NMRA දත්ත ගබඩාව ගැන මනුෂ කියයි..

September 28, 2021 at 12:40 pm | lanka C news
NMRA දත්ත ගබඩාව ගැන මනුෂ කියයි..

ඖෂධීය නිෂ්පාදනයක් මහජනයාට ලබා දීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීම. උචිත ගුණාත්මක හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන සහ ලාභදායී ඖෂධ ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම. ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ සුවඳ විලවුන් වර්ගීකරණය පිළිබඳ මග පෙන්වීම. ඖෂධීය නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඒවායේ මිල නියාමනය කිරීම ආදී කාර්යයන් ගණනාවක් සිදුකරන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් දත්ත ගොනු ලක්ෂ 11 කට අධික ප්‍රමාණයක් මැකීයාමේ සිද්ධිය මෑතකාලීනව දැඩි කතාබහට ලක්විය. ‘

මේ පිළිබද මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර චෝදනා කර සිටියේ, ටෙලිකොම් ආයතනය මේ දත්ත මකාදැමීමට සම්බන්ධ බවයි.

‘මේ කිසිවක් ගැන නිසි තොරතුරු නොදන්නා මනුෂ නානායක්කාර ටෙලිකොම් වෙත චෝදනා කරමින් පැවසුවේ, මේ NMMR ”’ එකේ දත්ත කොහෙද තිබුණේ. NMMR එකේ දත්ත තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ. ටෙලිකොම් ආයතනය සතුව තමයි  මේ දත්ත ගබඩාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්ලවුඩ් එක. එතකොට මේ NMMR එකේ දත්ත ගබඩා වෙච්ච ටෙලිකොම් එකේ සභාපතිවරයා කවුද ?. මං කියන්න යන්නෑ නම් කවුද කියලා. ඒ සභාපතිවරයාගේ හා ඇන්ටිජන් ගෙනාපු කෙනාගේ තියෙන සම්බන්ධතාවය සලකලා බලන්න’ යන්නයි.

කෙසේ වෙතත් ටෙලිකොම් ආයතනය පවසන්නේ මෙය මුළුමනින්ම සත්‍යය විකෘති කිරීමක් වන්නේ මේ සිද්ධියට තම ආයතනය කිසිසේත්ම සම්බන්ධ නැති බවය.

එහිදී SLT-MOBITEL පෙන්වා දුන්නේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත තිබූ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව නැතිනම් ‘ගවන්මන්ට් ක්ලවුඩ්’ සඳහා තමන් Hosting සේවාවන් ලබා නොදෙන බවයි.

32,273 views

8 Comments to “NMRA දත්ත ගබඩාව ගැන මනුෂ කියයි..”

  1. saman says:

    මේ පක්ෂ දෙකේම හොරු නෑ

  2. Opa-dupa says:

    කොහොමත් ඉතින් අපේ රටේ ඕනෙ දේකට වග කියන්න කෙනෙක් නැහැ නේ. මහජනතාව වෙන්න ඇති වැරදි කාරයෝ

  3. ගෞම් ඊයාරාජ් says:

    මොකක්ද ඕයී මේ හරුපේ , ඔව් කියනවා නෑ කියනවා , LGN එක හෝස්ට් කරන්නේ කවුද එතකොට? LGN 2.0 හෝස්ට් කලේ SLT නෙවෙයිද බං , මංඥං වගේ…
    “In a collaborative move by the national government and the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), Sri Lanka Telecom was chosen as the total communication service provider and communication infrastructure provider to the Lanka Government Network. The LGN is a strategic project produced and designed in order to unify and upgrade government establishments by use of a single network.”
    https://www.slt.lk/en/content/slt-power-lanka-government-network-lgn-20

    • saram raj says:

      උඹේ දත් කිඹුලා ගෙන් අහපං හරියටම කියයි..
      බොරුවට LGN 2.0 එකක් කියන්නේ නැතුව..
      උඹද LGN 2.0 එකේ හොස්ට් කලේ

  4. මිල්රෝයි වෙන්නප්පුව says:

    ඇත්තටම මෙික හොද ප්‍රවනතාවයක් මුං එක එකා සරමෙිමලපහකරගන්න එක ආන්ඩුවට හොදයි. රාජිත වගේ අපතකයෙකුට කඩෙි යන උන් ගැන අමුතුවෙන් කතා කරන්ඩ ඔීනේ නැනේ

  5. Kombuwa TV says:

    Wife of the chairman and DJ are partners of Kombuwa TV?

  6. Nethmi De silva says:

    දැන් එක එකාට ව්බෝලේ පාස් කරන්න හදන්න එපා.. දත්ත මැකුවේ රාජිත.. එකට මේ ආණ්ඩුවේ ඉහල තැන් සම්බන්දයි

    • ගෞම් ඊයාරාජ් says:

      ඔය සිස්ටම් එක ෆුලී ඉම්ප්ලිමන්ට් වෙන්නේ 2020 වගේ , එතකොට රාජිතට තියෙන ඇම්ම මොකක්ද කියපංකො ඔය දත්ත ටික මකන්න?

Main News