MCC ගිවිසුම දැනටමත් අත්සන් කරලා.. එය ඉරාදමන්න ජනපතිට තනිවම බෑ.. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් දෙන්න..
June 30, 2020 at 9:20 am | lanka C news
ඇමරිකාව සමග MCC ගිවිසුමේ අදියර දෙකක් පසුගිය රජය විසින් අත්සන් කර ඇති බව දැනටමත් අනාවරණය වී අවසන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අදාල ගිවිසුම් සමාලෝචනය කිරීමට පත් කරන ලද කමිටු වාර්තාවේ ඒ බව පැහැදිලිව සඳහන් වී ඇතැයිද ඒ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ඇති තනි බලයෙන් මෙම ගිවිසුම් ඉරා විසි කළ නොහැකි බවත් හොරට හෝ අත්සන් කර ඇත්තේ රටවල් දෙකකට අදාළ ගිවිසුම් නිසා මේවා අහෝසි කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
ඇමරිකා එක්සත් ජනපදය පසුගිය ආණ්ඩුව කාලයේ MCC කාර්යාලයක් අරලියගහ මැදුරේ පවත්වාගෙන ගොස් තිබුණ ද මේ වන විට එය දෙහිවල ප්‍රදේශයේ තැනක ස්ථානගත කර ඇතැයිද ඔහු පැවසීය.
ඒ ඉදිරියේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු බවත් වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක දැවැන්ත බලයක් ලබා දී ගිවිසුමට අහෝසි කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බව ද ඔහු කියා සිටියේය.
හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේ මහමැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.
Mu hithanne lankawe evun kanne punnakku kiyala!!! Mun wage hal paruwo koheda rata hadanne????
මහින්දගේ හොරු ටිකයි, නාකි ටිකයි ඇතුලට යවන්නද කියන්නේ?
Which politicians are relatively more loyal to the country can be decided by observing their past deeds. Vast majority of people in our country has that common sense and perception to decide to whom they should vote ,for the welfare of the motherland. Are they to vote for party who could not save it’s citizens from Prabhakaren’s brutal terrorism. Are they to vote for
politicians’s who could not provide the public security of it’s citizens?Are they to vote for parties who co-sponsored 2015 UNHCR resolution to
harass our war heroes on fabricated allegations? Are they to vote for the parties ,who try to sell our motherland to
foreign powers, like MCC pact? Are the voters in the democratic countries ,who select their patriotic leaders( on observation) are all slaves ?
ආ බං එතකොට සජියගේ ඉන්න ගොබ්බ මල්පොන්නයෝ ටිකට මොකද කරන්නේ?
3n2 tiya 6n5 labunath oya MCC givisuma pohottuwe aanduwen awalangu karanne naha. Mee welawe boruwa samaja gatakarala Chanda goda wedikaraganna balanawa.
පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් ගිවිසුමක් අහෝසි කරන්න පුළුවන් කියලා තියෙන්නේ කොහේද?