MCC බිය දැන් ඉවරයි.. MCC ගිවිසුම ගැන ඇමරිකාව කියූ බොරු මෙන්න…

July 1, 2020 at 3:24 am | lanka C news
MCC බිය දැන් ඉවරයි.. MCC ගිවිසුම ගැන ඇමරිකාව කියූ බොරු මෙන්න…

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

සහශ්‍ර අභියෝගතා සංයුක්ත ගිවිසුම නැතිනම් එම්සීසී ගිවිසුම පිළිබඳ ඇමති මණ්ඩලය පත් කළ සමාලෝචන කමිටුවේ වාර්ථාව දැන් එළි දක්වා තිබෙනවා. ඒ වාර්ථාවට අනුව එම්සීසී සම්බන්ධයෙන් ඩොලර් මිලියන 10ක් දැනටමත් භාණ්ඩාගාරයට ගෙවන්න ගිවිසුම් ගත වෙලා. නමුත් ඒ මුදල් දුන්නා ද? දුන්නා නම් ඒ මුදල් වලට මොකද වුණේ කියා තොරතුරු සැපයීමට භාණ්ඩාගාරය අසමත් වෙලා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය කියන්නේ ඩොලර් මිලියන 480ක එම්සීසී ප්‍රදානයට අදාළව කිසිම මුදලක් ලංකාණ්ඩුවට දීලාත් නෑ, ලංකාණ්ඩුව වියදම් කරලාත් නෑ කියා.

ඒක ඇත්තක් නම් ඇමෙරිකාව විසින් සිදුවීම් දෙකක් පැහැදිලි කළ යුතුයි. 2017 ජූලි 27 දින එම් සී සී ආයතනය විසින් එම්සීසී ගිවිසුම සැකසීමට සහ ව්‍යාපෘති හඳුනා ගැනීමට අවශ්‍ය වියදම් ලෙස ඩොලර් මිලියන 7.4ක් ලබා දීම සඳහා ගිවිසුම් ගත වුණා නේද? මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ එම්සීසී ආයතනයේ කලාපීය නියෝජ්‍ය උප සභාපති ෆාතිමා සුමර් සමග භාණ්ඩාගාර ලේක්ම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග ගිවිසුම අත්සන් කළ ආකාරයයි. මී ළඟට 2018 ජූනි 13 දින එම්සීසී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ කැරලින් න්ගුයෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය සමරතුංග සමග එම්සීසී පෙර සූදානම් කටයුතු සඳහා ඩොලර් මිලියන 2.7ක ප්‍රදානයක් ලබා දීමට තවත් ගිවිසුමක් අත්සන් කරනවා. මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ ඒ ගිවිසුම අත්සන් කළ අවස්ථාවයි. ඇත්තටම ඒ මුදල දුන්නේ නැද්ද? මේ මුදල් දුන්නේ නැතිනම් ගිවිසුම අත්සන් කලේ බොරුවට ද? දුන්නා නම් මේ ඩොලර් මිලියන 10ට මොකද වුණේ?

එම්සීසී ගිවිසුමට අනුව පරිපාලන සහ අධීක්ෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන 32ක් වෙන් කරලා තිබෙනවා. මේ ඩොලර් මිලියන 10 දුන්නේ ඒ ප්‍රතිපාදන වලින් නොවේ නම් ඒවා ලැබුණේ කොහෙන්ද? පළමු ගිවිසුම අනුව මුදල් නොලැබුණේ නම් දෙවන ගිවිසුමක් අත්සන් කරන්නේ නෑනෙ. ඒ් නිසා මුදල් ලැබුණු බවට අපට සාධාරණ සැකයක් තිබෙනවා.

ශක්‍යතා අධ්‍යනයේ දී ලර්න් ඒෂියා සහ වෙරිටේ රිර්සච් වැනි එන්ජිඕ වලටත් හාවඩ් විශ්ව විද්‍යාලයටත් විවිධ වාර්ථා සකසන්න භාර දී තිබෙනවා. මේ මුදල් වැය කලේ ඒවාටද? භාණ්ඩාගාරය නම් මේ මුදල් වැය කලේ මෙම ආයතන තෝරා ගත් පදනමක් තිබිය යුතුයි. මුදල් වැය කළ ආකාරය පිළිබඳ ගිණුම් තිබිය යුතුයි.

ඇමති මණ්ඩලය විසින් පත් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටුව විසින් එම්සීසී ව්‍යාපෘතිය පිළිබඳ ඉතා ගැඹුරු අධ්‍යනයනක් කර තිබෙනවා. ඒ අනුව එම්සීසී ගිවිසුමත් එකී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පිහිටුවන සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියත් රටේ නීතියට පටහැනි බව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමෙන් මතු වන සමාජ, ආර්ථික සහ ආරක්ෂක ගැටළු පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මෙම වාර්ථාවේ අඩංගු වෙනවා. අවසාන වශයෙන් ඇමති මණ්ඩලයට මෙම කමිටුව නිර්දේශ කර තිබෙන්නේ මෙම ගිවිසුම අත්සන් නොකිරීමටයි. එසේ නම් දැන් එම්සීසී ගිවිසුම ඡන්දයෙන් පස්සේ අත්සන් කරන බවට විපක්ෂය ගෙන යන බොරු ප්‍රචාරයට කිසිම පදනමක් නෑ. ඡන්දයට තව මාසයක්ම තිබෙන නිසා දැන් විපක්ෂයට අළුත් බොරුවක් සොයා ගන්න වේවි.

එම්සීසී ගිවිසුම පිළිබඳ මුලින්ම සාකච්ඡා කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමගයි කියා ඇමෙරිකාව කියනවා. ඒක පට්ටපල් බොරුවක්. ලංකාව එම්සීසී ප්‍රදානයකට සුදුසුකම් ලබා ඇති බැවින් ඊට අයැදුම් කරන මෙන් ඇමෙරිකාව දැනුම් දෙන්නේ 2004 පෙබරවාරි 11 දින චන්ද්‍රිකා ආණ්ඩුවටයි. 2005 දෙසැම්බර් 8 සහ 2006 දෙසැම්බර් 7 දින එම්සීසී ආයතන විසින් එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙවරක්ම දැනුම් දුන්නත් 2015 ඇමරිකාණු රූකඩ ආණ්ඩුව බලයට එනතුරුම මහින්ද රාජපක්ෂ ලංකාණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ.

– අරවින්ද අතුකෝරල

40,398 Viewers

24 Comments to “MCC බිය දැන් ඉවරයි.. MCC ගිවිසුම ගැන ඇමරිකාව කියූ බොරු මෙන්න…”

  1. Cim says:

    It is Clear that this has not been signed but the president should promise people not to sign before the election.

    • Vino says:

      ගම්මන්පිල කියන්නෙත් නඩු ඇති කෙනෙක්. කලු සුද්දන්ගෙ රූකඩයක්

      • DOC says:

        කාට නඩු තිබුනත් නැතත් 90,000ක් මරපු ජෙප්පන්ට නඩු නෑ.

    • wijebahu says:

      No point of beating around the bush, what these guys are trying is to drag the topic until end of election. if they get the majority (hopefully not) they will sign it. if we are sincere, its a matter of sending one letter to US embassy saying we dont need this and will not sign it. this is what they promised to get all these votes anyway. all this bullshit patriotism has now become a boomerang for this inept government.

  2. Niru says:

    Americans are no better than the Swiss.
    The main job of the embassy staff is to manufacture while laying traps to catch poor countries

    • Spice says:

      Nothing comes free from the Americans. You scratch my back and I will scratch yours. That’s their policy.

      • Junide says:

        Wrong. Their policy is:
        ‘Scratch my back and I will fu*k yours!’
        Look at all the other countries that are bleeding from their arse after agreeing to usaids.

    • Junide says:

      Both countries are the same. Its like either side of same piece of shit!

  3. ක්‍රිමිනල් says:

    I think this MCC we must sign, we are getting more money.
    Yahapalana governet did correct thing.

  4. ExUNPer says:

    Gammanpila is doing a fantastic job in SL affairs !
    Well done!!

    • ඊරි යකා says:

      බලනකොට පින්ගුත්තර රනිලයයි පොන් ගල් මන් ගල යයි කොලේ වහාලා බූරු ගහලාවගේ

    • Hari says:

      True, as usual, a very good analysis.

  5. Nuwan says:

    ග්‍රීන් කාඩ් දෙනව කිව්වොත් මෙයත් පවුලම යවන්නෙ ඇමෙරිකාවට

    • ක්‍රිමිනල් says:

      ඇයි උඹට දුන්නොත් එපා කියනවද?

    • W A S says:

      ග්‍රීන් කාඩ් අරන් ඇමෙරිකාවට යන එකෙයි, වාසි අරන් උපන් රටෙන් 12% ක් ඉඩම් කුණු කොල්ලෙට ඇමෙරිකාවට විකුණන එකෙයි වෙනස නොතේරෙන එකෙක්. ෂුවර් එකටම ජෙප්පෙක්!

  6. RW says:

    My feeling is also the government will sign the MCC because we need money at this moment . The reason why MR government didnt sign is because nobody is getting a commission.

    • The Citizens says:

      It would be a great consolation to the people ,if he can give that guarantee to the people ,as it would be a very harmful pact to the motherland in many aspects.They should come out
      with new innovative strategies to develop
      the country,rather than try to find easy ways at the expense of country’s
      freedom and independence.

    • ඉත්තෑවා says:

      පච විදින එක කලාවක් නම් ජෙප්පා එහි පිකාසෝ වේ.

  7. Sun says:

    All these western politicians are very tricky and untrustworthy. What they want is money. So they create problem within countries by inducing something. Sometimes they give free things. They get into the communities and create some problems. So they can sell some arms. That is the way they do business. Cannot trust these fellows and even our people are not trust as a result of following western so called democracies. our politicians looted money from the central bank and running away. Now they are back to talk to people as sincere friends.

  8. Roshan says:

    Why Mr. Gammanpila you are the one who said we are not fools to throw away the offer made by USA and 70% of the MCC is good.

  9. ක්‍රිමිනල් says:

    පඩිපෙලේ පෙරකදෝරුවා කිව්වනං පට්ට පල් ඇත්තක් වෙන්නැති , මූ බෛයන්ව විතරක් නෙමෙ මහින්ද රාජපක්ශ වත් ඇන්දුවා නැති අගමැති කමක් පෙන්නලා , අන්තිමට මහින්ද මහත්තයට රෙදි ගලොගෙන අගමැටි කමෙන් ඉල්ලා අස්වෙන්න උනා , අහසේ ඩාටා ගබඩා කරන ගෙම්බෝ !මේ වගේ ගණුදෙනුවක් උනානම් , ශ්‍රී ලංකා මහ බැංකුවේ “මූල්‍ය බුද්ධි ඒකකයට” (FIU) වාර්තා වෙනවා. එහෙම වාර්තා වෙලා නැහැ. ස ගෙ පච කොමිසමම කියනවා , මෙහෙම මුදලක් ගත්තා කියලා ඔප්පු කරන්න කිසිම සාක්ශියක් නැහැ කියලා , ඇමෙරිකාණු රාජ්‍ය තන්ත්‍රය කියන්නෙත් ඒකමයි , එජාපය කියන්නෙත් ඔය කාරණාවමයි.
    කවුරුත් මුදල් ලැබුනා කියලා ,පිලිගන්නේ නැත්තං , කිසිම තහවුරු කල හැකි ලියවිල්ලක් නැත්තං , මේ පඩිපෙලේ පෙරකදොරුවට තියෙන්නේ ,ලිද ලග ගෑණී වගේ මාධ්‍ය ඉස්සරහ බයිලා විදින්න නෙමේ , CID යට පැමිණිලි කරලා තමන්ගේ සාක්ශී පදනම්ව ශ්‍රෙශ්ඨාධිකරණයේ නඩුවක් ගොණු කරන්න , තමන් නියොජනය කරන පාණ්ඩුවෙන් ඒක කරන්න බැරි කමක් නෑනේ !
    බෛයො අන්දන්න කියාපු බඩුව..😂😂😂

Leave a Comment

Main News