QR ඉන්ධන පෝලිමක සිටි අයෙක් මිය යයි…

August 11, 2022 at 5:30 pm | lanka C news
QR ඉන්ධන පෝලිමක සිටි අයෙක් මිය යයි…

යාපනය පොලිස් වසමේ කොක්කුවිල් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට පොලීමේ සිටි අයෙකු හදීසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය ගොස් ඇතිය යාපනයෙ පොලීසිය පවසයි.

මිය ගිය පුද්ගලයා ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ පැමිණ කිව් ආර්. කේතය ලබාදීමට ගිය අවස්ථාවේදී එකවරම බිම ඇදවැටී ඇති අතර අසල්වාසීන් විසින් එම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කලද ඒ වන විටත් මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

මිය ගිය පුද්ගලයාට ඉන්ධන පෝලිමේ සිටි අවස්ථාවේදී ඇති වූ හෘදයාබාද තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇතැයි පොලීසිය සැක පල කරන අතර මළසිරුර පශ්චාත මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය පුන්නාලෙයි කඩ්ඩුවාන් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එස්. රූබන් නැමත්තෙකු වන බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,061 views

7 Comments to “QR ඉන්ධන පෝලිමක සිටි අයෙක් මිය යයි…”

  1. ලෙව්කේ says:

    QR කෝඩ් එක නිසා රටේ තෙල් ප්‍රශ්ණය විසදුනා කියලා කංචනයා සාගරයා වගේ උන් දැන් හුරේ දානවා.

    ඇත්තටම ඒක විසදුනාද?

    QR කෝඩ් එකෙන් මොකද කරන්නේ?

    QR කෝඩ් එක කියන්නේ රජයට ජනතාවට අවශ්‍ය පරිදි ඉන්ධන සැපයීමට නොහැකි නිසා කොහෙන් හරි කොමිස් කුට්ටිය ට ගේන තෙල් ටික, අධික මුදලකට, ඉතා සීමිත ප්‍රමාණය බැගින්, සතියකට වතාවක් ලබා දීමයි.

    මෙය පෝලිමට විසදුමක් විනා ( පෝලිමේ ඉන්න එපා. හිටියට තෙල් දෙන්නේ නෑ. සතියට පාරයි තෙල් දෙන්නේ කිව්වම පෝලිම හිටින් නෑ තමයි.) තෙල් අර්බුදය ට විසදුමක් නෙවෙයි.

    තෙල් අර්බුදය ට සැබෑ විසදුමක් වන රුසියාවෙන් තෙල් අඩු මිලට ලබාගැනීම වැනි පියවරට මේ ආණ්ඩුව වත් ආණ්ඩුවේ තෙල් ඇමති කංචන වත් යන්නේ නෑ.

    • වෙබ් බුවා says:

      ඔබ සර්ව අශුභ වාදියෙක්
      QR ක්‍රමය නිසා ඉන්ධන හොරට විකුණන මාෆියාව බිඳී ගිය නිසා පෝලිම අඩුවුන බව පේන්නෙ නැද්ද?
      බංකොලොත් රටේ මේ ක්‍රමය නිසා ටිකක් හරි සධාරණයක් වෙනවා

      • ලෙව්කේ says:

        අපේ මිනිස්සු දෙන මොකක් හරි බාරගෙන හා නමක් නෑ කියන්න හරිම ආසයි. ඉන්ධන මාපියා සියල්ල ඇතිවුනේ රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ආනයනය කල නොහැකි නිසා. එහෙනම් කල යුත්තේ qr ගූණ වයමින් ඉන්නැතුව රුසියාවත් එකගවී ඇති තෙල් ලබාගැනීම සදහා රජයට බල කිරීම. නැතිනම් ආණ්ඩුව කියු ආර් පෙන්න පෙන්න ආදී දිගටම.

        රෝහල් වලට බේත් නැතිවුනාමත් qr ක්‍රමයට බේත් ගන්න කියන්නම් ම හිටපල්ලා.

  2. තුෂා says:

    QR කෝඩ් එකෙන් බයික් එකට තෙල් ගන්න අපි දෙවතාවක් පෝලිම් දෙකක පැය 9ක් සහ පැය 12 විතර හිටියා. පෝලින් දිග අඩු නැ. දෙවතාවෙම පෝලින්වලින් භාගයකටවත් තෙල් ලැබුනේ නැ ..කිව් ආර් එකත් එක්ක නම්බර් තහඩුවේ අවසාන අංක එකක් සලකා, දින 10කට වරක් තෙල් ලිටර 10/15ක් දීපල්ලා..නැතිනම් එකවරක මාසයකට ඇති වෙන්න තෙල් දීපල්ලා..මිනිස්සු තෙල් හොයන්න ගිහින්ම එක දවසට ලීටර ලක්ෂ ගානක් නිකන් පුච්චනවා. තව අමතර කෑම බීම වලට වියදම් කරගන්නවා..දුප්පතාට දීමනා ලැබෙන් නැ..මහ උන්ටයි සියලු දීමනා ලැබෙන්නේ
    .. පෝලිමක දිගක් අඩුකරගන්න බැරි එවුන් කොහොමද රටක් පාලනය කරන්නේ..ඒ වගේම පොඩි බූලි වලට හෝ දිය යුතුයි එවිට ෂෙඩ් වලට හොර කරන්න බැ.
    දිනකට මිනිස්පැය ලක්ෂ ගනන් පාරේ අහක යනවා. ගිනි අව්වේ වේලෙනවා ඇයි මෙහෙම වද දෙන්නේ. අනෙක ලීටරේට විශාල මුදලක් දීලයි තෙල් ගන්නේ. තෙල් දිය හැකි වාහන ගනන ගැනලා පෝලිමෙ කෙලවරේ පොලිසියේ කෙනෙකු තබා පෝලිමට එන අනෙක් වාහන ඉවත් කරන්න පුලුවන් එවිට නිකරුනේ මිනිසු දින ගනන් පෝලිමෙ කාලය නාස්ති කරන් නැ. මෙ මිනිසුන්ට දෙන වදේට උඹලට උප උපන් ජාති වන්දි ගෙවන්න වෙනවා..

  3. Rex says:

    Death has no time to occur.

    Not sure that you will be able to exhale what you inhaled or vice versa.
    Also the inhale/exhale stoppage could happen at any time in between.

    Basically, life does not belong to you.

    Therefore, that is not related to the fact of being in the “QR Polima”.

  4. QRST UV says:

    QR පෝලිමේ ඉඳිද්දී වාතයක් ගියොත් ඒකත් QR නිසාද බං ?

  5. Asoka says:

    රටේ ආර්ථිකය යහපත් වනතුරු QRක්‍රමය ඉතා හොඳ බව පෙනේ. විශේෂයෙන් traffic නැතුව කෙටි කලකින් ගමන අවසන් කල හැක.පෞද්ගලික පොදු පුවාහන බස්රථ සඳහා full tankදීමෙන් මහඡනතාවට හොඳ සේවාවක් ලබා දෙන්න.පෞද්ගලික රථ සඳහා සීමා කරන්නthree weel විශාල වශයෙන් පාර පුරා නැතිවීමද මහජනයාට සහනයකි.පෞද්ගලික රථද ධාවනය සීමා වෙ.

Main News