PCR වලින් ආසාදිතයන් හමුවීම 7.2% සීමාවට.. අතැම් තැන්වල 30% වෙයි.. ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්..

February 10, 2021 at 6:24 am | lanka C news
PCR වලින් ආසාදිතයන් හමුවීම 7.2% සීමාවට.. අතැම් තැන්වල 30% වෙයි.. ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්..

දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කඩිනම් අවධානයක් යොමු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයින් මියයාම පසුගිය දින කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එක සියයට 7.2ක දක්වා ගමන් කරලා තියෙනවා. සමහර තැන්වල මේක සියයට 15, 20, 25, 30 දක්වා ගමන් කරන තැන් තියෙනවා. අපි කියන්නේ අධි වසංගත තත්ත්වයකට ගමන් කරමින් සිටිනවා. දැන් හොඳම උදාහරණය කුරුණෑගල අඹන්පොළ විවාහ මංගල උත්සවයේ දී ඉතාමත් ශීඝ්‍රයෙන් මේ වෛරසය ව්‍යාප්ත වෙනවා. අත්තටම මේක අලුත් ප්‍රභේදයක්දැයි සොයා බැලිය යුතුයි. දැන් දකුණු අප්‍රිකායේ ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතා කිරීම නැවැත්වුවා. දකුණු අප්‍රිකාවේ වාර්තා වුණ අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනකා එන්නතින් ඔරොත්තු දීමක් සිදුවෙන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවාද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රටට ආවා කියලා ? ඒක දැන්ගන්න අපිට පහසුකම් තියෙනවාද ? එකක්වත් නැහැ. දැන්ට අපි ජයවර්ධනපුර රසායනාගාරයෙන් සම්පල කිහිපයක් යවලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ගන්න බැහැ“

– adaderana

28,011 views

15 Comments to “PCR වලින් ආසාදිතයන් හමුවීම 7.2% සීමාවට.. අතැම් තැන්වල 30% වෙයි.. ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්..”

  1. gonja says:

    මෙ හරිතය ඇස් උඩ තියා ගෙන කියෝනවා, අයි මේ අය රජයට රට ලොක් ඩෞන්කරන්න කියල උප දේස් නොඩෙන්නේ. බොරුවට කියවන එකේ විසදුමක් දිය යුතුයි නෙද.

  2. Jagath says:

    “කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් උනා “

  3. wijebahu says:

    Ape Sir dan olmorandan weal inne. ‘mama koropu hati’ kohomada? now the whole world can see the pre-lection false portrait built by the pathetic media.

  4. wijebahu says:

    Ape Sir dan olmorandan wela inne. ‘mama koropu hati’ kohomada? now the whole world can see the pre-election false portrait built by the pathetic media.

  5. Leela says:

    පැනික් වෙන්න එපා ස, සේරම බලාගනී

  6. Jagath says:

    පට්ට පට්ට

  7. ජේ.J says:

    අනේ මන්ද අමාරු වෙලාවල්වල මුන් කොහේ හිටියාද කියල…. පොරවල් වෙන්න හදන්නේ මේවගේ කුක්කො…….

  8. කුඹුක්කණ් says:

    හෙම්බිරිස්සාව තරං වත් මරණ අවධානමක් නැති ලෙඩකට , ඕනවට වඩා ප්‍රචාරයක් දීලා රට්වල් වහගෙන කෝටි ගණං වියදං කරගෙන PCR, Antigen , Mask, Sanitizer සහ දැන් බටහිර විද්යාත්මකව වෛරස් වලට ප්‍රායෝගික නොවන වෛරස් එක වෙනස් වෙනකොට මෙලෝ වැඩකට නැති එන්නත් වලට කෝටි ගනං වියදං කරගෙන සංදර්ශන පවත්වනවා.
    ආයුර්වේදයට හෝ වෙනත් වෙදකමකට අවස්තාවක් නොදී , මාධ්ය ඉස්සරහ කියෝ කියෝ හූල්ල හූල්ල ඉන්නවා.

    අර පාස්ටර් ලා උන්ගෙ මෝඩ භක්තිකයන්ව දවස ගානෙ අන්දනවා වගේ , බටහිර ඇලොපති medical rep ලා ටික ලංකාවම භය කර කර ඉන්නවා.
    මෙහෙ ඉන්න ගොං උගත්තු ටිකත්, විද්යාව විද්‍යාව කියලා දුන්න ගමන්
    නියමායි… කියාගෙන යනවා

    • කුඹුක්කණ් says:

      නලින් ප්‍රොපාගෙ වද කිරීමට මම මෙහෙම කිව්වට මමත් ඉතින් බලාගෙන ඉන්නේ ලැබෙන මුල් අවස්ථාවෙදිම එන්නත අරගන්න. ඔය ප්‍රත්‍යක්ෂයි අරකයි මේකයි නිකන් කට වචනෙට විතරක් කියන පැණියවල් වලට වැඩා එන්නතේ විද්‍යාත්මකව තහවුරු කරපු 70% වැදගත් කියන එක ඉතින් ඕන ගොන් බූරුවෙකුට තේරෙනවා නේ. අනික එන්නත් කරන්න පටන් ගත්තු රටවල් වල කොරෝනා පැතිරීම දැන් අඩු වෙන්නත් පටන් අරගෙන. වෙන එකක් තියා අපේ නලින් ප්‍රොපා පවා එන්නත් හොරාටම ගහගෙන කියලා තමයි ආරන්චිය.

    • නලින් ප්‍රොපා says:

      කුඹුකෝ උඹ මගේ හෙළුව වහන්න ගොඩක් මහන්සි ගන්න එක මම අගය කරනවා. ඒත් ඉතින් දැන් මගේ රෙදි ඔක්කොම ගැලවිලා ඉවරයි නේ බං. ඒක නිසා උඹේ මහන්සිය අපරාදේ. ඒක නිසා මගේ යන්තම් ඉතුරු වෙලා තියෙන ජංගි කෑල්ලත් ගලවන්නේ නැතිව කට පියාගෙන හිටියා නම් තමයි හොඳ.

    • කුඹුක්කණ් says:

      විද්යාව කිව්වම , පාස්ටර්ලගෙ පස්සෙ යන ගොන්නු වගේ යනවා

      නෙදකිං තොපි , විද්යාත්මක තහවුරු , රෙද්ද තමා,
      උඹලා විද්‍යාව ඕලෙවල් වලට වත් කලාද?

      වෛරසය වෙනස් වෙනකොට සාර්ථකත්වය 0%
      70 % විද්‍යාව කියකිය හිටහං කොරෝනා හදාගෙන ඊට පස්සෙ

      රෙදි ගැලවුනේ බටහිර ඇලොපති වෙද නඩේ,, වෛරස් වලට බටහිර විද්‍යාවේ බෙහෙත් නෑ , ඒ වගේ වෙන වෙනස්කම් නිසා
      එන්නතක් සරණ යනවා කියන එක , පාස්ටර් කෙනෙක් සරණ ගියා වගේ තමා..

      විද්යාත්මකව ඔප්පු කර විදියටම කොරෝනා වෛරස් එක නියතව තියෙනවනං , වැඩේ හරි 70 % ක් ගොඩ

      ඉතිං උබලා දන්න විද්‍යාව , එහෙම වෙන්නෙ නෑ, ඒක හිංදා ටික කාලෙකින් ආයෙ එන්නතක් ගහන්න වෙනවා මැරෙනකංම පුපට එන්නත් කෙලෝ කෙලෝ හිටු

      ඒක විදින සෑම වෙලාවකම , විද්යාව් විද්යාව , කියලා මතුරන්නත් අමතක කරන්න එපා

      මෝඩ හැත්ත

      • Prasanna says:

        වයිරස් වලට බටහිර විද්‍යාවේ බෙහෙත් නැතිලු. මොනවද බන් උඹ මේ කරන ජෝක්. කොහොමත් රෙදි ගැලවිලා ඉන්න නලින් ප්‍රොපාගෙයි උගේ ගෝලයන්ගෙයි යන්තම් ඉතිරි වෙලා තියෙන ජංගි කෑල්ලත් ගලවන්නද බොල උඹ ඔය හදන්නේ? හොයලා බලපන්කෝ ප්‍රති වයිරස් ඖෂධ කියන්නේ මොනවද එන්නත් නිසා ලෝකයේ පාලනය වෙලා තියෙන ඒ වගේම ලෝකෙන් තුවන් වෙලාම ගිහිපු වයිරස් රෝග කීයක් තියෙනවද කියලා. අනික මෝඩයෝ වයිරස් කියන ඒවයේ අළුත් ප්‍රභේද හැදෙන්නෙත් තියෙන ඒවා වෙනස් වෙලාම තමයි. එහෙම නැතිව කාලි වත් නාථයා වත් අළුත් ප්‍රභේද හදලා ගෙනැල්ලා දාන්නේ නැහැ. ඉතින් ඒ වදියට වයිරස් වල අලුත් ප්‍රබේධ හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්නේ වයිරස පැතිරෙන තරමටයි. ඒක නිසා තමයි එන්නත් වලින් ඒ විදියට පැතිරෙන එක පාලනය කරන එක වැදගත් වෙන්නේ. උඹ දන්නේ නැතිනම් හොයලා බලපන් අන්න එන්නත් කරන්න පටන් ගත්තු රටවල් වල දැන් ව්‍යාප්තිය සැලකිය යුතු තරමින්ම අඩු වේගෙන යනවා. දැන් වත් උඹ නොදන්න මගුල් ගැන කියවලා පච නොවී හිටියොත් උඹලාගේ ඉතිරි වෙලා තියෙන ජංගි කෑල්ල හරි බේරා ගන්න පුළුවන් වෙයි.

      • නලින් ප්‍රොපා says:

        කුඹුකෝ උඹ මගේ හෙළුව වහන්න ගොඩක් මහන්සි ගන්න එක මම අගය කරනවා. ඒත් ඉතින් දැන් මගේ රෙදි ඔක්කොම ගැලවිලා ඉවරයි නේ බං. ඒක නිසා උඹේ මහන්සිය අපරාදේ. ඒක නිසා මගේ යන්තම් ඉතුරු වෙලා තියෙන ජංගි කෑල්ලත් ගලවන්නේ නැතිව කට පියාගෙන හිටියා නම් තමයි හොඳ.

Main News