka අලෙවිසැල් ජාලයක් පිහිටුවීමටත් මේ ක්‍රියාන්විතය යටතේ අපි කටයුතු කරනවා. මේ සඳහා කැමැත්ත තිබෙන, ඇති හැකි පෞද්ගලික අංශයේ පිරිස්වලට මෙම Made in Sri Lanka අලෙවිසැල් ජාලය පවත්වාගෙන යාම සඳහා අපි ඇරයුම් කරනවා. එම අලෙවිසැල් ජාලයට දේශීය නිෂ්පාදකයන් හා දේශීය නිෂ්පාදන යොමු කර දීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සිදුකෙරෙනු ඇති.

දේශීය නිෂ්පාදකයන්ට වෙළෙඳ දැන්වීම් සඳහා විශාල පිරිවැයක් යෙදීමට බැහැ. ගුණාත්මක බවින් යුත් දේශීය නිෂ්පාදන පවා බහුජාතික සමාගම් සතු ‘වෙළඳ දැන්වීම් බලය’ හමුවේ මෙරට වෙළඳපොළ අවකාශය අත්පත් කර ගැනීමට නොහැකිව අසරණ වන අවස්ථා බොහෝයි. ඒ අයට ඔවුන් හමුවේ පවතින මේ අභියෝගය ජයගැනීමට රජයක් හැටියට දිය හැකි උපරිම සහයෝගය ලබාදීම සඳහායි මෙම ක්‍රියාන්විතය හෙට සිට ඇරඹෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා, මෙම ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ 2021 මැද භාගය වනවිට අංගසම්පූර්ණ මට්ටමකට රැගෙන ඒමට ”

මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

41,572 views

10 Comments to “‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඇරඹෙයි….”

  1. අජානීය ඉස්කූටර් says:

    නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීලා කියන්නෙ ඇත්තද විමල් අයියේ ?

    • ක්‍රිමිනල් says:

      වීරමංකීට කැටයා එකයි දුන්නේ ; දැන් රටම වික්කත් මීක් සද්දයක් නෑ , මෝඩ පහේ බෛයන්ගේ තවත් කාර්ඩ්බොර්ඩ් දේශප්‍රේමීයෙක්.

  2. සපුමල් says:

    Made in Sri Lanka කියල චීනයෙන් බාල රෙදි ආනයනය කරල කර්මාන්ත අමත්‍යංශයේ නිලධාරීන් හා SLITA ආනයනයෙ නිලධාරීන් ට අල්ලස් දීලා පාසල් නිල අදුම් රෙදි හා ත්‍රිවිධ හමුදාවට ,පොලිසියට නිල අදුම් රෙදි බෙදා දෙයි.
    ලේබල් එක made in Sri Lanka .

  3. Open mind says:

    ධම්මික පැණියට වගේ ප්‍රමිතිය බලන්න බටහිර පර්යේෂණ ඕනෑ වෙයි දැයි බලන්න.

  4. ක්‍රිමිනල් says:

    ඔකේ ධම්මික පැණියත් ඇඩ් කරලා ප්‍රමොට් කලොත් නරකද ? 😂😂😂😂😂

  5. ලොලිපොප් මොංගල් says:

    හොඳ අදහසක්. අවංකව ක්‍රියාත්මක කලොත් ඉහල පලදායකත්යක් රටට අැතිවෙිවි

  6. වාහන ආනයනය කොටඋඩ ගිය සංගමයේ ලේකම් says:

    උගත් බුද්ධිමත් උපාධිධාරීන් අතිරික්තයක් සිටින රටක තනිකරම නිෂ්පාදන ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම තුලින් මේක ගොඩදාන්න පුළුවන් කියලා හිතනවා නම් එක ට්යිපිකල් ඇට නැති සවු බයි ලොජික් තමා. හුන්ඩුවක් වගේ මේ රටේ වන සම්පත් වන සතුන් පුරාවස්තු ඔක්කොම රකින ගමන් පරිසර දුෂණයත් පාලනය නිෂ්පාදන ආර්ථිකයක් තුලින් රටේ ණය බර අඩුකරගන්න කොහෙත්ම බැහැ . ඒ මදිවට තාක්ෂණික දැනුම, පේටන්ට් , වගේ දේවල් ගන්න තරම් වත්කමක් නැහැ. කරන්න තියෙන්නේ පුළුවන් තරම් තොරතුරු තාක්ෂණය ,අන්තර්ජතික පුහුණු වුර්තිය සේවා, වුර්තිය ශ්‍රමික අපනයනය වගේ දේවල් වලට යොමු වීම. පුස් බය්සිකලයක් හරියට හදාගන්න බැරි රටේ බෙන්ස් හදන්න කල්පනා කරනවා.

  7. Kandy Whip says:

    Good initiative. But minister should lead from front by giving right examples such as
    Minister to use locally assembled vehicle
    Minister should wear made in Sri_lanka clothes and shoes
    Minister to use locally manufactured hair gel etc
    Minister should drink locally manufactured drinks and food
    If minister can do these then he is serious about in making made in Sri_lanka brands

Main News