කොරෝනා රාජකාරි කල PHIට පිහියෙන් කොටයි.. තුවාල වී රෝහලේ..

April 5, 2020 at 12:02 am | lanka C news
කොරෝනා රාජකාරි කල PHIට පිහියෙන් කොටයි.. තුවාල වී රෝහලේ..

රඹුක්කන කඩිගමුව කැබැල්ලවත්ත ප‍්‍රදේශයේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට අද 04 පස්වරුවේ තියුණු ආයුධයකින් ( පිහියකින්) ඇණිමේ සිද්ධියක් රඹුක්කන පොලිසියට වාර්තා විය.

කඩිගමුව වසමේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට සිදු කර ඇති පිහි ඇණුමෙන් ඔහුගේ එක් පාදයකට සුළු තුවාල සිදු වි ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මේ වන විට රඹුක්කන රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

සිද්ධිය සිදු වි ඇත්තේ එම වසමේ නිරෝධායනය ලක් වි ඇති නිවසකට ජලය නොමැති බව එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කිරිමෙන් පසුව එම නිවසට ජල බවුසරයක් ගෙනවිත් ජලය ලබා දිමෙන් අනතුරුව බවුසරයේ ඇති ඉතිරි ජලය අසල්වාසි ජලය නොමැති නිවෙස් වලට එතුමාගේ ඉල්ලිමකට අනුව ලබා දි ඇත.

එහිදි කඩිගමුව වසමේ මෙම මහජන පරික්ෂකවරයා එම ප‍්‍රදේශයේ තවත් නිවසකට ජලය ලබා ගන්නැයි එම නිවසට ගොස් පවසද්දි ඔහුට කිසිදු හේතුවක් නොමැතිව දිගෙන් දිගටම බැන වැදිම නිසා ඒ සම්බන්දයෙන් රඹුක්කන පොලිසියද දුරකථන මාර්ගයෙන් එම මොහොතේ දැනුවත් කර ඇති අතර එම අවස්ථාවේ මෙම තියුණු ආයුධයකින් පහර දිම සිදු කර ඇති බව වාර්තා වන බව අප කරන ලද විමසිමකදි කෑගල්ල දිස්ත‍්‍රික් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අදාල නිවස ඉදිරිපිට බැරලයක් තිබි ඇති බවත් එම බැරලයට ජලය පුරවා ගන්නයැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසු පසුව එය පරික්ෂා කිරිමේදි එහි නිතීවිරෝධි ගෝඩා අඩංගු බැරලයක් නිසා එම සිද්ධිය පොලිසිය වෙත පවසනු ඇතැයි සිතා මෙලෙස පිහි පහර සිදු කිරිමට ඇති බවද කියයි.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පිහි ඇණුම සිදු කරන ලද සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට මේ වන විට කටයුතු සිදු කරමින් පවතින බවත් තුවාල ලැබු කඩිගමුව වසමේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා රඹුක්කන රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් කකුලට අමතරව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ වෙනත් ප‍්‍රදේශවලද සිරිම් තුවාල ඇති බවත් එය බරපතල තත්වයේ නොවන බවද රෝහල් ආරච්චි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

51,923 Viewers

13 Comments to “කොරෝනා රාජකාරි කල PHIට පිහියෙන් කොටයි.. තුවාල වී රෝහලේ..”

  1. HERATH says:

    මේ අමන අඤානයා වහා අත් අඩංගුවට ගෙන කිසිදු දීමනාවක් නොගෙවා කොරෝනා වසංගතය අවසන් වන තුරු ප්‍රජා සේවයේ යෙදවිය යුතුය​.මොහු රිමාන්ඩ් භාරයට පත් කල හොත් ඒ අමනයා නඩත්තු වන්නේද මහජන මුදලිනි.මහජන මුදල් මේ මොහොතේ යෙදවිය යුත්තේ ව්‍යසනය පිටු දැකීමට මිස මෙවැනි අමනයින් නඩත්තු කිරීමට නොවේ.

  2. B4 UNP now Gota says:

    කොටපු එකාගේ නම සහ පින්තුර ත් අනිවාර්යෙන් ම පල කරන්න. හැංගෙන්න දෙන්න එපා..

  3. Mahi says:

    Must BE GUNP OR JEPPA.

    • ලොකු අයියා says:

      යූ ඇන් පී / JVP මඟුලක් නෙවෙයි, ඔය ගමේ ඉන්නෙ මුස්ලිම් හැතිකරේ…

      • nimalsiri says:

        hariyatama umbata denuna loku ayye,mamathamai oya genita pihiyen enne.mata onavune issellaama ekitge
        saariya galawalaa hondata hukala,passe aninnai.ara keri polisiyen ewilla wede masthabaalduwunaaban.

      • Deen says:

        Don’t you blame Muslims for everything you illiterate racist scum.
        It was not a Muslim who attacked PHI officer.
        It is because of the likes of you our country has nowhere to move forward.
        Pity on your thinking pattern and education level

  4. අල්ලපු ගෙදර තිනන් says:

    මරණ දඬුවම බලාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිලිව පෙනේ.

    • rattar says:

      මේ රටේ ඕව කෙරෙන්නේ නැ බං.

      නාන මේක අල්ලාගෙන ඉවරයි…
      උන්ව පාලනය කරන්න බැහැ….

      ජනගහන සීමා ගෙනාවේ නැත්නම් මුහුදට පනින්න බලං හිටපල්ලා…..

  5. හේරත් පරම්පරාව රබුක්කනට අවේනික එකක්. හේර මේක ගොඩින් ෂේප් කරගන්න ටෝකක් දෙන්නේ දුරින්වත් නෑයෝද දැන්නී.
    අවුරුදු 15ට මෙහෙම නං පහු වෙනකොට කොහොම වෙයිද?
    ආයුදේ පෙන්නන්න එක්ක යනවා එහෙම නෙවෙයි. අනිවා මු ප්‍රහාරය එල්ල කරයි#

    • HERATH says:

      මා කියූ දෙය ඔබට වැටහී නැහැ,මෙවන් නිහීනයින් මහජන මුදලින් නඩත්තු නොකර දඬුවමක් ලෙස පොදු සේවාවන්වල යෙදවීම කල යුතු බවයි එහි අදහස​.වටහා ගැන්ම ඔබ සතුයි.

Main News