QR ක‍්‍රමය අසාර්ථකයි… අපට ඉන්ධන මදි..- ත‍්‍රීරෝද හිමියන්

August 1, 2022 at 4:40 pm | lanka C news
QR ක‍්‍රමය අසාර්ථකයි… අපට ඉන්ධන මදි..- ත‍්‍රීරෝද හිමියන්

ඉන්ධන ලබා දීම සඳහා හඳුන්වා දී ඇති QR ක‍්‍රමවේදය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ත‍්‍රිරෝද රථයකට සතියකට ඉන්ධන ලීටර පහක් කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.

කුලී ත්‍රීරෝද රථ සේවයේ යෙදෙන්නන්ට අවම වශයෙන් සතියකට ලීටර 15ක් අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන වංචාව සිදු කරන්නේ ත්‍රීරෝද රථ වෘත්තිකයන් නොව සමාජ විරෝධී කටයුතු සිදු කරන පිරිසක් විසින් බවත් එනිසා ත්‍රීරෝද රථ රියදුරන්ට එම චෝදනාව එල්ල කිරීම වැරදි බවත් ඔහු කියා සිටියේය.

13,980 views

74 Comments to “QR ක‍්‍රමය අසාර්ථකයි… අපට ඉන්ධන මදි..- ත‍්‍රීරෝද හිමියන්”

  1. ලක්මාල් says:

    දෑතෙ හයියක් තියෙනම් රස්සාවක් කරපල්ල කාලකණ්ණි ජීවිත ගත නොකර..තෙල් අරන් වැඩි මිලට විකුනන්න ද..රටෙ නිශපාදන යක් නැ තරුණ ශ්‍රමය මහ පාරෙ..ඉතින් රටක් දියුණු වෙයිද කම්මැලි හැත්ත

    • බිරෝ says:

      අනිවාර්යෙන්ම මෙි කතාව සැබැවක්. ත්‍විලර් එලවන්නන් එම රැකියාවෙන් මුදාගන්න හොද අවස්ථාවක් මෙි

  2. hyt says:

    QR ක්‍රමය මඟින් සාර්ථක වීම හෝ සාර්ථක නොවීම අදාළ කර නොගනී. කල සීමාව ගණනය කිරීම හා අනන්‍යතාවය හඳුනාගනී. නමුත් ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම අසාර්ථක වීමක් ලෙස දක්වා ඇත.

Main News