NMRA පනත බල්ලට දැමූ කෙරුමෝ කවුද ? දත්ත ගොනු ලක්‍ෂ 11ක් අතුරුදන්… බැකප් නෑ…

September 18, 2021 at 12:00 pm | lanka C news
NMRA පනත බල්ලට දැමූ කෙරුමෝ කවුද ? දත්ත ගොනු ලක්‍ෂ 11ක් අතුරුදන්… බැකප් නෑ…

පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටවූ අධිකාරියක කටයුතු කාගේ කාගේත් බලපුළුවන්කාරකම් වලට හිතු මනාපේ වෙනස් කරන්නට බැරිය. පනතක් කියා නිළ ලියවිල්ලක් ඇත්තේ ඒ අධිකාරියේ කටයුතු නිසි පරිදි සිදුකරගෙන යාමට උපකාරී වෙන්නටය. අධිකාරිය පිහිටුවීමේ සිට ඊට අදාළ සබ්බ සකලමනාවම මෙහි ලියැවී තිබේ. මේ පනත බල්ලට දමා ඩෙගා නැටූ පුද්ගලික සමාගමක කැරැට්ටුව ඔස්සේ මීට පෙර හෙළිදරව් කෙරුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියක් ලෙස පාර්ලිමේන්තු පනතකින් 2015 දී පිහිටවූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් හිටිහැටියේ මැකී ගිය අතර එහි බැකප් එකක් තිබූ බවක් ගැනද හෝඩුවාවක් නැත.

මෙහි සේවයට මොන කෙරුමා ආවත් ඒ හැම කෙරුමෙක්ම අධිකාරියේ පනත ඉදිරියේ දණ නමා එහි තොරතුරු සම්බන්ධයෙන් සම්පූර්ණ රහස්‍යභාවය රකින බවට ප්‍රතිඥා දිය යුතුවේ. මන්ද මොවුන් ගනුදෙනු කරන්නේ මහජනතාවගේ ජීවිත රකින මෙන්ම නැසීමට ද හැකි ඖෂධ සම්බන්ධව වන බැවිනි. මේ කරුණ ඒ ලෙසම ඊට සම්බන්ධ වන තෙවැනි පාර්ශ්ව වලට ද අදාළය.

නමුත් මේ පනත බල්ලට දමා අවසානයේ දත්ත මකාදැමීමට ද චෝදනා ගොනු වූ විදෙස් පෞද්ගලික සමාගමට මෙන්ම එහි කාර්‍ය මණ්ඩලය ගැනද මෙතෙක් නිතීමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අපේ බලධාරීන් ප්‍රමාදය.

අද පහන්තුඩාවේ ජෝඩුව නිදහස් කළාක් මෙන් මේ පිරිසට ලේසියෙන් නීතියෙන් ගැලවී යන්නට බැරිය. මේ මගඩිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය තව තවත් පමාවීම තුළ මේ කෙරුමන් සම්බන්ධයෙන් ද නිතීය ක්‍රියාත්මක වීම ප්‍රශ්නාර්ථයක් බව නීති විශාරදයන්ගේ මතය වී ඇත.

– repoter

22,978 views

11 Comments to “NMRA පනත බල්ලට දැමූ කෙරුමෝ කවුද ? දත්ත ගොනු ලක්‍ෂ 11ක් අතුරුදන්… බැකප් නෑ…”

  1. range says:

    The country president is an IT expert. Government all confidential IT and data managing by companies. What a Joke in this century. These people must punish but we have never seen past 30-40 years anyone got punish for any incidents.

    • Ravi says:

      President is NOT an IT Expert but he has knowledge & understanding. Unfortunately his former boss was appointed to ICTA and then to Ministry is an utter failure. He was from IFS, but even there he did not perform as the head company. unfortunately their failures are reflected on H.E. Tried to get involved in all government IT projects and failed drastically. When Peoples Bank was instructed, the bank got a confirmation that they dont have expertise.
      So where are we heading?
      the best option to dissolve ICTA.

  2. සිසිල් සුදේශ් says:

    මොන බොරුද! අර ආණ්ඩු පක්ෂෙ මන්ත්‍රීවරු කණ්ඩායමක් ගිහින් බලලා කිව්වෙ ඔක්කොම තියනව කියලා.

  3. SumuduSL says:

    අධිකරණයෙන් අහෝසි කල පාර්ලිමේන්තු ධුරය නැවත කට්ට කමින් අරගෙන නැව් දුසිම් ගණන් ඇපල් වතු අක්කර ගනන් තියාගෙන පෙරෙත කමට තවත් හොරා කන පුතාට කට්ට කමින් බාල වයස්කරියක් යහන් ගත කර විවාහ කර දුන් කිඹුලා ඇතුළට ගිය දවසට මේරට අනිවාර්යෙන් දියුණු වෙන්න පටන් ගන්නවා . උ ඉන්නකල් හැමදා හැමතැන විරෝධතා කඩාකප්පල්කාරී වැඩ . මු ගිය ගමන් ඒවා 70% කින් අඩුවෙනවා .

  4. NuwanJච says:

    මේක කරන්න දුන්න ආයතනය බැකප් එකක් තියා ගන්නවත් දන්නෙ නැද්ද කව්ද මෙ ගොන් කම්පනි එකට මෙක දුන්න යහපාලන හරකා

    • ගෞම් ඊයාරාජ් says:

      ඇත්තටම මේ වගකිව යුතු පොරවල් කියන කතා ඇහුව්හම හිනායනවා , එකෙක් කියනවා , එක් ඉන්ජීනේරුවකුගේ වැරදි කමාන්ඩ් එකක් හරහා ටෙරාබයිට් දෙකක දත්ත මැකුනලූ , නිවැරදි දත්ත බැකප් ප්ලෑන් එකක් නෑලූ , කොවිඩ්19පිලිබදව ඇති දත්ත මැනුවල් ලූ ඒක හින්දා අවුලක් නෑලූ. හැබැයි මේ රටේ ඉන්නවා ක්ලවුඩ් එකක් තියා දත්ත ගබඩාවක් කියන්නේ මොකක්දවත් කියලා නොදන්න එවුන් , ඒ හැලපයන්ට මේ බෛලා හොදයි. යකො රටේ වැදගත්ම දත්ත ටික ආරාක්ශා කරන්න බැරිනං ඔය පුටුටික දීලා පලයන් අර ඇන්ටිජන් මෑන්ගේ යූ ටුබය හැක් කරපු ගනයේ පොඩි එවුන් ටිකකට , ගොං හැත්ත්. කාවද බං මේ රවට්ටන්න හදන්නේ ?

  5. ගෞම් ඊයාරාජ් says:

    මේ දත්ත මගඩිය පිටිපස්සේ ඉන්නේ තනිකර ඖශධ මාෆීයාව කියලා හා හොවක් නේ යන්නේ , අඩුම තරමේ බැකප් අප් එකක්වත් නැති නියාමන ආයතනයක , මාෆීයා කාරයන්ට ඔනේ විදියට දත්ත වංගු ගැහීම පිලිබදව ඉක්ටා සහ එන්.එම්.ආර්.ඒ ආයතනවල නිවේදන හරි ලද බොලදයි , රටේ කරුමෙට , මේවගේ රාජ්‍ය ආරක්ශාවට කෙලින්ම බලපාන කරුනු කාරනාවලදි , වගකිව යුතු ආයතන වල හැසිරීම හරිම ඇල්මැරුනු ගතියක් පෙන්නුම් කරනවා , ඇත්තටම ආණ්ඩුවක් තියෙන්න ඔනේ , මේ වගේ කරුණු හොයන්න නෙවේද ? ආණ්ඩුවේ සුජාතභාවය අඩියටම කිදා බැස ඇත.

  6. බයිලා says:

    එතකොට රටේ ඔක්කොම ආයතන වලට උපදෙස් දෙන්න පටන් ගත්තු ඉච්ට එක කොහෙද හිටියේ? ෂුවර් එකට කාට හරි වගකීම පවරලා ලිස්සන්න ඇති …

  7. බයිලා says:

    එතකොට රටේ ඔක්කොම ආයතන වලට උපදෙස් දෙන්න පටන් ගත්තු ICTA එක කොහෙද හිටියේ? ෂුවර් එකට කාට හරි වගකීම පවරලා ලිස්සන්න ඇති …ඔකේ ඉන්න ආදල ටික නියම සෙට් එක… එපික් කියන්නේ සල්ලි වලට ඕනේ වැඩක් කරන ආයතනයක්. ඕක හරිනම් ආණ්දුවේ ඔක්කොම ප්රෝජෙච්ට් වලින් එලවන්න ඕනේ …දය ගමගේ ගේ පාරවල් හදපු කොම්පැනිය වගේ

  8. Chalaka says:

    The company giving the system Epic is notorious for bribing big people of banks. You will not find a banker accepted pos equipmnt and solutions without bribes. It can be the case for this goverment place. The image build by the poor workers damaged by corrupted practices of Epic. It tarnishing local software also. Shame! you cannot fool everybody everytime.

Main News