ගැසට් කැඩූ ප‍්‍රකට පුද්ගලික රෝහල් දෙකකට නඩු…

August 16, 2021 at 12:00 pm | lanka C news
ගැසට් කැඩූ ප‍්‍රකට පුද්ගලික රෝහල් දෙකකට නඩු…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2240/30 අති විශේෂ ගැසට් පත්‍රයට අනුව කොරෝනා රෝගය පරික්ෂා කිරීම සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණය සඳහා අයකල හැකි උපරිම ගාස්තුව රුපියල් 6500ක් සහ Rapid Antigen පරීක්ෂාව සඳහා සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 2000ක් ලෙස නියම කර ඇත.

නමුත් 13 දින පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් සිදු කළ විමර්ශනයකදී ප්‍රසිද්ධ රෝහල් දෙකක් මගින් ක්‍රියාත්මක වෙන්නප්පුව සහ හලාවත ප්‍රදේශ වල පවත්වාගෙන යනු ලබන රසායනාගාර මධ්‍යස්ථාන දෙකක PCR පරීක්ෂාව සඳහා නියමිත ගාස්තුවට වඩා ඉහළ මිල ගණන් අය කළ බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව පුද්ගලික රෝහල් දෙකට එරෙහිව මාරවිල හා හලාවත මහේස්ත්‍රාත් අධිකරණ වල ඉදිරියේ දී නඩු පැවරීමට නියමිතව ඇත.

PCR හා Rapid Antigen පරීක්ෂණ ගාස්තු සම්බන්ධව තවදුරටත් දිස්ත්‍රික්කය පුරා විමර්ශන සිදුකරන බව පුත්තලම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසා ඇත.

– කැලුම් රත්නායක

50,248 views

5 Comments to “ගැසට් කැඩූ ප‍්‍රකට පුද්ගලික රෝහල් දෙකකට නඩු…”

  1. Ranasinghe says:

    This is not only Puttalam at Negombo leading private hospital branch is charging 8.500/= for PCR. their mother hospital at colombo there charge is 7.500/= when I asked with the management in negombo hospital they said for transportation to colombo take additional 1000/= that is why their cost 8.500/=

    should raid this hospital also

    • Malan says:

      Yes this is absolutely true, this is one of the leading hospital in colombo, negombo branch is doing this stupid thing, for each PCR they are charging additional 1000 rupees (total 8500/=) for transportation to colombo
      why the government is keeping quite for these private hospitals.

  2. සාරුවාද සුනිල් says:

    මේ මොකක්ද දන්නේ නැහැ මේ ඉස්පිරිතාල දෙක. නම් දැම්මා නම් අපිට ත් දැනගන්න. අහහරුලෝක ද ? අම්මටසිරි ද ? නැත්නම් බෆලෝ එකද ?;එහෙමත් නෙමේ නම් එහේ මාස් ද ?

  3. Sam says:

    Anek district wala paribogika adhikariyata nidhi beheth dheeladha?

Main News