MOH නොදනී.. බාහිර පිරිසක් එන්නත් කරණයේ.. සියයක් පමණ රෝහලේ.. ‘එන්නත් කලේ අප නොවේ’ MOH නිවේදනයක්..

June 30, 2021 at 10:00 am | lanka C news
MOH නොදනී.. බාහිර පිරිසක් එන්නත් කරණයේ.. සියයක් පමණ රෝහලේ.. ‘එන්නත් කලේ අප නොවේ’ MOH නිවේදනයක්..

දෙහියත්තකන්ඩිය ප්‍රදේශයේ ඇඳුම් කම්හලක සිදු කරන ලද කොරෝනා එන්නත්කරණයෙකින් පසුව ඇති වූ සංකූලතා මත සේවකයන් සිය දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් රෝහල්ගත කර තිබේ.

තවත් පිරිසකට සංකූලතා ඇතිව තිබේ.

මෙම එන්නත් කරන වැඩසටහන ගැන තමන් දැනුවත් නැති බවත් එයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිසිදු අයුරකින් සම්බන්ධ නැති බවත් හිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම එන්නත් කරන වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම සිදු කර ඇත්තේ බාහිර පාර්ශව විසින් යැයි ද ඔවුන් නිවේදනය කරයි.

මේ බව සඳහන් කරමින් එම කාර්යාලය විසින් සිදු නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

—————–

ජූනි 28 – අද දින දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ යම් ඇඟලුම් කම්හලක කොවිඩ් එන්නතෙන් පසු සංකූලතා මතුවීමෙන් සේවකයන් 100 කට ආසන්න ගනනක් රෝහල්ගත කිරීමට සිදුවිය. තවත් පිරිසකට සංකූලතා ලක්ශන ලක්ෂන ඇතිවිය.

අදාල එන්නත් වැඩසටහන ගැන අප දැනුවත් නැති අතර, එයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කිසිඳු අයුරකින් හෝ සම්බන්ධ ද නැත. එය සම්පූර්ණයෙන්ම සිදුකර ඇත්තේ බාහිර පාර්ශවයක් විසිනි.

අප පසුගියදා 5200 ක් දෙනා කොවිඩ්19 සඳහා එන්නත් කල අතර ඉන් තිදෙනෙකුට පමනක් විනාඩි කීපයක සුලු ක්ලාන්තය ගතියක් හටගත් අතර කිසිවෙකු රෝහල් ගතකිරීමට සිදුවූයේ නැත.

සුරක්ෂිත එන්නත් – අලුත උපන් බිලිඳාගේ සිට වැඩිහිටියන් දක්වා වසරකට දහස් ගනනක් එන්නත් කරන අප, එන්නත්කරනය ගැන ඉතා හොඳින් පුහුනුව ලැබූ සෞඛ්‍ය කන්ඩායමක් බව නැවතත් සහතික කර සිටිමු.

ඔබේ දරුවාට, ඔබට ලබාදෙන එන්නත් ඉතාම සුරක්ෂිතව නිරන්තරයෙන්ම අදාල උශ්නත්වයේ රඳවාගනිමින් අප විසින් ඔබට ලබාදී ඇත.

එනිසා, අප විසින් ලබාදීමට නියමිත ඉදිරි කොවිඩ් එන්නත් සඳහා ද ඔබට පෙර පරිදිම ඉතා විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් විය හැක.

ඒ සම්බන්ධයෙන් බොහෝදෙනා දිගින් දිගටම අපගෙන් විමසීම් කරන නිසා මේ සටහන තබමු.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය
දෙහිඅත්තකණ්ඩිය

62,122 views

10 Comments to “MOH නොදනී.. බාහිර පිරිසක් එන්නත් කරණයේ.. සියයක් පමණ රෝහලේ.. ‘එන්නත් කලේ අප නොවේ’ MOH නිවේදනයක්..”

  1. කලු කපුටා says:

    මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියන එක දැන් විකාර උත්තරයක් වෙලා. අර ක්‍රිකට් බූරුවන් තුන්දෙනා මහ රෑ බිබී ගනිකාවන් පස්සේ යනකොට උන්ගේ මැනේජර් කියන්නෙත් ඕකමයි. අන්තිමට ඔක්කොටම සමාව දීල හැම එකාම උන්ගේ උජාරුව අපිට පෙනෙන්නවා.

  2. නාරද says:

    මොරටුව නගර ලොක්කෙක් වන් පිරිමි නර්ස් ගේ එන්නත් වැඩසටහනක් ද?

  3. Sirisena Yatawara says:

    We request and an apple to President and his Team governance to Do it Full Investigation by CID as pool work as soon as possible if this News Items is correct…..@
    No one has rights do such medical vandalism in Health sector by that Department of Health or Ministry of Health. Matter is very serious need action required by promptly direct directive by President of Government. We could not permitted paly lives of Citizens of our country by hidden agenda political by local or foreign forces. These are that New form Political terrorism

  4. Sam Fernando says:

    This vaccine must be Astrazeneka. Whoever gives this vaccine the receivers will have severe complications. That’s why it is suspended all over the world. Sri Lanka should follow them too.

    • aniwa says:

      ඔබතුමා බොහොම උගත් දැන උගත් බුද්ධිමතෙක් හැඩයි
      අනේ වාසනාවන්

    • Sirisena Yatawara says:

      Look at side effects of AstraZeneca compare with other vaccines are badly impacts of Covid 19 patinaces.
      Severe allergic reaction (anaphylaxis), thrombosis with thrombocytopenia syndrome(TTS) a rare and new syndrome which involves blood Clots( occuring in body sites like the brain or
      abdomen) together with platelet levels. After you left the vaccination seek medical attions.
      Yes these are given by some countries for an advices to citizens of countries.

    • Sirisena Yatawara says:

      Look at side effects of AstraZeneca compare with other vaccines are badly impacts of Covid 19 patinaces.
      Severe allergic reaction (anaphylaxis), thrombosis with thrombocytopenia syndrome(TTS) a rare and new syndrome which involves blood Clots( occuring in body sites like the brain or
      abdomen) together with platelet levels. Advice given to that After you left the vaccination seek medical attention is required. .
      Yes, these are given advices to that citizens by health section of some countries.
      Rare side effects compare with other vaccines of Pfizer Jonson & Jonson, Sputnik and Sino pham are less risk than Astrazeneca.

      • සරත් (විශ්‍රාමික) says:

        යටේ. ඕක ඉංග්‍රීසියෙන් ලිව්වේ එංගලන්තේ වක්සින් හදපු අයට බලන්ටද?
        එහෙනං තැන්කිව් හොඳේ

  5. GONA says:

    I have got the second dose of Astrazeneca vaccine 7 weeks ago and still feel pain at the site of injection and cannot raise my arm more than 90 degrees.

  6. Dengu Nona says:

    GONA says: mahaththaya ingrisiyen kiyanne unnaheta “Deweni saretath “DOSE” hadilaalu!!

Main News