N JOY පොල්තෙල්වල ඇෆ්ලටොක්සින්… තොග ගබඩාවට සීල් තබයි… වෙලදපලේ සියල්ල ආපසු කැදවයි..

April 29, 2021 at 3:50 pm | lanka C news
N JOY පොල්තෙල්වල ඇෆ්ලටොක්සින්… තොග ගබඩාවට සීල් තබයි… වෙලදපලේ සියල්ල ආපසු කැදවයි..

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත දිවයින පුරා අලෙවි කරන පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අඛණ්ඩව සිදුකරනු ලබයි.

ඒ අනුව ‘N JOY’ නාමය යටතේ ‍වෙළෙඳපොළේ අලෙවි කරන පොල්තෙල් බෝතල් සාම්පල මෙන්ම එම සමාගමේ ගබඩා සංකීර්ණයේ ගබඩාවලින් ලබාගත් සාම්පල හා වෙළෙඳපොළට යොමු කිරීමට සූදානම් කර තිබූ පොල්තෙල් බෝතල් සාම්පල ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාල පරීක්ෂණාගාරයකදී පරීක්ෂාවට ලක්කර තිබේ. එම පරීක්ෂාවේදී පිළිකාකාරක ඇල්ෆොටොක්සීන් ඇති බව හඳුනාගෙන ඇත.

මේ ආකාරයටම තවත් සාම්පල ලබාගෙන කාර්මික තාක්ෂණ ආයතනයේ පර්‌යේෂණාගාරයේදී පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී ද ඇෆ්ලොටොක්සීන් ඇති බව දෙවන වරටත් තහවුරු වී තිබේ. ඒ අනුව මෙම නාමය යටතේ දැනට වෙළෙඳපොළට නිකුත් කර ඇති සියලුම පොල්තෙල් යළි ගෙන්වා ගන්නා ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමාගමට දැනුම් දී ඇත.

තවද සමාගමේ ග්‍රෑන්ඩ්පාස් පිහිටි ගබඩා සංකීර්ණයට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුද්‍රා තබා තිබේ. ‘N JOY’ වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය කරන පොල්තෙල් දේශීය වශයෙන් කොප්පරා ලබාගෙන නිෂ්පාදනය කරන බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් පැවැත්වෙන බවයි.

– aruna

46,053 views

11 Comments to “N JOY පොල්තෙල්වල ඇෆ්ලටොක්සින්… තොග ගබඩාවට සීල් තබයි… වෙලදපලේ සියල්ල ආපසු කැදවයි..”

  1. sam says:

    N joyewala nama kiwe ai meka kumantranayak. piramid welma eke nama kiwe na

    • පිරමීඩ වෙල්මා සහ අලි බ්‍රදර් තමයි හොඳටම කලේ says:

      පොඩ්ඩක් ඉන්න අපේ මිස්ටර් 20% බැම්සිල් ස’ ට කියපු ගමන් එතුමා ගේ තේජසට ඔය පිලිකා කාරක කලවම් ආදේශක පොල්තෙල්, ඔටෝ සුද්ද වෙලා වස අයින් වෙලා අමිශ්‍ර අති පිරිසිඳු වර්ජින් කොකනට් ඔයිල් වෙනවා. එන්න අපි තාලෙට කියමු.

      තෙල බෙදන අපේ විරුවා… පිලිකාව අපට බෙදුවා..
      වස කවන එකෙක් වේ නම්.. ඒ ඔබයි අපේ මරුවා..
      හෝ.. හෝ… හෝ.. ඔ.. ඕ..

    • Kanch says:

      NJoy coconut oil wala thamai wadiyenma Aflatoxin thibbe 2019e peradeniya University eken publish karapu research eketh…

      Puthanogei, Comrade Anra gei wahallu ewa gana ahala wath thibbada dan na 🤣

      https://www.researchgate.net/publication/331269861_Occurrence_of_aflatoxins_in_edible_vegetable_oils_in_Sri_Lanka

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඔව්ව ඔක්කොම යට යවන්න තමා අවුරුදු කන්න ඕසෙට රට ඇරල ආයි ටෙස්ට් කරන්න පටන් ගත්තෙ දැන් විස පොල්තෙල් නෙමේ පොලිඩෝල් උනත් පොවතෑකි.වසන්ගතේට මර බයේ ඉන්න එකාට ඕවැයි අවධානයක් නෑනෙ

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      අයියෝ අමතක උනා ස ෆේල් නන්දසිරිෆේල් ආන්ඩුවෆේල්………. අය්යෝ…………….. මට බැරියෝ මුලු ඇගම දනවෝ……………

  3. Rohana says:

    ප්‍රමිති සහතිකය තිබුන එකම පොල්තෙල් නිසා වැඩි ගණනක් දීලා මේවා ගත්තා. ප්‍රමිති ආයතනය වග කිව යුතුයි. මීට පස්සෙනම් SLS තියෙන කිසි දෙයක් ගන්නේ නෑ

    • de silva says:

      People should understand the process of issuing SLS certification. The check the processes of everything from manufacturing and billing and loading and even accounting. Some suggestions are idiotic and cost or waste millions to companies. But now its apperant their have failed in the main job- food safety. The gvt must review their processes. I feel most gvt. Institutions are operated by people with less IQ. thanks to politics

  4. kush says:

    ai fortune nama kiwwe natte issara 😀 meket nama nokiwwanm hari

  5. End Joy says:

    Who are the owners/directors of this company? The people have a right to know.
    Ayi bayada? Nathnam lajjada?

    • Jehan says:

      It’s a muslim company kust like Ali Brothers and pyramid. Pyramid has their facility in Muslim village near Naramala wariyapola road painted Muslim green

  6. මෝ says:

    ඕක නේන්නං සිද්දිකා නම්කි එදා කිව්වෙ.චුට්ටයි විස.ඒව රිප්පොට් කලොත් දේශිය කර්මාන්ත වැහෙනවා.ඒ නිසා චුට්ට චුට්ට වස කවල ඒගොල්ලන්ව හදාගන්න ඕනෙ.නෝටි බෝයිස්.

Main News