MCC සමාලෝචන අවසන් වාර්තාව ජනපතිට බාර දෙයි.. යෝජනාව ඉතා අහිතකර බව කමිටුව කියයි..

June 25, 2020 at 6:48 pm | lanka C news
MCC සමාලෝචන අවසන් වාර්තාව ජනපතිට බාර දෙයි.. යෝජනාව ඉතා අහිතකර බව කමිටුව කියයි..

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණ.

පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ඔහු කීය.

විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නැති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි. නීත්‍යානුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා පැහැදිලි කර ඇත.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව ද ගුණරුවන් මහතා සඳහන් කළේය.

නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට පිළිවන. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ළංඝනය කිරීමකි.

නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බව ද ගුණරුවන් මහතා පෙන්වා දුන්නේය.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ. එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඕව්හු සඳහන් කළහ.

කිසිදු බාහිර පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව මධ්‍යස්ථ වාර්තාවක් සම්පාදනය කිරීමට අවස්ථාව දීම ගැන කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළේය.

සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිතුමා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය‍ ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ.ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

කමිටුවේ අතුරු වාර්තාව පෙබරවාරි 17 වැනි දින ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

34,566 Viewers

23 Comments to “MCC සමාලෝචන අවසන් වාර්තාව ජනපතිට බාර දෙයි.. යෝජනාව ඉතා අහිතකර බව කමිටුව කියයි..”

  1. Darshana abayakoon says:

    දැන් ඉතින් ස තවත් බල බල ඉන්න එකක් නෑ හෙටම ඔක අහොසි කරල දායි.

    • ධනූ says:

      ඔය ගිවිසුමේ බොහොම හුරතල් විදියට ලියපු ඉතාමත්ම බරපතල වගන්ති තියෙනවා, රටක මූලික නීතිය පවා වෙනස්කල හැකි. නමුත් ඉතිහාසයේ කෘමිනාශක පවා හොඳයි කියපු විද්වතුන් වගේ ගිවිසුමට කඩේයන උගත් ලේබල්කාරයෝ ගැන පොදු ජනතාව අවධියෙන්ම සිටිය යුතුයි.

    • AK47 says:

      හෙටම අහෝසි කරලා දාන්න පුළුවන් කොහෙද යකෝ?
      ගිවිසුම දෙපාරක් අත්සන් කරලා ඩොලර් මිලියන 10ක් (ඩොලර් ලක්ෂ 100ක් = රුපියල් ලක්ෂ 18,600ක්) සල්ලිත් අරන් උබලගේ ජෙප්පොයි UNP ජහ පාලුවොයි.

      ගත්ත සල්ලි වලට මොකද වුනේ කියල වාර්ථාවක් වත් නැහැ.
      අනේ උබ වගේ රටට ණය කරුමක්කාරයෙක්!

      • Darshana abayakoon says:

        ඔබතුමා හිතන් ඉන්නේ තාම ජනාදිපති සිරිසේන කියලද? දැන් අපිට කොන්ද පන තියෙන ජනදිපති කෙනෙක් ඉන්නව. ඡන්ද කාලේ කිව්ව වගේ ඔක එක පෑන් පාරෙන් අහොසි කරනව. ඔන්න බලපන් බොරුද කියල.

    • Jude says:

      MCC moda widiyata sign karanna haduwath return eka denawa hombenn yanna.
      As a war defeated leader we gave a marginal win in 2009 for MR and then let him out in 2015. Same way gave big win to GR in 2019. We are aware of all good and bad things and also we know all parties never think about the country since 1948. We dont have a big dreams but we can understand who is bad and who is worst…..never think about good and better with these dirty mind politicians…

    • Wjebahu says:

      If sir is so straight forward send a letter to American ambassador straight away saying we don’t need this. don’t wait until after elections. then we know you are going to sign it anyway.

  2. jehan says:

    අගෝස්තු 5 වෙනකම් කමිටුව අදිමු..
    අගෝස්තු 5න් පස්සෙ අත්සන් කලත් මොකෝ.. ආපහු අවුරුදු 5ක් යනකම් මොනවා කරන්නද ගූන්පී කට්ටිය

    • Boo says:

      “පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව …” මේ comment කරන කවුරුත් දැකලා නෑ වගේ නේ!

  3. helitha says:

    නියමයි සර්.. අපි දන්නවා ඔබතුමා මේ කරන්නෙ මීඩියා ශෝ නොවන බව..
    ඇමෙරිකන් එම්බසියටත් තගක් දාලා ආදාරෙත් ගම්මු සර්
    නැත්තම් අපරාදෙනෙ මේ සල්ලි නැති වෙලාවෙ

  4. සයිබර් නානා says:

    මේ කමිටු යෝජනාව ක්‍රියාත්මක වෙයිද කියල හරියටම දැනගන්න වෙන්නෙ ඡන්දෙන් පස්සෙ තමයි

  5. Lal - Riverside - Deniyaya says:

    He is a Cunning Fox. He will charge the name and sign it.

    Lal
    Chairman of the Walavwa Hotel Deniyaya

    • Boo says:

      It is not a battery to “charge” !

      “පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව …” මේ comment කරන කවුරුත් දැකලා නෑ වගේ නේ!

  6. Anura Gona says:

    කෝ මේ 3% කට්ටිය ? මැරෙන්න හැදුවේ මේක අස්සන් කරනවා කියලා ? රටම දන්නවා උන් එහෙම කියන්නේ උන්ට වෙන කියන්න සටන් පාඨයක් නැතිනිසා කියලා.

    උන් නොදන්නා දේ තමා රටම උන් කව්ද කියලා දන්නවා කියන එක.

  7. පොඩි එකා says:

    ඩොලර් මිලියන 450 ට _ක දෙනවද නැද්ද ? දෙනවා …එක්කෝ ඕන නැහැ…බැංකු ණය ගෙවන්න සල්ලි ත් ඕන..ඉඩම් ටික සුද්දට දෙන්නත් බැහැ.
    කාසියක් උඩදාන්න ස ‘ ඔය කමිටු ඕන නැහැ.

  8. kamal says:

    Ramadev is not sri lankan origin but i say he is Buddhist. he doesn’t believe cunning testing or frequent disaster of cunning fellowship of western medicine. You love your teacher kamal he will give you assure about your policy of not fake cunning philosopher ostar sokaratize caliber cunning hipocratize. but i love his ability of anti virus but anti virus is not maintained thoroughly. because you love cause and effect not cause against another cause or effect. i love hindusm aurvedic medicine only but i admire astrology also. but i never do yoga i do mindfulness or dayana of buddha’s teaching.i say indian should follow mindfulness and yoga both but never touch cunning astrology or auspicious time. now i am tired i am on the earth or sky teacher kiribathgoda gnanandha arhath monk and his obedient servant kamal or diyasena or ajasatta.

  9. Dr.k says:

    අවුලක් නෑ එයාල මාස 6ක්ම අරගෙන මහන්සි වෙලානෙ…කොහොම හරි කමක් නෑ ..වැඩේ නවතිනවනම්… ඒත් ආපහු වෙස්මූහුණක් දාගෙන එයිද දන්නෙ නැ…බලමු..

  10. අඹකුමාර says:

    සල්ලි හොයන්න MCC ගහන්න ඕනේ නෑ.
    අතපත්තුට දවසකට එක ගානේ හෝටල් කාඹර දෙන්න.
    මිනිහ යනකොට නිකම්ම මිලියන 1.5ක් කාඹරේ ලාච්චුවක තියේවි.
    එතකොට අවුරුද්දකට මිලියන 500ක්. සෙල්ලන්ද කොල්ලෝ

  11. Aurora says:

    අපරාදේ දිවිපුදා සටන්කරන්න තිබුණ අවස්ථාව නේද මේ කමිටුව කාල දැම්මේ. පෝස්ටර් වටයකුත් රට පුරා ගැහුවා, නමුත් පක්‍ෂයේ ආර්ථික ශක්තියත් එක්ක බැලුවම ඔය පෝස්ටර්වලට කරපු වියදම ළුණු බිකක්. හිතට අමාරු MCC ගිවිසුම අහෝසි කරන්න දිවිපුදා සටන්කරන්න තිබුණ අවස්ථාව නැතිවීමයි.

  12. ඉක්කා says:

    මේකේ කොන්ත්‍රාත් වගයක් තොරතුරු තාක්ෂණ සන්නිවේදන ඒජන්සිය කෙරුවාලූ නේද?. ඉඩම් සම්බන්දව.

    ජත්‍යන්තර වෙලද අමාත්‍යාංශයටලු එකේ අයිතිය. සල්ලි ගිය ක්‍රමේ ඒජන්සිකරුවන් දන්නවා ඇති.

    හොයල බලන්න.

  13. Sun says:

    This is an american techniques of creating problems round the world by inducing community unrest. Do not trust these fellows. Still we d not know the interior of these people. They are very dangerous. We cannot assess them from the appearance. They are like cruel dogs. Only a foolish man like Mangala cannot see the world well.

  14. isuru says:

    How Gunaruwan can be Economics Professor? His first-degree Physical science, Master’s degree Energy science, and no Ph.D. only two-year Diploma from France. Need full inquiry about this Colombo University dirt Economics Dept’s and its appointments.

  15. ක්‍රිමිනල් says:

    ජනාධිපතිවරණයේ කියපු කතා කොකොහොමද ? MCC ඉරලා විසිකරනවා කිව්වා ,එත් දැන් ? විද්වත් කමිටු පත්කරලා සමාලෝචනය කරනවා ,පස්සේ ජනතාව හමුවට ඉදිරිපත් කරණවලු , වටේ යන්නැතුව , කරුණාකරලා අහොසීකරලා දාන්නකො.

Leave a Comment

Main News