QR එකට දෙන ඉන්ධන ප‍්‍රමාණය හොදටම මදි..- ත‍්‍රිරෝද රථ හිමියන්..

July 30, 2022 at 2:10 am | lanka C news
QR එකට දෙන ඉන්ධන ප‍්‍රමාණය හොදටම මදි..- ත‍්‍රිරෝද රථ හිමියන්..

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය යටතේ ත්‍රිරෝද රථයක් සදහා සතියකට ලබා දෙන පෙට්‍රල් ලිටර් 5 ක ඉන්ධන කෝටාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව බලන්ගොඩ ප්‍රදේශයේ කුලි රථ ත්‍රිරෝද රථ හිමියන් සදහන් කරති.

ත්‍රිරෝද රථ රැකියාව කර ජිවිකාව ගෙන යන තමන්ට දිනකට පෙට්‍රල් ලිටර් තුනකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඉන්ධන කෝටාව මගින් රජය විසින් සතියකට ලබා දිමට සැලසුම් කර අැති පෙට්‍රල් ලිටර් පහකට ප්‍රමානය දින එකහමාරකට පමණක් ප්‍රමානවත් බව ඔවුහු කියති.

එම ඉන්ධන ප්‍රමාණය ලබා ගෙන සතියක කාලයක් ත්‍රිරෝද රථ රැකියාව කරගෙන යැම සදහා නොහැකි බව කිහ.

ප්‍රදේශයේ ඇති මාර්ගය රැසක්ම කදු බැවුමි සහිත මාර්ග සහ ඉතා දුෂ්කර මාර්ග බවත් එම මාර්ග වල ත්‍රිරෝද රථ ධාවනය කිරිම සදහා අමතර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන බවද එම ත්‍රිරෝද රථ රියදුරුන් පවසති.

ඒ හේතුවෙන් සතියකට පෙට්‍රල් ලිටර් දහයක් වත් ලබා දිම සදහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවද ඔවුහු වැඩිදුරටත් කියති.

– බලන්ගොඩ  සමිපත් ප්‍රියනන්දන

34,766 views

20 Comments to “QR එකට දෙන ඉන්ධන ප‍්‍රමාණය හොදටම මදි..- ත‍්‍රිරෝද රථ හිමියන්..”

  1. J.K Dadallage says:

    ලීටරයකින් කි.මි.25 ක් පමණ යන්න පුළුවන් ..කි.මි.2.5 කට රු.300ක් පමණ අය කරනවා..ලීටරයකින් රු.2500ක පමණ ලාභයක් උපයනවා ඒ අනුව ලීටර් 7ක් හොඳ ටම ප්‍රමාණවත් .

  2. අප්පුහාමි says:

    හොඳටම මදී.. ලීටර් දෙක තුනකින් කොහොමද ඉන්ධන ව්‍යාපාරයක් කරන්නෙ..
    දැන් ඒ අය හයර් දුවන තත්වෙට වැටිලා !

  3. ඇත්ත says:

    කවිද බං දැන් ත්‍රීවීල් වල යන මෝඩයා. බයිසිකලේ, පයින්, බස් එකේ තමයි මිනිස්සු වැඩි පුරම යන්නේ.

  4. කිරිහාමි says:

    මුන් දැන් කොහොමත් හයිර් දුවන්නේ නැහැ නේ . තෙල් විකුණන ඒක කරන්නේ . ඔය පහක් දෙන එක දෙකක් කරන්න ඕනේ ලීටර් දෙකක් හොඳටම ඇති ඕකුන්ට

  5. Rasika Dewapriya says:

    හොදටම ඇති .මුන් හයර් දුවන්නෙ නෑ.දුවන එකාත් පෙට්‍රල් 2500ට ගත්තෙ කියල පට්ට ගනන් අයකරනවා
    ඉස්සරහට මුන්ට හයර් එන්නෙත් නෑ .මුන් කියන ගන්න් වලට මිනිස්සු හයර් යන්නෙ නෑ ,ඒනිසා දැන් උන් පෙට්‍රල් බිස්නස් එකේ ඉන්නෙ .මුන්ගෙන් පෙට්‍රල් ගන්න කාලකන්නි නිසා තමයි මේක නවත්තන්න බැරි

  6. block says:

    three wheel elavana hamoma hire duvanne naha. eke badu adina eka job eka karagaththa minissuth innava a vagema lankave hama wheel ekak thiyena kenama thel stock thiyaganne naha. sadaranava inna kenekta me 5ltr kohomath madi. qr balanavanam kohomath aye thel horen ganna bahane. a nisa pramane thava tikak vadi kalanam hodai.

  7. වීල් එකේ අයියා says:

    මේක හරියන්නෙ නෑ අඩෝ මල්ලි, අපට තෙල් කෝ එහෙම බෑ, දවස් ගනං පාරෙ පෝලිමේ අනික් උං හිටියට සෙඩ් එකට තෙල් ආව ගමං අපි හදනවා ගමේ පෝලිම, පාක් එකේ පෝලිම අම්මගෙ හොර මිනිස්සුන්ගෙ පෝලිම ඔක්කොම.

    ඒ කරලා අදිනවා බවුසරේම තෙල් අපෙ සූටි ටැංකියට නැවක් උනත් පදිරි ඩෝ, ඔය කිව් ආර් කෝඩ් කෝටා සිස්ටම් අනං මනං වැඩක් නෑ, අපට දියං තෙල් සේරම අපි ගානට විකුනන්නෙ බෝතලේ තුන් දාහට, පාඩු නෑනෙ?

    අපටත් ඇඟ මහන්සි කරලා පුරුදු නෑ දවසම පාක් එකේ පේස්බුක් බලන්නෙ දැං දවසම තෙල් පෝලිමේ රෑට ගල් බාගෙ පට්ට ආතල් ඕයි. තෙල් බිස්නස් එක් තමා පට්ටම, හයර් යන්ඩ ඕනෙත් නෑ රෑට පයිඩ් රයිස් එකක් කාලා, ඩිස්ටි ඩිඩ්ං ජීවිතේ.

    ඔය කෝටා අනං මනං අපිට අල්ලන්නෙ නෑ හරිද. කාංචන ඇමති යා එලවලා ලොකුගේ දාමු.

  8. Simon says:

    Three wheelers are not hire vehicles but mobile fuel dealers. We must eliminate the fuel mafia of these rascals

  9. Senaka de zoyza says:

    රට වනසන තොවිල් මාපියාව තොරකරමු

  10. Senaka de zoyza says:

    10 lt per month for three wheels is enough.they absorb 90 percent petrol now. contrys economy is trouble. If give more petrol for them

Leave a Comment

Main News