Mask වෙනුවට Face shield පැළඳීම ප්‍රමාණවත්ද..- රජයෙන් නිවේදනයක්..

June 15, 2021 at 6:20 am | lanka C news
Mask වෙනුවට Face shield පැළඳීම ප්‍රමාණවත්ද..- රජයෙන් නිවේදනයක්..

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් දැක්වෙයි.

Mask එකක් වෙනුවට Face shield එකක් පැළඳීම ප්‍රමාණවත්ද?

කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ!

අපි මුව ආවරණයක් පැලඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා වෛරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීමයි. යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

එනමුත් Face shield එකක් මගින් ලැබෙන ආරක්ෂාව වන්නේ තමාට ආසන්නයේ සිටින කෙනෙකුගේ මුවින් විසිවන විෂබීජ සහිත කෙල බිදිති කෙලින්ම මුහුණ මතට පතිත වීම වැළැක්වීමයි.

තමාට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසූ අවස්ථාවක බිඳිති කෙලින්ම තමාගේ මුහුණ මත පතිත වීම වැළැක්වීම සඳහා මුව ආවරණයකට අමතරව face shield එකක් පැළඳීම අවශ්‍ය නම් කල හැකියි. මීට අමතරව, පැළඳ සිටින මුව ආවරණය මතට බිඳිති පතිත වීම මගින් එය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් face shield එකක් භාවිතා කිරීම අනුමත කළ හැකියි. මෙය විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සමඟ නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලයට මුව ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා උදව් වනවා.

එහෙත් කිසිම විටෙක Face shield එකක් මුව ආවරණයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වන්නේ නෑ. මුව ආවරණයක් නොමැතිව Face shield එක පමණක් පැළදීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිලෙසකත් ලැබෙන්නේ නැහැ.

මේ ගැන සාකච්ඡා කිරීමේදී අවධාරණය කල යුතු තව කරුණක් තියෙනවා. මුව ආවරණයක් පැළඳීම කියන්නේ අප මේ වසංගතයෙන් ආරක්ෂා වීමට යොදා ගන්නා එක් උපක්‍රමයක් පමණයි. මුව ආවරණයක් පැළැඳි පමණින් වුවත් සියට සියයක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

මේ වසංගතය පැතිරීම අවම කර ගැනීමට නම්, මෙවැනි ආරක්ෂණ උපක්‍රම යොදා ගැනීම වගේම, සෙනග ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම හා දෑත් නිතර පිරිසුදුව තබා ගැනීම වැනි දේ එක ලෙසම වැදගත් වනවා.

53,283 views

7 Comments to “Mask වෙනුවට Face shield පැළඳීම ප්‍රමාණවත්ද..- රජයෙන් නිවේදනයක්..”

  1. Gamini senanayake says:

    So why TV stars use this at their programs?

  2. කපුටා says:

    මාස්ක් දමාගෙනම හිටපල්ලා, එතකොට තවත් ටික කාලෙකින් බටහිර දොස්-තරලට පුලුවන් මාස්ක් දමාගෙන ඉදලා පෙනහලු පිලිකා හදපු උන්ගෙ මරන ගනින්න කොරෝනා මරන ගනිනව වගේම. මාස්ක් එකේ ක්ෂුද්‍ර කෙදි (micro fiber) පෙනහලුවලට ගිහින් හදන පිලිකා ඕකුන්ට තවත් ඉල්ලමක් හදල දේවි. කොරෝනාවට බටහිර ප්‍රතිකාර නැති වුනත් මිනිස්සුන්ට දේශිය ප්‍රතිකාර තහනම් මේ රටේ පාලකයා තරම් මෝඩ, කොමිස් වලට පෙරේතයෙක් ලෝකෙම නැහැ. ඕකගෙ පරම්පරාවටම මේ ශාපෙ ඇති.

    • Namal says:

      මාස්ක් දාගෙන හිටියම පෙනහළු පිළිකා හැදෙනවා කියලා කව්ද තොට කිව්වේ? නාථ දෙයියොද? එතකොට කොරෝනා එන්න කලින් ඉඳන්ම දවසේ වැඩි වේලාවක් මාස්ක් දාගෙන හිටපු ඔය ශල්‍යාගාර වල වැඩ කරන නර්ස්ලා දොස්තරලා එහෙම පෙනහළු පිළිකා හැදිලා මැරුනද බොල? ගොනා වුනාට තප්පුලන්න එපා මීහරජෝ.

  3. Boy says:

    ටීවී චැනෙල් වල තමයි ඔහොම කරන්න මිනිස්සුන්ට ආදර්ශය දෙන්නෙ..
    අර චැට්, මේ චැට්චීත්ත චැට්

  4. Sadie says:

    Important: Death rate much too high because contact tracing is slow because too many positive cases and it’s done manually and because the testing facilities are poor and people not encouraged to test and people stay at home with or without symptoms till it’s too late and and die at home or when taken to hospital. Poor treatment too as hospitals are full. Lockdown Restrictions controls not working too … best to put curfew to areas of spread ie Colombo , dematagoda, grandpas , Colombo 3/4, mt Lavinia .. etc where the daily numbers are high !

  5. බිල්ලා says:

    අපි බලාගෙන ඉන්නේ ජනාධිපති සහ උගේ කොමිස් ගහන්න උපදෙස් දෙන උපදේශක රැලයි කොරෝනා හැදිලා මැරිල යනකම්. එතකොට එක රටයි, එක නීතියයි, එක වෛරසයයි ලෝකෙටම පෙන්නන්න. ඒක ඉක්මනින් වෙලා ඉවරවෙයිද එහෙම නැතිනම් ඕකුන්ගෙ පරම්පරාවන් මේ කොමිස් කාරයන්ට ඉස්සරවෙලා ඉවරවෙයිද? තොපිට ශාප වේවා!

  6. Sira says:

    face shield කොමිසම කාටද

Main News