PHIලා විරෝධතා..

September 17, 2017 at 2:08 am | lanka C news
PHIලා විරෝධතා..

යාපනයේ සේවයේ නිරත මහජන පරික්ෂක වරුන් පස් දෙනෙකු අත්තනෝමතිකව ස්ථාර මාරු කිරීම හා ඔවුන්ගේ වැටුප් දීමනාවන් නැවත්වීමට විරෝධය පාමින් යාපනයේදී මහජන සෞඛය පරික්ෂක වරුන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මහජන සෞඛය පරික්ෂක වරුන් 200 කට ආසන්න පිරිසක් විසින් වැඩ වරජනයක නිරත වෙමින් යාපනය ටෙලිකොම් මන්සන්ධියේ සිට පන්නෙයි ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය කාර්යාලය දක්වා විරෝධතා පෙලපාලියකින් ගමන් කරමින් කියා සිටියේ ,

අදාල ස්ථාන මාරුවීම් ලබා දුන් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් පස්දෙනාගේ ස්ථාන මාරුකිරීම වහාම අවලංගු කරන ලෙසටත් හිග වැටුප් සියල්ලමද නැවත ලබා දිය යුතු බවටත් පවසමිනි.

විරෝධතා පෙලපාලිය අවසන් වූවේ පන්නෙයි සෞඛ්‍ය කාර්යාලයේදී උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍ය ඥානසීලන් ගුනසීලන් මහතා හමු වීමෙන් පසුවය.

එහිදී උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා විරෝධතා කරුවන්ට කියා සිටියේ මෙම මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුව ඇත්තේ තමන්ට පෙර සිටි සෞඛ්‍ය අමාත්‍ය පී.ෂත්‍යලිංගම් මහතාගේ කාල සීමාවේ බවටත් නමුත් අදාල ගැටලුව සම්බන්ධයෙන් තමන් අදලා නිලධාරීන් සමග සාකච්ඡා කොට ඒ පිළිබඳව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේද අවධානය යොමු කරවා ඉක්මන් විසඳුම්ක ලබා දීමට පියවර ගන්නා බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

63 views
Main News