QR කඩා පොලිසිය, රජයේ වාහන තෙල් ගහගනිති.. පිරවුම්හල් අමාරුවේ…

August 11, 2022 at 10:00 am | lanka C news
QR කඩා පොලිසිය, රජයේ වාහන තෙල් ගහගනිති.. පිරවුම්හල් අමාරුවේ…

රජයේ ආයතනවල වාහන සඳහා තවමත් QR කේතයක් හඳුන්වා දී නොමැති බැවින් එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් දැඩි අපහසුතාවකට පත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටි.

රජයේ ආයතනවල වාහන පැමිණ තෙල් ලබාදෙන ලෙස ඉල්ලූවිට ඔවුන්ට QR කේතයක් නොමැති වුවත් සාමාන්‍ය ක්‍රමයට තෙල් ලබාදීමට පිරවුම්හලට සිදුවන බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසා සිටියේය.

ඉන්ධන පිරවුම්හල්වලින් අක්‍රමිකතා සිදුවනවා යැයි බොහෝ දෙනා පැවසුවත් මානුෂීය හේතුන් මතද ඇතැම් අවස්ථාවල පද්ධතියට බැහැරව ඉන්ධන නිකුත් කිරීමට සිදුවන බවද හෙතම ප්‍රකාශ කළේය.

එමෙන්ම පිරවුම්හලක සේවය කරන සියලුම පොම්පකරුවන් වෙන් වෙන්ව අධීක්ෂණය කරමින් ඔවුන් QR කේතයට අනුව අක්‍රමිකතාවකින් තොරව ඉන්ධන ලබාදෙනවාද යන්න සොයාබැලීම එම ඉන්ධන පිරවුම්හලේ හිමියාට ප්‍රායෝගිකව කළ නොහැක්කක් බැවින් ඒ ඒ සේවකයා දිනකට මෙම පද්ධතියට අනුව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය නිරීක්ෂණයට යම් ක්‍රමයක් සකස් කළ යුතු බවද ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටි කපිල නාඔටුන්න මෙසේද ප්‍රකාශ කළේය.

” බලශක්ති අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා යම් ඉන්ධන පිරවුම්හලක් කිව්.ආර්. කේතයට ඉන්ධන නිකුත් කරන්නේ නම් ඒ පිරවුම්හලට තෙල් දෙන්නේ නැහැ කියලා. අපි කියන්නේ අමාත්‍යාංශයෙන් ඒක කියන්න කලින් ඔවුන් දැනගන්න ඕනේ තවමත් රජයේ ආයතනයකට කිව්.ආර්. එකක් දීලා නැහැ කියන එක. ෂෙඩ් එකකට ඇවිල්ල තෙල් ඉල්ලුවම එහෙම ආයතනයක් අපිට මොකක්ද තියෙන බලතල දෙන්න බැහැ කියන්න. පොලිසියේ සමහර වාහන එනවා හැබැයි කිව්.ආර්. එකක් නැහැ. අපිට තෙල් දෙන්න වෙනවා. අපිට චෝදනා එල්ල කරන්න කලින් එයාලා දැනගන්න ඕනේ සමස්ත ක්‍රියාවලියම හරිගස්සන. කොටසකට නැහැ කොටසකට තියෙනවා එහෙම වුණාම ඒ පිරිසත් ඉන්ධන පිරවුම්හලත් දෙකම අසරණ වෙනවා. අපේ පොම්පකරුවන්ට ගාණක් දුන්නම ෆුල් ටෑන්ක් ගහලා දෙනවා කියලා කියනවා. එහෙම සිද්ධි වාර්තා වුණා. අපි නැහැ කියන්නේ නැහැ. ඒක වෙන නිසා තමයි මුල ඉඳලම කිව්වේ අපි ඉන්ධන පිරවුම්හල්වලට වෙන වෙනම දත්ත සඳහන් කරගන්න පුළුවන් විදියට පද්ධතියක් හදලා දෙන්න කියල. එතකොට ඔවුන්ට එහෙම කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ”

මේ සම්බන්ධයෙන් අපි බලශක්ති අමාත්‍යාංශයෙන් විමසුමක් කළ අතර ඔවුන් කියා සිටියේ එළඹෙන දින කිහිපය තුළ රාජ්‍ය ආයතනවල වාහනවලට ද QR කේතයක් හඳුන්වා දෙන බවය. කේත ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඔවුන් කියා සිටි. ‘’

අශිකා ජයවීර
– අරුණ

31,563 views

7 Comments to “QR කඩා පොලිසිය, රජයේ වාහන තෙල් ගහගනිති.. පිරවුම්හල් අමාරුවේ…”

  1. ලෙව්කේ says:

    . QR කෝඩ් එක නිසා රටේ තෙල් ප්‍රශ්ණය විසදුනා කියලා කංචනයා සාගරයා වගේ උන් දැන් හුරේ දානවා.
    ඇත්තටම ඒක විසදුනාද?

    QR කෝඩ් එකෙන් මොකද කරන්නේ?
    QR කෝඩ් එක කියන්නේ රජයට ජනතාවට අවශ්‍ය පරිදි ඉන්ධන සැපයීමට නොහැකි නිසා කොහෙන් හරි කොමිස් කුට්ටිය ට ගේන තෙල් ටික, අධික මුදලකට, ඉතා සීමිත ප්‍රමාණය බැගින්, සතියකට වතාවක් ලබා දීමයි.

    මෙය පෝලිමට විසදුමක් විනා ( පෝලිමේ ඉන්න එපා. හිටියට තෙල් දෙන්නේ නෑ. සතියට පාරයි තෙල් දෙන්නේ කිව්වම පෝලිම හිටින් නෑ තමයි.) තෙල් අර්බුදය ට විසදුමක් නෙවෙයි.

    තෙල් අර්බුදය ට සැබෑ විසදුමක් වන රුසියාවෙන් තෙල් අඩු මිලට ලබාගැනීම වැනි පියවරට මේ ආණ්ඩුව වත් ආණ්ඩුවේ තෙල් ඇමති කංචන වත් යන්නේ නෑ.

    • Love K says:

      හරකෝ බලන් හිටපං තොට ඉස්සරවගේ නාන්න තෙල් හම්බ වෙනකන්.. රුසියාව නෙවෙයි මොන මගුලෙන් උනත් තෙල් දෙන්න ඕන සීමා කරලා තමයි ඉදිරියට..
      ඉන්නේ බන්කොලත් රටක කියන එක තේරුම් ගනින් සංවර්ධිත දියුණු රටක වගේ මුන්ගේ ටෝක්ස්.. ඒ වගේ වැඩ තියෙනවා නම් කමක් නෑ ..
      IMF ගියේ නෑ කියලා නැටුවා නේද කලින් IMF එකෙන් හම්බ වෙයි උඹට රුසියාවෙන් තෙල් ගත්තොත්

      • ලෙව්කේ says:

        දැන් තෙල් සීමා කරලා තියෙන්නේ පරිස්සමට නෙවෙයි බොල ආණ්ඩුවේ නොහැකියාවට.

        • Lalla says:

          ආණ්ඩුවේ නොහැකියාව නොවේ මිත්‍රයා. රටේ එවුන් හොරු රජකමට පත්කලා.උන් හොරාකෑවා.ඒක හින්ද…..

  2. සහොදරය says:

    මේ රට කාලකන්නි රජයෙ සේවකයන් ඉන්න කන් හදන්න බෙහේ.
    මුලු රටෙන් ම දෙන් ඉන්න රජයෙ සේවකයන් ගෙන් 65% අයින් කරල දාන්න ඕනේ. රජයෙ සේවකයන් කියන්නෙ ම පුදුම හොරු කට්ටිය ක් ලෙජ්ජයි රජයෙ සේවකයන් එක්ක කතා කරන්න හො ආස්‍රය කරන්න මොකද සාක්කුවේ තියන දේ හරි අරන් යනව

    • ගෞම් ඊයාරාජ් says:

      ඔය කියන කතාව ඇත්ත..

      ඒත් ඕව එකපාරටම කරන්න බැහැ..

      ඔතන ඉන්නේ පිනට කමින් සාන්ත දාන්තව ඉන්න පිරිසක්..

      හැබැයි ඒගොල්ලන්ට ජීවත්වෙන මාර්ග ඇහිරිලා ගියොත් මේගොල්ලෝ අරගල පරගල බලු ගල පටන් ගන්නවා..

      යකා නටයි.. රට විනාසෙට දක්වයි විප්ලව කරනවා.. මේක බොහොම ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක් නැත්නම් රටේ ස්ථාවරත්වය නැති වෙනවා අරාජික වෙනවා අපි ඔක්කොම විනාශ වෙනවා

      මෙවැනි ප්‍රශ්න මතුපිටින් හිතන්න එපා මේවා බොහොම සංකීර්ණ ප්‍රශ්න එක පාරට කරන්න ගිහිල්ලා කඩිගුල ඇවිස්සුනා වුණා වගේ නැත්නම් මී වද බඹර වදේ ඇවිස්සුනා වගේ තමයි

  3. තුෂා says:

    QR කෝඩ් එකෙන් බයික් එකට තෙල් ගන්න අපි දෙවතාවක් පෝලිම් දෙකක පැය 9ක් සහ පැය 12 විතර හිටියා. පෝලින් දිග අඩු නැ. දෙවතාවෙම පෝලින්වලින් භාගයකටවත් තෙල් ලැබුනේ නැ ..කිව් ආර් එකත් එක්ක නම්බර් තහඩුවේ අවසාන අංක එකක් සලකා, දින 10කට වරක් තෙල් ලිටර 10/15ක් දීපල්ලා..නැතිනම් එකවරක මාසයකට ඇති වෙන්න තෙල් දීපල්ලා..මිනිස්සු තෙල් හොයන්න ගිහින්ම එක දවසට ලීටර ලක්ෂ ගානක් නිකන් පුච්චනවා. තව අමතර කෑම බීම වලට වියදම් කරගන්නවා..දුප්පතාට දීමනා ලැබෙන් නැ..මහ උන්ටයි සියලු දීමනා ලැබෙන්නේ
    .. පෝලිමක දිගක් අඩුකරගන්න බැරි එවුන් කොහොමද රටක් පාලනය කරන්නේ..ඒ වගේම පොඩි බූලි වලට හෝ දිය යුතුයි එවිට ෂෙඩ් වලට හොර කරන්න බැ.
    දිනකට මිනිස්පැය ලක්ෂ ගනන් පාරේ අහක යනවා. ගිනි අව්වේ වේලෙනවා ඇයි මෙහෙම වද දෙන්නේ. අනෙක ලීටරේට විශාල මුදලක් දීලයි තෙල් ගන්නේ. තෙල් දිය හැකි වාහන ගනන ගැනලා පෝලිමෙ කෙලවරේ පොලිසියේ කෙනෙකු තබා පෝලිමට එන අනෙක් වාහන ඉවත් කරන්න පුලුවන් එවිට නිකරුනේ මිනිසු දින ගනන් පෝලිමෙ කාලය නාස්ති කරන් නැ. මෙ මිනිසුන්ට දෙන වදේට උඹලට උප උපන් ජාති වන්දි ගෙවන්න වෙනවා..

Main News