‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…

January 20, 2021 at 5:30 pm | lanka C news
‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උඳුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.

ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි සහ එහි නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න යන මහත්වරුන් සිය නව නිෂ්පාදන සාම්පල රැගෙන 73/1, ගාලු පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා පවසා සිටියේ මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කර, කඩිනමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ය.

අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂමන් විතානච්චි මහතා,

“කර්මාන්තකරුවාට නිරන්තයෙන් අතදෙන අමාත්‍යවරයෙකු ලෙස විමල් වීරවංශ මැතිතුමා අප හඳුනාගෙන සිටිනවා. ඒ නිසයි අපගේ නව නිෂ්පාදනයේ සාම්පලය ද සමගින් අද එතුමන් හමුවූයේ. මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් සොයා බැලූ ඇමතිතුමා අපගේ නිෂ්පාදනය ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරනු ලැබුවා.

අප මුලින්ම සිදු කළේ ගෑස් උඳුන් මෙරටට ගෙන්වා අලෙවි කිරීමයි. පසුව උපාංග පිටරටින් ගෙන්වා එකලස් කර වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තා. ආනයනික සීමා පැනවීමත් සමගම උපාංග ලබා ගැනීමේ දුෂ්කරතා පැන නැගුණා. අප එම තත්වය හමුවේ ගෑස් උඳුන්උපාංග අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පළමුව නිපදවනු ලැබුවා. පසුව ඒවා යොදාගෙන අවශ්‍ය උපාංග නිපදවීමට පියවර ගත්තා. අද වන විට ගෑස් උඳුන් බර්නරය ද අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට කටයුතු කරමින් සිටිනවා. දැනට පිටතින් ලබා ගැනීමට සිදුව ඇත්තේ ‘ලයිටරය’ පමණයි.

මේ සියලු උපාංග නිෂ්පාදනය අපගේ නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න මහතාගේ මග පෙන්වීම මතයි සිදුවූයේ. හෙට දිනයේ දී ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ මේ රටේ පාරිභෝගික ජනතාවට ආනයනික ගෑස් උඳුන් හා සම තත්වයේ ගුණාත්මක බවින් යුත් ගෑස් උඳුන් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

87,917 views

27 Comments to “‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…”

  1. sunimal says:

    රාවන යුගයක් නැවත

  2. sunimal says:

    රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ “දඩු මොණර” යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ “හෙළයන්” ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,ලoකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.

  3. Ravana parapura says:

    බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.
    පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්ය.

  4. sun says:

    Well done. We have to start from somewhere, then only we see the issues and apply our problem solving skills. Go ahead and tackle whatever.

Main News