PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරමින් චක‍්‍රලේඛයක්..

September 8, 2021 at 3:24 am | lanka C news
PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරමින් චක‍්‍රලේඛයක්..

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි.

රෝග ලක්‍ෂණ සහිත වූවන් සහ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ සීමා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද ඔහු පැවසීය.

ඒ අනුව පරීක්ෂණ සිදු කරන්නේ ඉතා සීමිත පිරිසක් සඳහා පමණක් බවත් පවසන සභාපතිවරයා එමඟින් වාර්තා වන ආසාදිතයන් මෙන් කිහිප ගුණයක් සාමාන්‍ය සමාජයේ ආසාදිතයන් සිටිය හැකි බවද කියා සිටියේය.

ඒ අනුව නිල සංඛ්‍යා ලේඛන මඟින් පමණක් කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් ලබා ගත නොහැකි බවද ඔහු පැවසීය.

44,456 views

10 Comments to “PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරමින් චක‍්‍රලේඛයක්..”

  1. Janaka says:

    දරු මුනුපුරන් ඇතුලු සිය ගනනක් පිරිවරා පිටත්වීමට යෝජිත සුඛෝපබෝගී ඉතාලි සංචාරයට වැයවන විදේශ විනිමයෙන් රටට අවස්‍ය සියලුම PCR සහ ඇන්ටිජන් කට්ටල මෙරටට ගෙන්වා ගත හැකියි

    • පොඩි එකා says:

      මැරිලා පල ඔය බහිරව යා ඉතා ලියෙම.

      කාලා කාලා ඉදිමිලා හැටි විවිතරක් තුහ් නොදේකිං

  2. Covid Appuhamy says:

    We are into the 3rd week of lockdown and the cases are still high. The authorities need to identify how the Virus is still spreading despite the lock down.

  3. SL says:

    USD$1.5ට තියෙනප RAT කට්ටල තියෙද්දි මේ කාල කන්නි දහස්ගනන් වියදම් කරනව.

    • ගෞම් ඊයාරාජ් says:

      මෙහෙමනේ මතං වචන දෙකක් කතාකරගන්න බැරි මෙලො දැක්මක් නැති චරිත මහතීර් මොහොමඩ් ,ලී ක්වාන් යු ඇන්ඩ් වැල්දමිය’ර් පුටින්
      ගනයේ චරිත කරන්න ගහපු මාධ්‍ය ගේමට කෘතගුණ සලකන්න ඔහොම් දීලා මදී , තව ඉස්සරහට හොද හොද සෙල්ලං.

  4. කුඹුක්කණ් says:

    ඕක කලිං කරන්න තිබ්බෙ , එහෙනං කොරෝනා කියලා දෙයක් මේ රටේ නෑ.

    දැන් සංචරණ සීමා දාලා , PCR සීමා කරනවා
    ඊට පස්සෙ කියනවා කොරෝනා පාලනය වුනා කියලා.

    යම පාලන කාලෙ පරාජිතයා සුවපති ඉන්නකොටත් වසංගත ආවා , ඉබෝලා සාර්ස් නමුත් ඌ ගනං ගත්තෙත් නෑ , ඩොකාලා ගනං ගත්තෙත් නෑ.
    අපිට හැදුනද දන්නෙත් නෑ කාට හැදුනද කවුරු මලාද දන්නෙත් නෑ.

    නිවුමෝනියා ගොඩට මරණ ප්‍රමාණයක් එකතු වුනා.

    අදත් වෙන්නෙ ඒකමයි, හැබැයි ඩොලර් කෝටි ගනං වැක්සීන් වලට වියදං කරන්වා, රට වහගෙන ආර්ථිකය විනාස වෙනවා. මාස්ක් , සැනිටයිසර් වලට වියදම් වෙනවා, අනවශ්ය මානසික පීඩනයක් ඇති කරනවා , මාධ‍ය වලින්.

    වැක්සීන් ගැහිල්ල නිසා
    ආසාධිතයන් දවසින් දවස වැඩි වෙනවා
    මිය යෑම් දවසින් දවස වැඩි වෙනවා

    වැක්සීන් ඕනෙමයි කියපු බටහිර බලු උගත්තු ටික , දැන් ශේප් එකේ මාරු වෙනවා.

  5. හෙළයා says:

    මෙවන් ක්‍රියාවන් තුලින් ජනතාව මුලා කිරීමට ගොස් අවසානයේ ජනතාවගේ විශ්වාසය නැතිවී යෑමෙන් ආර්ථිකය බරපතල ලෙස බලපා හැක. දැන් දැන් බලධාරීන් සැගවුවත් පූර්ණ එන්නත්කරණයට ලක්වුවත් දරුණු ලෙස රෝගි වීමත් මරණයට ලක්වීමත් ක්‍රමයෙන් වර්ධනය සිදුවෙමින් පවති.

  6. Nethmi De silva says:

    අපේ රටේ මිනිස්සු හැමදාම හිතුවේ අනිත් මිනිස්සු තමයි Mask දාන්න ඕනේ senitizer පාවිච්චි කරන්න ඕනේ හැමදාම වගකීම ගන්න ඕනේ අනිත් අය තමන් නෙවෙයි කියලා. එකයි අද මේ වගේ තත්ත්වයකට රට පත් වෙලා තියෙන්නේ. දැන් නිකන් ආණ්ඩුවට බනින්න එපා තමන් වගකීම ගන්න දැන් හරි

  7. Extremely rapid Corona detection says:

    හෙළ වෙදකමෙහි හා ආයුර්වේදයෙහි කොරෝනා ආසාදිතයන් සොයාගැනීම ඉතාම පහසු හා ලාභදායී මෙන්ම නිරවද්ය තාවය ඉතාම ඉහළ බැවින් PCR සහ ඇන්ටිජෙන් පරීක්ෂණ සීමා කිරීම නිකරුනේ මුදල් නාස්තිය අවම කිරීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම වැඩියෙන්ම ප්‍රතිකාර ලබන්නේ ඉහත සඳහන් ක්‍රම මගින් නිසා එම පරීක්ෂණ එතරම් බලපාන්නේ නැත.

  8. ගෞම් ඊයාරාජ් says:

    ගොං බෛයො අන්දන්න විතරක් දන්න මොලහතාටයි , හැම මගුලටම හමුදාව දාන්න සහ නගර අලංකරණය පමනක් දන්න ජොඩුවකගෙන් අවංකවම උබලා බලාපොරොත්තු වෙන්නේ මොනාද ? අර විමලයා ස්ටේජ් නැගලා ගහපු ලී ක්වාන් යූ ,මහතීර් මොහොමඩ් කතා එතකොට ? ඔව් ඔව් , එව්වත් උබලා ව්ගේ දාර උම්මාද බෛයො අන්දන්න ගහපු පට්ට කෙබර තමයි .රට සිඝ්‍රයෙන් වලපල්ලට ! ගොං උම්මාද බෛයන්ට නැති වෙන්නම කෙල උනාට කමක් නෑ කියමුකො ! ඒත් මුන්ගේ පට්ට පල් බොරුව එදා ඉදලා විවෙචනය කරපු අපිත් අනාථයි නේ ඕයි..😂😂😂

Main News