PCR පරීක්‍ෂණවලින් 8%ක් ආසාදිතයන්.. රට පුරාම කොරෝනා උප පොකුරු..- සුදර්ශනී උපරිම අනතුර දන්වයි..

April 29, 2021 at 10:02 pm | lanka C news
PCR පරීක්‍ෂණවලින් 8%ක් ආසාදිතයන්.. රට පුරාම කොරෝනා උප පොකුරු..- සුදර්ශනී උපරිම අනතුර දන්වයි..

අද වන විට මෙරට සිදුකරන PCR පරීක්ෂණ වලින් 8%ක් කොරෝනා ආසාදිතයන් හමු වන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

මීට පෙර සිදුකළ පරීක්ෂණවලදී එම ප්‍රමාණය වාර්තා වූයේ 3%ක් පමණ අගයක බවත් ඇය සඳහන් කළාය.

මෙතරම් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ දින දහයක් වැනි කෙටි කාලයකින් යැයිද කී ඇය ඉදිරියේදී තවදුරටත් එම ප්‍රතිශතය වර්ධනය විය හැකි බවද කියා සිටියාය.

අද වන විට රට පුරාම කොරෝනා අනු පොකුරු නිර්මාණය වෙමින් ඇති බවත් එනිසා සෑම දිස්ත්‍රික්කවලම අතර මැදි රෝහල් ස්ථාපිත කර දිස්ත්‍රික්කය තුළ ම රෝගීන් කළමනාකරණය කරගැනීමට පහසුකම් ආරම්භ කර ඇතැයි ද ඇය පැවසුවාය.

24,765 views

2 Comments to “PCR පරීක්‍ෂණවලින් 8%ක් ආසාදිතයන්.. රට පුරාම කොරෝනා උප පොකුරු..- සුදර්ශනී උපරිම අනතුර දන්වයි..”

  1. Madushanka says:

    දොස්තර චන්දිම ජීවන්දර කියනව අප්‍රේල් අට වෙනිද අලුත් වයිරස් ප්‍රභේදය ගැන බලධාරීන් දැනුවත් කලා කියල ඒ කියන්නෙ මේකත් පාස්කු ප්‍රහාරෙ වගේම දැන දැනම කෙලවෙනකල් අවුරුදු බාල් නටන්න ඇරල දුන්න .වහාම වගකිවයුත්තන්ට දඩුවම් කරනු

    • RED BULL says:

      උඹ ඔහොම කිව්වයි කියල මං වග කිව යුත්තන්ට කියන්නම්,තැන්ක් යූ මචං.

Main News