‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…

January 20, 2021 at 5:30 pm | lanka C news
‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උඳුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.

ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි සහ එහි නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න යන මහත්වරුන් සිය නව නිෂ්පාදන සාම්පල රැගෙන 73/1, ගාලු පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා පවසා සිටියේ මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කර, කඩිනමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ය.

අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂමන් විතානච්චි මහතා,

“කර්මාන්තකරුවාට නිරන්තයෙන් අතදෙන අමාත්‍යවරයෙකු ලෙස විමල් වීරවංශ මැතිතුමා අප හඳුනාගෙන සිටිනවා. ඒ නිසයි අපගේ නව නිෂ්පාදනයේ සාම්පලය ද සමගින් අද එතුමන් හමුවූයේ. මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් සොයා බැලූ ඇමතිතුමා අපගේ නිෂ්පාදනය ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරනු ලැබුවා.

අප මුලින්ම සිදු කළේ ගෑස් උඳුන් මෙරටට ගෙන්වා අලෙවි කිරීමයි. පසුව උපාංග පිටරටින් ගෙන්වා එකලස් කර වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තා. ආනයනික සීමා පැනවීමත් සමගම උපාංග ලබා ගැනීමේ දුෂ්කරතා පැන නැගුණා. අප එම තත්වය හමුවේ ගෑස් උඳුන්උපාංග අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පළමුව නිපදවනු ලැබුවා. පසුව ඒවා යොදාගෙන අවශ්‍ය උපාංග නිපදවීමට පියවර ගත්තා. අද වන විට ගෑස් උඳුන් බර්නරය ද අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට කටයුතු කරමින් සිටිනවා. දැනට පිටතින් ලබා ගැනීමට සිදුව ඇත්තේ ‘ලයිටරය’ පමණයි.

මේ සියලු උපාංග නිෂ්පාදනය අපගේ නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න මහතාගේ මග පෙන්වීම මතයි සිදුවූයේ. හෙට දිනයේ දී ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ මේ රටේ පාරිභෝගික ජනතාවට ආනයනික ගෑස් උඳුන් හා සම තත්වයේ ගුණාත්මක බවින් යුත් ගෑස් උඳුන් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

87,925 views

27 Comments to “‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…”

  1. Jehan says:

    Great. This we must all help to promote. Only unpatriotic traitors will talk against made in Sri Lanka products. I will buy it at the first date it’s available as my present made in Malaysia gas cooker is so horrible.
    If we are to compete in this segamt
    The product must
    1)last longer than other products
    2)burner should consume less gas
    3)have two and three burner options
    4)have several colors.
    5)make professional cooking burners
    6)make cheaper Ovens
    7)product must be better than Indian, Malaysian, Chinese products
    8)introduce safer gas connector pipe options rather than using plastic tube

    • Hose says:

      One thing you forgot to write. “Given to people free of charge”. (Sri Lanka people everything asking free from government.)

    • RAW Agent says:

      what a great idea…
      what a nice citizen

    • Nuwan Wickramasinghe says:

      Agreed with you. We should not manufacture replicas. The products must be last longer and use better raw materials than Chinese and Indian products. Then we might get international orders as well. Like we have good name on Made in Sri Lanka garments, we can buil a good brand names for these kind of products as well. Good luck. All the best, I shall buy these products.

  2. Upul Attanayake says:

    this is good news.
    Congratulation !!!!!!!!!!!!!!!!!!!!!!
    good work ……………feel great

  3. Duminda says:

    Ethama hoda deyak hemotama ganna b
    Puluwan widihata sadarana mudalakata denna

  4. saman says:

    දැන් ඉතින් කට්ටිය නැවු පිටින් මේවා ගෙන්වයි. රේගුවේ ඉන්න හොරු ටික පගා ගහල බදුත් නැතිව ඔක්කොම එලියට දමයි.

    ස්රුන්ගලෙත් චීනෙන් ගෙන්වන රටක් වුනු සිරි ලංකාවට හරියන්න නම් මේ රේගුවේ ඉන්න හොරු ටික නැති කරන්න ඕනේ..

    ලංකාවේ නිපදවන සෑම දෙයකටම ඉන්දියාව වගේ “ආනයන කලොත් ” බදු පැනවීමක් කරන්න ඕනේ

    • සමන් කියන ලිං ගෙම්බා says:

      සමන් දන්නවද රේගුව කරන්නනේ රටේ තියෙන නීථි ක්‍රියාත්මක කරන එක කියල. මේ රටට හැම දෙයක්ම වගේ ආනයනය කරන්න පුළුවන්. තහනම් නැහැ. WTO contracting party එකක් විදියට අපිට ආනයන තහනම් කරන්න අමාරුයි.

      දැන් gas cooker වලට tax නැහැ. PAL විතරය් තියෙන්නේ. එක නිසා import cost එක අඩු .

      සමන් මොනවද ඉම්පෝර්ට් හරි එක්ස්පෝර්ට් හරි කරලා තියෙන්නේ

      • සමන් says:

        …මේ …මේ…මම.. ඉම්පෝට් කලේ ටොං පච තමයි ඉතින් 😩😭

  5. ටින් ටින් says:

    දැන් ඉතින් ලංකාවේ හදනවා නම් චිනෙන් ඉන්දියාවෙන් ගෙන්වන එක අනාගතෙත් නවතා දැමීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. නැත්නම් අඩු මිලට බාල බඩු ගෙනත් මේ දේශීය නිෂ්පාදකයා නන්නත්තාර වෙයි

  6. Dp says:

    This is the good side of Corona..with limited imports People have started to manufacture..govt should encourage entrepreneurs

  7. නිලන්ත says:

    අද ගෝටාටත් වඩා සාර්තකම පුද්ගලයා ධම්මික බාස්උන්නැහේ. බදාම සෝද ගත් කල ජනාධිපතිකමටක් සුදුසුයි. හැම ඇමතියෙක්ම ගෝටා ගැන නොකිව්වත් ධම්මිකට කඩේ යනවා. විස්සයි විස්සේ ලංකාවේ Man of the year.

    • ක්‍රිමිනල් says:

      නිලන්ත වගේ නිලමැස්සන්ට ඕනෙ ගූ ගොඩක්ම තමයි
      හොඳ නිවුස් එකක කමෙන්ට් එකකින් හරි පහරන්න තමයි නිලමැස්සාට ඕනෙ

      • නිලන්ත says:

        ක්‍රිමිනල් උඹ රස්සාවක් නොකර බැසිල්ගේ අගු පිලේ වැටිලා කුලියට කහින අපතයෙක්. උඹ කතා කරන්නේ සල්ලි වලට අපි කියන්නේ හදවතින්. උඹලා රට රවට්ටලා ගොඩ යයිද? උඹට වඩා මට බැසිල් සලකන බව මතක තියා ගනින්.

        • නිලමැස්සා says:

          අපි හැමදාම ගූ ගොඩේම තමයි.
          ඒ මදිවට දාර බේගල්.

    • Silva says:

      NILANTHA ,,WAGE APATHAYO EKEKWATH NATHI UNOTH,,SJB, JVP, DESAPALANA PAKSA.
      DEKAMA NATHI WENAWA, E NISAA,.,.OYA NARUMAINTA DOS KIYANTA EPAA,

  8. kamal says:

    විමල් මහත්තයා ගේම ගහගෙන යනවා. කකුලෙන් අදින එවුන්ට ඇපත් නෑ. ජයවේවා!

  9. Nalaka says:

    මට නම් නිකං දුන්නත් එපා… මැලේසියන් ඒවා ඔයිට වැඩිය හොඳයි.

  10. Tharanath says:

    innovex eken danatamath gas burners lankawe hadala wikunanawa, meka nemei first made in Sri Lanka gas burner eka

Main News