‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ජනගත වෙයි….

December 17, 2020 at 2:14 am | lanka C news
‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ජනගත වෙයි….

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්‍ය විමල් මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ 2020 දෙසැම්බර් 15 වැනිදා සවස 7:00ට සුබ මොහොතින් ජනගත විය.

ඒ සුවිශේෂ අවස්ථාව කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රය තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී Made in Sri Lanka සන්නාමය, වෙබ් අඩවිය හා තේමා ගීතය ද එළි දැක්විණි.

මෙහිදී ස්වදේශීක ව්‍යවසායකයන් 10 දෙනකුගේ දේශීය නිෂ්පාදන සඳහා Made in Sri Lanka සන්නාමය ලබා දීම ද සිදු කරමින් එම කටයුත්ත අද සිට ඇරඹිණි. ඉදිරියේදී මෙම වැඩපිළිවෙල සමග බැදුනු තවත් ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය

14,760 views

6 Comments to “‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ජනගත වෙයි….”

  1. Made in lankaa patoyo says:

    Apith made in lankaa bebilaa thamayi patiyo.

  2. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    මුස්ලිම් මරණ අපනයන කරන කොටත් ඔය ලේබලය ගහනවා ද?

  3. SANKA says:

    As long as Sri Lanka, not moving to produce complex productions and value added productions, we can’t over come these economic difficulties.
    We must produce products like , Chemicals, spare parts, electronic components, medical devices Fertilizers, etc. If we can capture part of South Asian market and African markets, that’s good enough. But need a proper plans for short term as well as long terms.
    All these handloom cloths, Batiks etc are good mainly for local market and only small number of over seas buyers will buy from us, but that won’t make sufficient foreign income for us.

  4. saman says:

    රටට ඕනේ මෙ වගෙ වැඩ පිලිවෙලවයි තමයි. හෙමදාම මෙහෙම උත්සව තියලා මේවා ගැන ජනතාව දැනුවත් කල යුතුයි. ගම් මට්ටමින් උත්සව සන්විදානය කල යුතුයි.

  5. nuwan says:

    රටට ඕනේ මෙ වගෙ වැඩ පිලිවෙලවයි තමයි. හෙමදාම මෙහෙම උත්සව තියලා මේවා ගැන ජනතාව දැනුවත් කල යුතුයි. ගම් මට්ටමින් උත්සව සන්විදානය කල යුතුයි.

  6. Seya says:

    I added a comment about “Made in Sri Lanka” facebook page launched in March this year. wiht over 200,000 thousand members and already receiving orders from overseas. Two guys, Krishan and Dumini created this and met with Wimal. BUt wiman officially stoled the concept. Shame on you.

Main News