PCR වලින් 60%ක් පොසිටිවු..

August 18, 2021 at 3:00 pm | lanka C news
PCR වලින් 60%ක් පොසිටිවු..

කොරෝනා වෛරස ව්‍යාප්තියේ නිවැරදි දත්ත වසන් කිරීමක් සිදු වෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

වෙරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාධ්‍ය ඔස්සේ දත්ත වසන් කිරීම මගින් එය පාලනය කළ හැකි යැයි සිතනවා නම් එය මෝඩ ක්‍රියාවක් යැයි ද ඒ මහතා කියා සිටියි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම සංඛ්‍ යාලේඛන ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ දිස්ත‍්‍රික් මට්ටමින් වලින් නිකුත් කරන සංඛ්‍යාලේඛන වලට වඩා අඩු ප්‍රමාණයක් ජාතික මට්ටමෙන් මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ දෛනිකව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් 60% ක්ම ධනාත්මක වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

45,918 views

10 Comments to “PCR වලින් 60%ක් පොසිටිවු..”

  1. MOH says:

    Performing PCR and Antigen tests by the private hospitals in Homagama area are stopped by the MOH in that area.

  2. 3% ට බය බයියා. says:

    69% වෙනකම් බලාගෙන ඉන්නෙ .

  3. රන්වල says:

    මෙච්චර කල් ආණ්ඩුව ගත්තු තීන්දු එක්ක බැලුවම වැඩිපුර පොසිටිව් වෙන එකට විසදුම ලෙස පී සී ආර් ටෙස්ට් වහාම නතර කරයිද දන් නෑ.එහෙව් පුතේල.හැබැයි එහෙම කලොත් විකල්පයක් ලෙස ශ්‍රීලන්කා පොදු ජන කට්ටඩින්ගේ සන්ගමය එක්ක එක්කහු වෙලා හෙළ රෝග හඳුනාගැනීමේ ක්‍රම වලට යන්න පුලුවන් පේන සාස්තර අන්ජනම් වගේ.පී සී ආර් තරම් ගනන් නෑ සුද්දට ඩොලර් ගෙවන්න ඕනිත් නෑ බුලත් අතයි රුපියල් පන්සීයයි.පන්සීයෙ කොළ ටික නම් අචචු ගහතෑකි පහුගිය කාලෙ පන්දහෙ කොලේ ගැහුව වගේ පොටෝ කොපි ගහන්නැහෙ.

  4. Karunarathna says:

    පේනවනෙ මුන් වැඩකරන්නෙ කාටද කියලා සුවාදීනයි වගේ ඉදගෙන .. රටේ ආර්තිකේ අස්තාවර කරලා කණ්ඩායමකට බලය දෙන්න තමා මුන්ගෙ ටාගට් එක.. මුන්ට තේරෙන්නෙ නෑ රට බංකොලොත් උනොත් කන්න නැති වෙන්නෙ මුන්ටත් එක්කම කියලා.. මාස 6කට සැරයක් මාසයක් විතර නිවාඩු ගන්න එක පුරුද්දක් වෙලා මුන්ට.. ගෙදර දොරේ වැඩ ඇති කරගන්න .. ඒකයි මුන් ලොක්ඩවුන් ඉල්ලන්නෙ.. නැතුව රටට ආදරේට නෙමේ.

    • ගාමිනී හන්තාන says:

      ඇයි බන් හැම නිව්ස් එකම එකම කමෙන්ට් එක දාන්නේ? උබට කමෙන්ට් ගානට සල්ලි ගෙවන එකාටත් බොරුව දානවා නේද? දැන් ගිය අවුරුද්දෙ ඉදන්ම රට වැහුවෙ නෑනේ ද? එතකොට දැන් රටෙ ආර්ථිකය හොදයි ද? මහා එකාට රට හදන්ඩ තියෙන උපාය මාර්ග මොනවද?
      මෙච්චරයි කරන්ඩ තිබ්බෙ…ඩෙල්ටා කොලඹින් අදුනා ගත්ත ගමන් රට සති දෙකක් වහලා පීසීර් වැඩිකරා නම් ඒක පැතිරෙන්නේ නැහැ නේද? කොහෙද දොස්තර ල කොවිඩ් ගැන දන්නේ නැහැ නෙ මහ තැන තරම්.

  5. Silva says:

    ජෝසප් ස්ටාලින් , ගුරුවරුන් විදුහල්පතිවරුන් , ජේවීපී කාරයෝ සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ

  6. Sahan says:

    ඡන්ද දිනන්නේත් ඕමනේ ඉතින්…

  7. බඩ ලොකු මොලේ නැති අප්‍රසන්න says:

    ඉතින් අපිට මැරෙන්න ද කියන්නේ ?

  8. රට වහල නොවේ කන්න බොන්න නැතිව මැරෙන්න වෙන්නේ. කාබනික මේනියාවට පින්සිදු වෙන්න. ආනයනය කරන හාල් කාබනික වෙන්න ඇති…. ඒවට ඩොලරුත් ඇති…. 10% ලොක්ක දිනුම්

  9. කුඹුක්කණ් says:

    වැක්සීන් එක තමා හොදටම කලේ, සල්ලි නාස්ති කිරීම