PCR කට්ටල ඇත්තේ සති හයකට පමණයි

May 1, 2021 at 5:30 pm | lanka C news
PCR කට්ටල ඇත්තේ සති හයකට පමණයි

වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පී.සී.ආර්. කට්ටල ගණන ප්‍රමාණවත් වන්නේ සති හයක කාලයකට පමණක් බව ඖෂධ නියාමන, සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වයිරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් පී.සී.ආර්. කට්ටලවල හිඟයක් නිර්මාණය වී ඇතත් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් පරීක්ෂණ කට්ටල ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

හදිසි තත්ත්වයක් ඇති වුවහොත් තවත් කට්ටල ලක්ෂ තුනක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන ඒමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පී.සී.ආර්. කට්ටල සපයන සැපයුම්කරුවන් තිදෙනෙකි. ඔවුන් සමග දෛනිකව කරුණු විමසන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ගෙවුණු සතිය තුළ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල විසිපන් දහසක් පමණ දෛනිකව වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහල්වලට මුදාහැර තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකුවේ කොවිඩ් පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතියට දැනුම් දී තිබේ.

එම ඉල්ලීම යුනිසෙෆ් සංවිධානයට දැනුම් දුන් බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණඩාර පැවසුවේය. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් මත ගැටලු මතු වුවත් පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේය.

උදයජීව ඒකනායක
– aruna

29,238 views

7 Comments to “PCR කට්ටල ඇත්තේ සති හයකට පමණයි”

  1. අමල් says:

    මුන් නම් පුදුම පත්‍තර කාරයෝ තමයි. ඇයි යකෝ සති 6කට ප්‍රමාණවත් කියලනෙ ගහන්න ඕන නිවුස් එක. PCR kit සති කීයකට තියෙන්න ඕන එහෙනම්

  2. ,මරතේනිස් අයියා says:

    නිළ ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනා ටීවී එක ඉස්සරහට ඇවිත් කිව්වෙ ඕනම තත්වයකට අපි සූදානම් කියලා ඒ බොරැවටද?

    • KP says:

      සූදානම් හින්දා නේන්නං සති 6කට ප්‍රමාණවත් ව තියෙන්නේ… අර ප්‍රොපෙසර් සජිත් කියපු විදිහට ඕන එකායි එපා එකයි සේරම PCR කරා නං දැං pcr කට්ටල ඉවර වෙලා ගොඩක් කල්

      දිනකට කරන PCR ප්‍රමාණය තීරණය කරන EPIDEMIOLOGICAL BASIS එකක් තියෙනවා. එකක් තමයි අහඹු PCR වලින් සොයා ගන්න පොසිටිව් ප්‍රතිශතය…. ඒක 5%ට වැඩි නං ඊලඟ වටයෙ PCR එයට සාපේක්ෂව වැඩි කරනවා… 5%ට අඩු නං පෙර දිනයේ ප්‍රමාණයට අඩු කරනවා… එහෙම තමා ජනවාරි මාර්තු අතර PCR අඩු කරේ… අපේ ඉන්නවානෙ ලොවෙත් නැති බුද්ධිමත්තු…උන් තර්කයක් ගෙනාවා PCR අඩු නිසා ⁣රෝගීන් ගාන අඩුයි කියලා… ඒක නෙවෙයි ඒකෙ අනික් පැත්තයි ඇත්තට වුනේ…. දැං වෙලා තිිිිිිිිිිිිිිිියෙක්නේ හැම කොල්ලායි බල්ලායි ම හිතන්නේ උන් EPIDEMIOLOGIST ලාට වඩා රෝග පාලනය ගැන දන්නවා කිිිියලා නෙ . සැහැල්ලු වාහන එලවන්න Licence තිබ්බාට බර වාහන එලවන්න බෑ නෙ බ්‍රෝ?

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කැළණියෙන් නයෙක් මතුවෙලා ඩෝන් ගාල සද්දෙකුත් දාල රටට ඉතා හොද කාලයක් එනව කියල සාදුල නෙලුම් පොහොට්ටු බෙදුව බැතිමත්තු ඒව අරන් චන්දෙත් දාල ආව එදා ඉදන් රටට පට්ට සුබ කාලයක්

    • පූට්ටුව ට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

      ආපු නයා අන්තිමට බෝතලේක දාල තිබිලා මල්වානේ පැත්තේ අයිතිකාර යෙක් නැති බංගලාවක තිබිලා මාට්ටු උනා. ඊට පස්සේ මහදාවල් රෙද්ද ගැලවුණා කියලා දැන ගත්ත ඇට නම ලක්ෂෙ බයිලන්ත වාසීන් වියත්මඟ එනකම් දෙකේ දෙකේ පොල්ලක් තියන් ඉන්නවා කාලගුණ සලකන්න.

    • පූට්ටුවට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

      ආපු නයා අන්තිමට බෝතලේක දාල මල්වානේ පැත්තේ අයිතිකාර යෙක් නැති බංගලාවක තිබිලා මාට්ටු උනා. ඊට පස්සේ මහදාවල් රෙද්ද ගැලවුණා කියලා දැන ගත්ත ඇට නම ලක්ෂෙ බයිලන්ත වාසීන් වියත්මඟ ලොරි ටෝක් සෙට් එක එනකම් දෙකේ දෙකේ පොල්ලක් තියන් ඉන්නවා, කලගුණ සලකන්න.

  4. දුටුගැමුණු says:

    වෙසක් උත්සවය තහනම් කර ඊනියා මාර උපදේශක සභාවේ උපදෙස් මත සැලසුම් කල “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව “විශාලා මහනුවරක්” කරගැනීමට රජයට අවස්ථාව ඇත. ඔබ එයට හැකි පමණින් උපකාර කර පිං කර ගත හැකිය

Main News