Online ඉගැන්වීමෙන් අසීමිත ලාබ ලබමින්..

June 20, 2021 at 6:22 am | lanka C news
Online ඉගැන්වීමෙන් අසීමිත ලාබ ලබමින්..

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් දැක්වෙයි.

ගරු ජනාධිපති තුමා.
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01
2021.06.19

ගරු ජනාධිපති තුමනි.

ඔන්ලයින් (Online)අධ්‍යාපනය මගින් දුරකතන සමාගම් අධික ලාභයක් ලබයි. එම ලාභයෙන් කොටසක්  දරුවන්ගේ අධ්‍යාපනයට  යොදවමු.

කොවිඩ්19 වසංගතය නිසා දැනට වසර එකහාමරක් සිට සියලු දරුවන්ගේ අධ්‍යාපනය විශාල ලෙස අඩාල වි ඇත. මෙම තත්වය තුළ සියලුම අධ්‍යාපන කටයුතු  ද විවිධ රැස්වීම් ඕන්ලියන්(Online) ක්‍රමයට සිදු වෙන බව ඔබ අප දන්නා කරුණකි. මේ නිසා ලංකාවේ ඇති දුරකතන සමාගම් අධික ලාභයක් ලබන්ට හැකිව ඇත. අද වනවිට කොවිඩ් වසංගය නිසා  ලාභ ලබන ආයතන බවට මෙම ව්‍යාපාර පත්ව ඇත. විපතේ දි අප සැම එක්ව එම විපතින් ලෝක සත්වයම ආරක්ෂා කර ගැනිමට පෙරට ආයුතු කාලය බව මෙම දුරකතන සමාගම් ද නොදන්නා කරුණක් නොවේ. විපත සම්පතක් ලෙස කටයුතු කිරිම මනුෂ්‍ය සමාජයට සුදුසු ක්‍රියාදාමයක් නොවේ. ගරු ජනාධිපති තුමනි, ඔබතුමාගේ මැදිහත් විම අවශ්‍ය මොහොතයි. එම සාමගම් සමගද, මෙරට රූපවාහිනි සමාගම් සමග සම්මුතියකට පැමිණ ඔන්ලයින්(Online)අධ්‍යාපනය වෙනුවට අද වන විට රූපවාහිනි යොදා ගැනිම සුදුසුම ක්‍රියා දාමයකි. අදවන විට රූපවාහිනි තරංග රට පුරාම පැතිරි ඇත. එබැවින් මෙම සමාගම් සියල්ල එකතු කර සභාවක් ඇති කර කාල සටහනකට අනුව විධිමත් අධ්‍යපනය රූපවාහිනි ආයතන හරහා රට පුරා විකාශනය කිරිමට කටයුතු කරන සැළස්මක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටිමු.මහා පරිමාණයෙන් පුද්ගලික පංති කරන ගුරුවරුන් ද කිසිම මානුෂික හැගිමකින් තොරව ක්‍රියා කරනු පෙනේ.එහි දි ඔවුන්ට නිබන්ධන පිටපත් කර දෙන්න ඕනෑ නැත. ශාලා ගස්තු නැත. සේවක දිමානා නැත.විදුලි හා ජල බිල් නැත.එහෙත් ඔහුන්ගේ පංති ගාස්තුවල අඩුවක් ද නැත.

අපරට තුළ සිටින දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය තරම් වැදගත් දෙයක් තවත් නැත. තම පියාට ඇති වකුගඩු රෝගයට බෙහෙත් ගන්න ඇති මුදල් දරුවන්ගේ අධ්‍යාපනය සදහා ඩේටා(Data) ලබා ගැනිමට යොදවන දෙමාපියන් සිටින රටකි. එ් මගින් කියවෙන්නේ තමන්ගේ ජිවිතයට වඩා දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් බව මව්පියන් සිතින බවයි. තමන්ට යාමට නොහැකි වු ස්ථානයට දරුවන් රැගෙන යාම දුප්පත් දෙමාපියන්ගේ අරමුණයි. මෙම දරුවන් කුඩා ස්මාට් ෆොන්(Smart Phone) එක ලග වැඩි වෙලාවක් සිටීම මගින් එම දරුවන්ගේ මානසිකත්වය හා ඇස් දුර්වල විමේ ප්‍රවනතාවය වැඩි බව දැනටමත් වෛද්‍යරුන් ප්‍රකාශ කර ඇත. එම නිසා(Online) ඔන්ලයින් අධ්‍යාපනය සදහා දුරකතන සමාගම් හරහා ඩෙටා(Data) අඩුවෙන් වැයවන අයුරින් ක්‍රමවේදයක් (කේත)හදුන්වා දිම කළ යුතුය. උදහරණයක් ලෙස 119 වැනි කේතය වැනි ක්‍රමවේදයක් හදුන්වා දි ඒ හරහා ඩේටා(Data) නිකුත් කරන විධිමත් වැඩ සටහනකට පැමිණම අත්‍යවශ්‍ය කරුණකි. තවද? රජය හා පුද්ගලික රූපවාහිනි හරහා දරුවන්ගේ අධයාපනය ගැන මිට වඩා විධිමත් සැළැස්මක් අවශ්‍ය බව ඔබ තුමාගේ දැඩිව අවධානය යොමු කර සිටිමු. මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනු ඇතැයි අප තරයේ විශ්වාස කර සිටිමු.

තෙරුවන් සරණයි

මෙයට
සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි
සභාපති

42,733 views

10 Comments to “Online ඉගැන්වීමෙන් අසීමිත ලාබ ලබමින්..”

  1. මරා says:

    කලාතුරකින් දැක්ක ඉතාමත් කාලොචිත ලිපියක්. ඇත්තෙන්ම පාලකයන්ගේ අවධානය අනිවාර්යෙන්ම යොමු විය යුතු වෙලාවක් මේ වෙලාව. අවශ්‍ය Data බන්ඩ්ල් එක ඉවර උන ගමන් වැඩියෙන් මිලදී ගන්න ඕනෙ. බිල් එක ගෙවීමට පමාවූ ගමන් (මාසයක කාලය ඉක්ම වූ ගමන් සම්බන්ධතාව අවසන් කරනවා) ඒ මදිවාට රාත්‍රී කාලයේ තිබෙන Data නිකරුනේ ඉතිරි වෙනවා.. කරුනාකර ඒ රාත්‍රී බන්ඩ්ල් එක නිදහස් කරන්න.. ලමයින්ට ප්‍රයොජනයක් ගත හැකි අයුරින්.. එයින් අමතර Data මිලදී ගැනීමක් අවශ්‍ය නොවේවි… අමතර මුදල් වැයවීමක් සිදු නොවේවි… මෙය ඉතාමත් සහනයක් වේවි සියලුම දෙමාපියන්ට …රාත්‍රී බන්ඩ්ල් එක ඔනෑම වෙලාවක භාවිතයට ගත හැකි ලෙස සංශෝධනය කරන්න

  2. Opa-dupa says:

    එදා සයිටම් එකට විරුද්ධ වුනු සමහර වෛද්‍යවරු ඔන්ලයින් මාර්ගයෙන් පන්ති දාගෙන ශිෂ්‍යයන් ගෙන් විශාල ලෙස සල්ලි අරගෙන පන්ති පවත්වනවා. එක පැයකට රුපියල් ලක්ශ ගනන්. සමහර අය පිටරට ඉන්නෙ.

  3. FATHER says:

    පාසැල් වල ඔන්ලියින් ඉගැන්විලි නිසා අපේ ටෙලිෆෝන් බිල් 2000-3000 කින් විතර වැඩි වෙලා තියෙනවා
    එම ලාභය කෙලින්ම යන්නේ දුරකථන සමාගම් වලට.
    රජය මේ පිළිබඳව සොයන්නෙම නැති තරම්. මේ ගිය වසරේ,මේ වසරේ ටෙලිකොම් සමාගම් වල ලාභාංශ හොයන්නේ නැත්තේ මොකද. අසීමිත ඉල්ලුමත් එක්ක මාසික ගාස්තු අඩු විය යුතු නමුත් …
    පුද්ගලික ආයතන වල වැඩ කරන අපේ මාසික පඩිය අඩු වී ඇති නමුත් මෙවැනි වියදම් වැඩි වී ඇත .

  4. රන්බණ්ඩා says:

    මේ දේවල් ගැන නොදන්න මහ එකෙක්ද ලක්ෂ 69ක් එකතු වෙලා පත්කොරගත්තෙ?
    නෑ..බොලව්, ඒක එහෙම වෙන්න දීලා බලාගෙන ඉන්නවා.
    පතොරලා ඉන්න අධ්‍යාපන ඇමතියා ගැන කථා කොරලා වැඩක්ම නැහැ.
    අවුරුදු දෙකක් තිස්සෙ තවම ක්‍රමවේද හොයනවා ළමයි ටිකට උගන්වන්න මුන්.
    අහිංසක දෙමව්පියන්ගෙ තුට්ටු දෙක හූරගන්නෙ කන එක තමයි මුන් ඔක්කොගෙම දැන් කාලකණ්නි ක්‍රමවේදෙ වෙලා තියෙන්නෙ.
    ලැජ්ජා නැද්ද බොලව් මේ ආණ්ඩුවෙ උන්ට ළමයින්ට විභාග තියන්න, හරිහමං විදියට උගැන්වීමක් නැතිව?

  5. Manodaya says:

    රූප වාහිණි මාධ්‍ය මගින් සමාන අධ්‍යාපනයක් ලබා දිය හැකිය. මේ සදහා මාධ්‍ය වල කුණු ජරාව පෙන්වනවාට වඩා අධ්‍යාපනික වැඩ සටහන් ඉදිරිපත් කිරීම රටට වැඩදායක නොවේද? ඒ නිසා රූප වාහිණි මාධ්‍ය මගින් අධ්‍යාපනික වැඩ සටහන් ඉදිරිපත් කිරීමෙන් ටියුෂන් ගසා කෑමද නවතී.

  6. සිස්ටම් චේන්ජ් says:

    පින්වත් අති සාර්ථක ඉල්ලීමක්. සැමටරූපවාහිනීඇත. මේවා අපි ඉස්කෝලේ යන කාලේ උදේට රූපවාහිනී උදෑසන වැඩ සටහන් තිබුනා. සිස්ටම් චේන්ජ් කියන්නේ මේවට

  7. NwanJ says:

    පාලකයන්ට නොපෙනෙන අපිට පේන ඇත්ත කතාව

  8. Bayya says:

    හොඳ ලිපියක්.. ඔන්ලයින් නැතත් එදා මෙදා තුර දුරකතන සමාගම් පාඩු ලැබුවෙ නෑ. හැමදාම මිලියන ගණන් ලාභ.TRC එකට බැරිද මුන්ට නීතියක් ගේන්න අලාභ උනත් දුෂ්කර පලාත්වලත් ජන ඝනත්වයට සමානුපාතික වෙන්න කුළුණු ඉදිකරන්න. එහෙම කරානම් අර දරුවො ටැංකි උඩ ගල් උඩ ඉඳන් ඔන්ලයින් යන්න වෙන්නෙ නෑ නේද?. මේ වැඩෙන් අධ්‍යාපන ආයතනත් ලාභ ලබනවා. විශේෂයෙන් පෞද්ගලික කැම්පස්. ඔවුන්ට විදුලි, ජල සහ පරිපාලන වියදම් සෑහෙන ඉතුරුයි. එන්නෙ නෑ කිව්වට කලින් ලමයින්ගෙන් 80%ට වඩා කොහොම හරි කොරෝනා උනත් ගෙවාගෙන පන්ති වලට එනවා.. ඒ ලාහය බදු හැටියට හරි රටට එන්න ඕනෙ. හරි නම් ලමයින්ට පන්ති ගාස්තුවලින් වට්ටමක් දෙන්න ඕනෙ. මොකද ඒවා මුන් කලින් හැදුවෙ ඔය විදුලි, ජල වියදම් එක්ක.

  9. LalithM says:

    හැමෝම සමාගම් වලට බනිනවා.මමත් පුද්ගලික දුරකථන ආයතනයක සේවකයෙක්. මිනිස්සු ඩේට සේවාවන් ලබා ගෙන පොලු තියෙන විදිහත් හොයලා බලල කතා කරනු මැනවි.

  10. ගිජුලිහිණි සංදේශය says:

    රට යන අතට තව ඉවසා ඉන්ට බැරි
    මට නොව නුඹට කවි ලියවේ නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටට සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

    කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ
    නංගී පෙන්නලා අක්කාවයි දුන්නේ
    නැටුව තොයිල කිම යක් බෙරයත් නැහැනේ
    දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ

Main News