PHIලා වැඩ වර්ජනයක් අරඹති…

May 10, 2021 at 8:40 am | lanka C news
PHIලා වැඩ වර්ජනයක් අරඹති…

බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටී.

එම දිස්ත්‍රික්කයේ සභාපති රංජිත් දිසානායක මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික්කය තුළ කොරෝනා මර්ධන කටයුතු සඳහා වන වැඩි පිළිවෙල නිසි පරිදි සිදු කිරීමට හැකියාවක් නොමැති නිසා එම තීරණය ගත් බවයි.

එම ක්‍රියාවලියේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන්නේ කිනම් රාජකාරි දැයි නිශ්චිතව පැහැදිලි කර ගැනීමමට වුවමනා වුවද නමුත් අද වන තුරුද ඒවා දැනුම් දී නැතැයි ද ඔහු සඳහන් කළේය.

ජනතාවට සේවය ඉටු කිරීමේ අවශ්‍යතාවය මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.

50,767 views

12 Comments to “PHIලා වැඩ වර්ජනයක් අරඹති…”

  1. Nammbee says:

    මුන්ට දෙමව්පියන්, දරුවන් නැද්ද, කරන්න ඕන දේවල් දන්නෙ නැත්නම් රස්සාවෙන් අස් වී ගෙදර පළ. මෙවැනි පව්කාර උන් එක්ක මේ ලෙඩේ පාලනය කරන්නේ කොහොමද. Jvp, sjb පාපතර යානි, උඹලාගේ දේශපාලන ය පසුව කර ගනිව්.

    • Gunaya says:

      ජෙප්පෝකියනවට වඩා හුදයි කුහකයෝ කියන එක. ඒ මිනිස්සු තමයි මේවා අවුස්සන්නේ. ෆේස් බුක් වලත් කුහක මූන පෙරෙන ජෙප්පෝන්ට මේ ද්වස්වල හරි ආතල් හරියට පෙරේතයන්ට පෙරේත ගොටුවක් ලැබිලා වගේ

  2. උපාසක says:

    ගැටලු තිබෙන බව ඇත්ත. ඒත් මේ වෙලාවේ රටත් ජනතාවත් ගැන හිතලා වැඩ කරනවානම් හොදයි. මොකද අපි කවුරුත් නඩත්තු වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින්. මේ වෙලාවේ කවුරු කවුරුත් ආරක්ෂක හමුදා ආදර්ශයට ගන්නවා නම් හොදයි. මොන ප්‍රශ්න තිබුනත් එයාලා මුල් තැන දෙන්නේ රටටත් ජනතාවටත්.

  3. මහනුවර අක්‍රම් says:

    වැඩ වර්ජනය කරන්නේ ජනතාවට සේවය කරන්නලු…… ඒක නම් ඇහුවමයි!

  4. කුඹුක්කණ් says:

    අවුරුද්දකට්

    40000 කට වඩා මැරෙන, හදවත් රෝගීන් ගැන බලපල්ලා
    හෙම්බිරිස්සාවෙන් වසරකට මියයන කොරොනා නැති 5000 ගැන බලපල්ලා
    800 විතර මැරෙන කොරෝනා අල්ලං නටන්න එපා

    තොපි සෞඛ්‍ය පරීක්ෂක ලා මිස , කොරෝනා පරීක්ෂකලා නෙවෙයි නේ

  5. ලැජ්ජයි මහත්තුරුනේ. රටට ඔබගේ සේවය අත්‍යාවශ්‍ය වෙලාවේ දේශපාලනයේ යෙදී රටේ සාමාන්‍ය ජනතාව අමාරුවේ දානවාට වඩා හොදයි රස්සාවෙන් අස්වෙන එක.

  6. John the baptice says:

    සෞඛ්‍ය ඇමතිනි කරුණාකර ඉල්ලා අස්වෙන්න. සෞඛ්‍ය ගැන දන්නා කෙනෙක් පත්කරන්න.

  7. ගමේ මිනිහා says:

    PHIලා දැඩි අවධානමක් අරගෙන ලොකු කැපකිරීමක් කරනවා. නමුත් ඔවුනට නියමිත බලතල ලබාදී නෑ… වැඩබැරි දොස්තර බබාලා ටික සම්පූර්ණ නිළධාරී බලය තියාගෙන මාධ්‍ය ඉදිරියේ හුරතල් වෙනවා.

    • Damian says:

      PHI ලට මොන බලතල ද හලෝ. ෆීල්ඩ් එකේ වැඩ කරන්න බඳවාගත්ත අය ඒ රස්සා කරන්න ඕන. එච්චරයි.
      කොන්දොස්තරලට දොස්තර බලතල දෙනවද? නෑනේ.

  8. Dimple kupadiya says:

    මේ PHI ලා පොලිස් බලතල ඉල්ලන්න තරම් පහත් අවස්ථාවාදීන් වෙලා. ගෙවල් වලට පැනල මිනිස්සු අල්ලන් යන්න මුන් කවුද?

    කොරෝනා වෛරස භීතිය යොදාගෙන තමන්ගේ රස්සාවේ මට්ටම් ඉහල දාගන්න හදන්නේ නුගත් අය.

  9. ගමේ වෙදා says:

    මේ අර්බුදය දඩමීමා කරගෙන වර්ජන කරන්න ගිහින් වැලිගම් යන්නත් ඉඩතියෙනවා

  10. david milibanda says:

    Oya ballo gedaratama wela indapiyaw…. Not necessary to report to work again.
    Whether they are there or not, a bunch of good for nothing PHIs.

Main News