O/L ප‍්‍රතිඵල නිකුත් කලොත් පාරට බැස විරෝධතා කරනවා..- ස්ටාලිං..

September 11, 2021 at 3:00 pm | lanka C news
O/L ප‍්‍රතිඵල නිකුත් කලොත් පාරට බැස විරෝධතා කරනවා..- ස්ටාලිං..

සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා එම විෂය හැර අනෙකුත් විෂයන් වලට සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

යම් ලෙසකින් එවැනි තීරණයක් ගතහොත් ඊට තරයේ විරුද්ධ වන බවත් ගුරුවරුන් හා සාමාන්‍ය පෙල විභායට පෙනී සිටි සිසුන් සහ මවුපියන් එක්ව එයට එරෙහි වන බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

සෞන්දර්ය විෂය නැතිව සෙසු විෂයන් වල ප්‍රතිඵල පමණක් නිකුත් කිරීම දරුවන්ට කරන අසාධාරණයක් බවද ඒ මහතා අවධාරණය කරයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස විභාග රාජකාරිවලින් ඉවත් වුවත් සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ තවමත් පැවැත්වීමට නොහැකිව ඇත්තේ ගුරු අරගලය නිසා නොවන බව ද ඔහු කියා සිටියි.

ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට සාකච්ඡාවක් ලබා දීමට තරම් බලධාරීන් උනන්දු නොවන පසුබිමක තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අරගලය තවදුරටත් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.

49,708 views

57 Comments to “O/L ප‍්‍රතිඵල නිකුත් කලොත් පාරට බැස විරෝධතා කරනවා..- ස්ටාලිං..”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    නෙලමු නෙලමු හොඳට නෙලමු. කාලෙකට පස්සේ ප්ලාස්ටික් පීවීසී බට වලින් බයිසිකල් චේන් වලින් කාටවත් නෙළුවේ නෑ අන්න ඒ චාන්ස් එක ලබාදෙන්න බැහැපන් පාරට දෙන්නම් උඹට.

  2. kumara says:

    Muwai pirimi nurse dennama ekai. Guruwaru ne mepara muta ahuwenna epa muge oluwa pallana ona. daru parapurata vinakarana dewadattaya…

  3. M.g.m. says:

    යකෝ ලමයි අනාත තොපි හින්දා..o level ලියපු උන් දැන් මාස කීයක් බලා ඉන්නවද උසස් පෙල කරන්න…

  4. පාසල් ශිෂ්‍ය එකමුතුව says:

    ප්‍රතිඵල නිකුත් කරනවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නේ නම් අපි ද අපගේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන ශිෂ්‍යයන් වන අපිත් තීන්දුවක් ගත යුතුයි

Main News