NTJ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනෙක්‌ සූදානමින් තබලා..

July 13, 2019 at 3:00 pm | lanka C news
NTJ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනෙක්‌ සූදානමින් තබලා..

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නමැත්තා ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් එකොළොස්‌ දෙනෙකු සූදානම් කර තිබූ බව ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම සැලසුම සඳහා කල්මුණේ සියාම් සහ මොහමඩ් නිසාන් නමැත්තන් ද සහය වී ඇති අතර ඔවුන් නැගෙනහිර ප්‍රදේශයේ නිවාස පහක්‌ කුලියට ලබාගෙන තිබේ.

මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මීගමුවේ නිවසක සිට ලොරියකින් සමන්තුරේ වෙත පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට එම ලොරියේ රියෑදුරු ප්‍රසන්න ඒ ගැන හෙළි කර ඇති බවය.

මෙම රියෑදුරු පවසා ඇත්තේ රන්බඩු ශුද්ධ පවිත්‍ර කිරීමේ රසායනික ද්‍රව්‍ය බැරල් වගයක්‌ යයි දක්‌වමින් බැරල් තොගයක්‌ තම ලොරියට පැටවූ බවයි.

මීගමුවේ සිට සමන්තුරෙයි වෙත එම ලොරියෙන් පුපුරන ද්‍රව්‍ය යෑවූ සියලු තව්හිද් ජමාත් ත්‍රස්‌ත ක්‍රියාකාරීන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

– divaina

34,378 Viewers

4 Comments to “NTJ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනෙක්‌ සූදානමින් තබලා..”

  1. sinha le says:

    මුන්ට දඩුවම් දෙන්න ලැබෙන්නේ අලුත් රජයක් බලයට පත් ආ විට පමනි

  2. kalu thara says:

    දෙය් දෙය් බලන් හිටපන් ….
    බොලට තව අවරුදු 70 ක් වත් යය් මේ රටේ දේශ පාලුවන්ව තේරුම් ගන්න .

    • Hesh says:

      තොපිට නොතේරුනාට අපිට තේරෙනවා. මුස්ලිම් ඇමතිලා යූන්පී එකයි, ජේවීපී එකයි එක්ක ඉන්නෙ උන්ට රැකවරණය ලැබෙන්නෙ එතනින් නිසා.

  3. sathya says:

    ලොරියේ රියෑදුරු ප්‍රසන්න ————— Pattai hello

Main News