Online පාසැල් ඉගැන්වීම් කරන්න සූදානම්…

May 4, 2021 at 8:40 am | lanka C news
Online පාසැල් ඉගැන්වීම් කරන්න සූදානම්…

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ඡි.එල් පිරිස් මහාතා Zoom තාක්ශනය ඔස්සේ පැවති මාධ්‍ය සාකචිජාවේදි පාසල් වල මාර්ගගත(Online) අධ්‍යාපනය විධිමත් කිරිම ගැන පුළුල් ලෙස අදාළ පාර්ශව සමග සාකචිජා කර ඇති බව පැවසීය.

නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් රටතුල පැතිරිම නිසා දෛනිකව වාර්තාවන රෝගින් ප්‍රමාණය ඉහළ යාම නිසා සියලු රජයේ පාසල් වසා දැමිමට සිදු වු බව ඇමතිවරයා පැවසිය.ගුරු ගෙදර රූපවාහිනි නාළිකාව සහා ඊ-තක්සලාව වෙබි අඩවිය ‍වෙත සෑම පාසල් සිසුවෙකුට සම්බන්ධ විය හැකි පරිදි ක්‍රමවත් වැඩිපිලිවෙලක් සකසා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව ZOOM,MS Team,Google Meet සහා Google Classroom වැනි මෟදුකාංග භාවිතයෙන් පාසල් සිසුන්ට ක්‍රමවත් මාර්ගගත(Online) අධ්‍යාපනයක් ලබාදිමට හැකියාව පවතින බවත් ඒ සදහා පාසල් තොරතුරු තාක්ශන ගුරුවරුන් ගේ සෘජු දායකත්වයක් මේ අවස්තාවේ ලබා ගැනිම පාසල් විදුහල්පතිවරුන් ගේ වගකීමක් බව ඇමතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ නැවත පාසල් ආරමිභයට පෙර සියලු ගුරුවරුන්ට කොවිඩි එන්නතක් ලබාදීමට ඇති හැකියාව පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරිය ගෙන් විමසු බවත් ඊට යහාපත් ප්‍රතිචාරයක් ලැබුන බවයි.

තවද කොවිඩි වසංගතයේ පැතිරිම සැලකිල්ලට ගෙන රජය අනාගතයේ ගුරු පද්ධතියට එකතු වීමට සිටින වර්තමාන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන්ට ලබන ජුලි මස අවසානය තෙක් නිවසට ආසන්නතම පාසලේ සීමාවාසි පුහුණුව ලැබීමට අවස්තාව ලබා දුන් බව පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශය ලෙස පාසල් ගුරුවරුන් ගේ සහා සිසුන් ගේ සෞඛ්‍යය ආරක්ශාවට මුල්තැන ලබාදි සෑමවිටම කටයුතු කරන බව ඇමතිවරයා පැවසීය.
-මාධ්‍ය ඒකකය.

– Media Unit

32,514 views

9 Comments to “Online පාසැල් ඉගැන්වීම් කරන්න සූදානම්…”

  1. kd_vidu says:

    නරි හොයන්නයි, මුගටි හොයන්නයි වගෙ එවටත් කමිටු දාන එකෙ, ඔකට තාක්ශනික කමිටුවක් දාල ඔය වැඩෙ හරියට කරන්නකො
    තව ඉම්පෘවුමන්ට් එක්ක.ඔකනෙ තනිකරම රටෙ අනාගතය තීරණය කරන්න්නෙ

  2. ගුගල් කොකා කොලා මයික්‍රොසොෆ්ට් එපා says:

    මේ වැඩ පිළිවෙල සම්පුර්ණයෙන් ම චීන විරෝධී. මේකෙන් වෙන්නේ ඇමරිකාවට සල්ලි යන එක. ඒ වගේම තමයි චිනේ මේ ක්‍රමේට දැඩි විරුද්දයි. චීනෙට පඩයක් ගියත් ඒකට බයේ ගැහෙන ගෝතා ඉතින් මේක නිසා චීනෙන් කොන් වෙයි ද

  3. පියරු says:

    කොවිඩ් හැදිලා පාසල් වහලා අවුරුද්දකට වැඩියි. හැමෝම කියුවා මේ කොවිඩ් තත්වය තව අවුරුදු දෙක තුනකට පවතින්න පුළුවන් කියලා. මු දැන් කියනවා ඔන්ලින් ක්‍රමයට ඉගැන්වීම් කළහැකි ක්‍රම සොයනවා කියලා. මු මෙතෙක් කල් මොනදා කලේ. අර එස් බී කියුවා වගේ මු සහ මුගේ ලේකමා රටේ අධ්‍යාපනය පිලිබඳ කිසිවක් කරලා නැ. රටේ මොට්ට ජනතාවක් හැදුවාම මොට්ටයන්ට රට පාලනය කරන්න ලේසි නිසාද ? අද රටේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මැද පෙරදිග නුපුහුණු ශ්‍රමික ආදායම. ඉතින් අපේ රටේ මුලිකම කාර්ය විය යුත්තේ අධ්‍යාපනය ලෝක මට්ටමට ගෙන එම, එහෙම විසේෂත්වයක් දෙන්න ඕනේ අමාත්‍යංශයකට මේ වගේ පියරු පොන්න බබෙක් දාලා ඊටත් එහා පිස්සු ලේකම් කෙනෙක් දාපු ජනාදිපති මේවට වග කියාන ඕනේ.

    • G L P says:

      අධ්‍යාපනය නවීකරණය කරන්න තමයි රටේ ප්‍රමුකම තැන දෙන්න ඕනේ. මොනවා වුනත් පසුගිය රජය අධ්‍යාපනට සැහෙන් තැනක් දුන්නා. කිසිම් හිතවත් කමකට ළමයි ජාතික පාසල්වලට දන්න දුන්නේ නැ, කම ඉස්කොලයක්ම හදන්න උත්සහා කළා. පින්ලන්තේ තමයි දැනට ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ. අධ්‍යාපන අමාත්යන්ශේ නිලධාරීන් එහෙ යවලා ඒ කමය ලංකාවේ ක්‍රියාත්මක කරන්න සැහෙන් උත්සහයක් ගත්තා. නමුත් අපි හිතුවේ ඊටත් වඩා හොඳට ඇමරිකාවේ ඉඳලා අපු අපේ ‘ස’ කරයි කියලා. නමුත් පිස්සෝ දෙනෙක්ට අමත්යන්ශේ දීල එතුමත් ඔහේ ඉන්නවා. සල්ලි කාරයෝ ඉන්ටර්නසනල් යවලා තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා අනික් අය අලුතෙන් හදන චීන කර්මාන්ත්ශලා වල වැඩ කරන්න ඕනේ නිසා යන්තම් අකුරු ලියන්න ඉගනගත්තොත් ඇති කියන මතේ වෙන්න ඇති මේ අය ඉන්නේ.

  4. බන්ඩා says:

    ඔන් ලයින් උගන්වන්හ හදනවා. රට කරවන ඇමතියන් බහුකරයට e-mail නැහැ. තියන උන් email එකට උත්තර දෙන්නේ නැහැ.

  5. මැදමුලනෙ මුත්තා says:

    ඉතිං යකෝ රනිල් කොළුව ඒක තමයි කීවෙ ශිෂ්‍යයින්ට Tab පරිගණක දෙන්න කියල. එවෙලෙ තමුනුත් මීට විරැද්ධව කතාකොළා නේද?

  6. lalith says:

    ඔය පාසැල් පෙළපොත් ටික වීඩියෝ එකතුවක් ලෙස එලි දක්වන්න ..හැමෝටම ඔන්ලයින් එන්න බැහැනේ.

    • d p education says:

      ධම්මික පෙරේරාගේ ඩී. පී. එඩුකේෂන් කියන සයිට් එකේ ඔක්කොම අධ්‍යාපන අමාත්‍යංශයේ විෂයන්ට අවශ්‍ය පාඩම් වීඩීයෝ තියනවා.

Leave a Comment

Main News