NewsWeek කද හරහා ඇණගනී.. හිලරි ක්ලින්ටන් ජනාධිපති යයි කියා MADAM PRESIDENT මුල්කවරය සහිත සගරා ලක්ෂ ගණනක් ආපසු කැදවයි..
November 11, 2016 at 1:02 am | lanka C news
අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණය අවසන් වන්නට පෙර ලෝ ප්‍රකට Newsweek සගරාව සිය නවතම කලාපය මුද්‍රණය කර තිබුනේ MADAM PRESIDENT යන හිසින් යුතුව ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පින්තූරයක්ද සහිතවයි.
නියත ලෙසම ක්ලින්ටන් ජයගනී යයි සිතා එසේ මුද්‍රණය කර තිබූ සගරා 125000ක් වෙළදපලටද නිකුත් කර තිබූ අතර පුරෝකතන උඩු යටිකුරු කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප් ජය ගැනීමත් සමග එම සගරා සියල්ල ආපසු කැදවා තිබින.
පසුව යලි මුද්‍රණය කරන ලද සගරාවේ PRESIDENT TRUMP හිසින් ඩොනප්ඞ් ට්‍රම්ප්ගේ පින්තූරය සහිතව පල කර තිබේ.