Online ඉගැන්වීමෙන් ටියුෂන් මාස්ටර්ලා සල්ලි ගරමින්.. Games අවහිර කරන්න..- දෙමාපියන් පැමිණිිලි කරති..

October 15, 2021 at 8:40 am | lanka C news
Online ඉගැන්වීමෙන් ටියුෂන් මාස්ටර්ලා සල්ලි ගරමින්.. Games අවහිර කරන්න..- දෙමාපියන් පැමිණිිලි කරති..

“මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින්” නාරාහේන්පිට පිහිටි විදුලි සංදේශ නියාමන කොමිසමට ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ “ලක්මව දියණියෝ” ජාතික සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය ලිපියක් භාර දෙනු ලැබුවාය.

එම ලිපිය අසංක්ෂිප්තව පහත පළ කර ඇත.

“සභාපතිතුමා,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,
අංක 276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.

ප‍්‍රිය මහත්මයාණෙනි,

මාර්ගගත පරිගණක ක‍්‍රීඩා ව්‍යසනයෙන් දරුවන් බේරාගැනීම සදහා වහා මැදිහත්වන්න

කොවිඩ් වසංගත තත්වය නිසා දීර්ඝ කාලයක් දරුවන් මාර්ගගත අධ්‍යාපන කි‍්‍රයාවලියට යොමුකිරීම නිසා ඔවුන් බරපතළ මානසික පීඩනයකට ලක්වන බවට දෙමාපියන් අතර සුවිශේෂී සංවාදයක් පවතින බව ඔබතුමා දන්නවා ඇතැයි අපි විශ්වාස කරමු. කොවිඩ් වසංගතය නිසා උදාවූ නරක තත්වය යහපත් අතට හැරවීම සඳහා දරුවන් අතර කියවීම පුරුදු කිරීම සහ රූපවාහිනිය සහ විශේෂයෙන්ම ගුවන්විදුලිය යොදාගනිමින් අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බවට විවිධ විද්වතුන් විසින් අදහස් ඉදිරිපත් කළ බව ද ඔබතුමාට රහසක් විය නොහැක. නමුත් ඒ වෙනුවට එකම විසඳුම ලෙස මාර්ගගත දේශන ක‍්‍රියාවලිය පමණක් දිරිමත් කිරීම වරදක් බවට දැන් සමාජයේ ගැඹුරු සංවාදයක් මතු වී ඇත.

එසේම මෙම මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලිය වාණිජ උවමනාවන් සඳහා අනවශ්‍ය පරිමාවෙන් ප‍්‍රචලිත කිරීමට ටියුෂන් මාස්ටර්ලා ද විශාල වශයෙන් දායක වන බව ප‍්‍රසිද්ධ කරුණකි. ඔවුන් දරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් අයකරන බව ද රහසක් නොවේ. එසේම ඒ් මගින් දුරකථන ජාල පවත්වාගෙන යන සමාගම්වලට සහ ස්මාර්ට් දුරකථන ආනයනකරුවන්ට ද ඉල්ලමක් පෑදී ඇතත් දෙමාපියන්ට එම තත්වය මගින් බරපතළ මූල්‍යමය පීඩනයක් ඇතිවේ. කෙසේ වෙතත් මේ වන විට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලියේ ඍජු සහ අතුරු අහිතකර ප‍්‍රතිඵල පිළිබඳව විද්වත් මතවාද රටට ඉදිරිපත් කර ඇත. නමුත් බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳව යොමුවී නැති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ පාලනයකින් තොරව දීර්ඝ වේලාවක් දරුවන් රැදී සිටිම මගින් ඔවුන්ට ඇතිවන මානසික සංකූලතාවලට අමතරව අන්තර්ජාලය හරහා ඉදිරිපත් කෙරෙන ‘‘වීඩියෝ ගේම්ස්’’ ලෙස හැදින්වෙන විවිධ විනාශකාරී පරිගණක වැඩසටහන් නිසා බරපතළ අගතියක් දරුවන්ට සිදුවන බව දැන් ඉතා පැහැදිළිය. මෑතකාලීනව එවැනි පරිගණක ක‍්‍රිඩා මගින් මානසික පීඩාවට පත්වූ දරුවන් සියදිවි නසා ගැනීමට පවා පෙළඹී ඇති බව වාර්තා විය.

ඒ නිසා දුකටපත් මව්වරුන් ලෙස අප ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ අන්තර්ජාලයෙන් ඉදිරිපත් කෙරෙන දරුවන්ට අහිතකර ‘‘වීඩියෝ ගේම්ස්’’ ඔවුන්ට ලබාගත නොහැකි වන ලෙස තාක්ෂණික බාධා පමුණුවන ලෙසය. එසේම මෙම විනාශකාරී තත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා දෙමාපියන් සහ දරුවන් ඉලක්ක කරගත් අධ්‍යාපන සහ ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කරන ලෙසද අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. එසේ නොමැතිවුවහොත් මාර්ගගත අධ්‍යාපනයට මුවා වී අන්තර්ජාල මාරයා අප රටේ දරු පරපුර ක‍්‍රමානුකූලව විනාශ මුඛය කරා රැගෙන යනු ඇත. දෙමාපියන් ලෙස මේ විනාශය දෙස තවදුරටත් ඉවසීමෙන් බලාසිටිය නොහැකි බව ද අපි ඔබතුමාට ඉතා කරුණාවෙන් අවධාරණය කරමු.

මේ වගට,

ප‍්‍රියංගා කොතලාවල,
ජාතික සංවිධායිකා
ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය

26,289 views

10 Comments to “Online ඉගැන්වීමෙන් ටියුෂන් මාස්ටර්ලා සල්ලි ගරමින්.. Games අවහිර කරන්න..- දෙමාපියන් පැමිණිිලි කරති..”

  1. 3% ට බය බයියා. says:

    ඔය සල්ලි ගරන වැඩ නවත්වන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • ගෞම් ඊයාරාජ් says:

      JVP ath wala le!!@
      Blood on the hands of JVP!!!

      Vipalawa waldee kala rajya depalawala vinshaya thama ratata nayai!!!

      Harima upaasakayoo…

      • 3% ට බය බයියා. says:

        පොහොට්ටුවේ කට්ටිය ගේ අත් වල තියෙන්නේ පිරිත් වතුර කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .අත් වල ලේ තැවරුණු LTTE නායකයන් ඉන්නෙ පොහොට්ටුවේ රජසැප විදිමින් .

      • Sanjeewa says:

        Person who remembers 1989 but conveniently forgetting last 15 years.
        People like you are responsible for the destruction of this country as much as the politicians who are distroying it.

  2. SL says:

    ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නේ පිස්සෝ ටිකක්, එක දිගට zoom class තියනවා.ළමයින්ගේ ඇස් ඉවරයි. ඊට පස්සේ telecom ,dialog උන් ට බිස්නස් විතරයි.

    අඩපන ඇමති කියල පරයෙක් ඉන්නවා ,මේවා හොයන්න ඕනේ. ගේම් කියන්නේ ළමයින් විනාශ කරන මරාලයක්. ගෙවල් වල දෙමාපියන්ට අන්තර් ජාලයෙන් ළමයින්ට ලබාදෙන පහසුකම්, යන්න පුළුවන් සයිට් වල පාලනයක් ඕනේ.

    එක දිගට එකම IP එක ගේම් වල ඉන්නවා නම් දවසට 1hr වලින් විතර automatic cut off feature ekak දාන්න ඕනේ. තව ඕනේ තරම් control options/Features තියෙනවා. මේ කාලකන්නින්ට සල්ලි විතරයි.

  3. Roshan says:

    තමන්ගේ දරුවාට අධ්‍යාපනය වෙනුවෙන් කියා ලබා දෙන ජංගම දුරකථනයෙන් දරුවා නොමඟ යන යම් ක්‍රියාවලියක් සිදු වෙයි නම් ඒවා නියාමනය කිරීම දෙමව්පියන්ගේ වගකීමකි.

  4. අබ්‍රකඩබ්‍රා says:

    මේ තරම් ගොං ද බොලේ මේ රටේ මිනිස්සු. ඒකත් බිබික්කං සංවිධාන වල මුල් පුටුවල. අන්තර්ජාලය පාලනය කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා කම්පියුටර් එකෙයි ෆෝන් එකෙයි. මෘදුකාංග තියෙනවා නොමිලේ දෙන. මුන්ගෙ ගෙවල් වල කොස්සක් නැත්ද, තිබුනත් මිට නැත්ද මන්දා. ඔක්කොටම වඩා හොඳට පාලනය කරන්න පුළුවන් කොහුමිටෙන්. ළමයි ට ගහල හදපියව්. පුද්ගලික ප්‍රශ්න රටේ ප්‍රශ්න නොකර. හැමදේම පිට මිනිහෙකුට කියලමයි කරගන්න හදන්නෙ. 😂

  5. කබ්බා says:

    මේ වර්ජන මුවාවෙන් දේශපාලන බලවේග බදාගෙන ලමයිනුත් විනාශ කරන මූසල බල්ලන් ගුරුවරුන් ලෙස හැඳින්විය නොහැකිය. මුන්ට අපරාධ නීතිය යටතේ විශ්‍රාම වැටුප් නොමැතිව සේවයෙන් පහකල යුතුය. සජිත් හෝ අනුර කුමාර බලයට ඇවිත් හිටියේ නම් මුන් රැලට සතයක් වත් නොනොලැබෙනු ඇත.

  6. T says:

    තමන්ගෙ ලමයි නියාමනය කරන්න වෙලාව නෑ. සමිති හදාගෙන ඩෙඟා නටන්න වෙලාව තියෙනවා.

  7. Ravi k says:

    What purpose Dammika perera has
    It is better to refer DP education .it is free of charge .
    Good work