PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය

October 19, 2020 at 10:25 pm | lanka C news
PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සිදු කරන PCR පරීක්ෂණ තනිකරම වංචාවක් බව ශ්‍රී ලංකා රසායනාගර සංගමය සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

PCR පරීක්‍ෂණ මාෆියාවක් වී ඇති බවත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයද සම්බන්ධ බවත් ඔහු චෝදනා කරයි.

පුද්ගලික අංශ හා විශ්වවිද්‍යාල වලින් සිදු කරන පරීක්ෂණවල නිවැරදිතාවය පිළිගත නොහැකි බවද ඔහු කියා සිටී.

අද වන විට මෙම පරීක්ෂණ සිදුකරන්නේ එක එක අයට ඕන ආකාරයට මිස කිසිදු ප්‍රතිපත්තියක් අනුව නොවන බවත් ඔහු පවසයි.

අද වන විට රෝගය බෝ වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බවත් කොතරම් පිරිසක් සමාජයේ ආසාදිතයන් ඉන්නවා දැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය දැන් සමාජයේ ව්‍යාප්ත වෙලා අවසන් බවත් ආණ්ඩුව විසින් පවසන්නේ බොරු බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමිනි.

189,960 views

23 Comments to “PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය”

  1. kkuruwita says:

    බොරදියේ මාලු බාන දෙන්නෙක්ගේ ප්‍රචාරක වැඩක්නේ මේ ! බොරු වල, හිතලූ වල, කොන්ත්‍රාත් කියමන් වල news value එකක් නැත. මේවා නිකං ජනතාව අවුස්සන්න හදන පුස් වෙඩි විතරයි.

    • ප්‍රසාද් says:

      කොරෝනා හමුවේ කොන්වී සිටින අය කියන සිත නිවන කතා …….
      PCR පරීක්ෂණ වල වාර්ථා වැරැදී වහගන්න අනුන්ට දොස් පැවරීම……
      අනුමත කල නොහැක.

    • RED BULL says:

      සහතික ඇත්ත​,මේ නිවේදකය අධිතක්‍ෂේරුවෙක්,සියල්ල දත් කිසිවක් නොදත් එකෙක්.ඔහු ඉන්ටර්වීව් කරන ගොබිල කිඹුල් වලේ වෙදාගෙ සුරතල් කිඹුල් පැටියෙක්.

  2. podda says:

    යකො චමුදිත​,
    මේ MLT (medical lab tech) හාල් කෑලි ගෙනල්ල මුන්ව විද්ද්‍යාඥයො කියල මිනිස්සුන්ට පෙන්නන්න එපා. මිනිස්සු හින වෙන්නෙ උඹටයි.

  3. පීටර් බෙම්මුල්ලේ says:

    මේ චමුදිතයා ලබන වර අපි පොදු අපේක්ෂකයා කරලා දාමුද?

  4. ගමේ වෙදා says:

    කොරෝනා වයිරසයට වඩා භයානක වයිරස් පලමුව මරා දැමිය යුතුයි

  5. වස්කෝදගාමා says:

    එතකොට ජයවීර බණ්ඩාරයාත් මාටියා ගහලා අහු වුනා නේද?

  6. විස්වා අරුනජිත් says:

    කුමුදේශ් …..

    දෙමලෙක්ද?

  7. Dr Zee says:

    සමස්ථ සමාජයේම ඔහොම පැතිරිලානම් හොඳයි නේ. කිසිම අමරුවක්, ලෙඩක් නැත්නම් මොකටද ඔච්චර උඩ පනින්නේ.
    රට ඇරල එයා පෝට් ඇරල දැම්මම ඉවරයි නේ.

  8. ප්‍රසාද් says:

    මේ පිං ගොනා පරීක්ෂණ වාර්තා වැරදියට දුන්නේ නැතිලු ……… එතකොට පරීක්ෂණ කලේ අපිද???
    අපි නොදන්න උබලගේ පරීක්ෂණ වාර්තා………

Main News