NC නැමති මත් ද්‍රව්‍යය කිලෝ 7.5ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

February 22, 2019 at 5:30 pm | lanka C news
NC නැමති මත් ද්‍රව්‍යය කිලෝ 7.5ක්  සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

සෞඛ්‍යය අමාත්‍යංශයෙන් අලෙවි කිරිමමේ රට තුල නම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය කිලෝ 7 ග්රුම් 500 සමග සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (22) උදැසන සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉල්ක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රහසිගතව සගවා තිබියදි හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කර මෙම මත්ද්‍රව්‍යය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්රුම් 10 බැගින් කුඩා ටින් වල අසුරා ටින් 25 බැගින් මත්ද්‍රව්‍යය ටින් 750 ක් කුඩා පෙට්ටි 30 ක අසුරා තිබුණි.

ග්රුම් 10 බැගින් වු එක් මත්ද්‍රව්‍යය ටින් එකක පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලිම සිදු කල හැටන් කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් ද්‍රව්‍යය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල නිලධාරින් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

113 views
Main News