Safety First බෝඩ් විතරයි.. කම්කරුවන්ට ආරක්ෂක හිස්වැසුමක්වත් නෑ..

October 14, 2018 at 8:02 am | lanka C news
Safety First බෝඩ් විතරයි.. කම්කරුවන්ට ආරක්ෂක හිස්වැසුමක්වත් නෑ..

වැඩබිම්වල ඉදිරිපිට සේෆ්ටි ෆස්ට් යනුවෙන් ප්‍රචාරක පුවරුවක් දමා තිබුණාට වැඩබිමතුල ආරක්ෂක හිස්වැසුමක්වත් භාවිතා නොකරන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ සෑම වසරකම වෘත්තීය අනතුරු නිසා වැඩකරන මිනිස් දින ලක්ෂ පහක් පමණ අපතේ යන අතර මෙය මූල්‍යමය වශයෙන් ගණන් බැලීමේදි විශාල අගයක් ගන්නා බව පෙන්වාදුන්නේය.සෑම වසරකම කම්කරු දෙපාර්තමේන්තුවට මරණීය අනතුරු අසූවක් පමණ වාර්තාවෙන අතර ඉන් විස්සක් පමණ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාලවේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ 07, සව්සිරිපාය ශ්‍රවණාගාරයේ පැවැති වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සම්බන්ධ ජාතික වැඩසටහනට එක්වෙමින්ය.

මෙය කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමත්‍යාංශයේ උපදෙස් මත කම්කරු දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබිණි.

එහිදි වැඩිදුරටත් කතා කළ ඇමතිවරයා මෙසේද කීය…

ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ වාර්තාවලට අනුව වෘත්තීය අනතුරු හා වෘත්තීය රෝග නිසා සැම රටකම සිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4% කට හානිවේ. වෘත්තීය අනතුරු බහුලව සිදුවන්නේ ඉහල ස්ථානවල වැඩකරද්දි සුරක්ෂිතතා ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසයි. වැඩකරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකර ආර්ථික ඵලදායිතාවය උපරිම මට්ටමතට ළ`ගා කර ගත නොහැක. වෘත්තීය රෝග හා වෘත්තීය අනතුරු වලින් සිදුවන හානි නිසා සේවක, සේව්‍ය, රාජ්‍ය සියලුම පාර්ශවයන්ට විශාල පාඩුවක් සිදුවේ. මෙහිදි සේවකයාට සිදුවන හානිය ඉතා විශාලවේ.

දැන් බොහෝ ආයතනවල ඉතා සෙමින් සේවකයින්ට සංගීතයක් අසෙන්නට කටයුතු සලස්වා තිඛෙනවා. ඒ සේවකයාගේ මානසික සුවය සඳහායි. සේවකයා තුල ආතතිය ඇතිවුවහොත් එයත් ආයතනයේ ඵලදායිතාවයට බලපානවා. ආතතිය කියන එක ඉකුත් කාලයේ මැතිවරණ දෙපාර්තමේන්තුව පැත්තෙනුත් ඇසෙන්නට ලැබුණා. ආතතිය මැතිවරණ කොමසාරිස්ලාටත් වැළඳුණා. ඒ නිසා සේවකයාගේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් නිරෝගිව තිබිම වැදගත්වෙනවා. කර්මාන්තශාලා ආඥා පනතට අදාලව නව රෙගුලාසි පහක් නුදුරු අනාතයේදීම සම්මත කිරීමට කටයුතු සූදානම් කර තිඛෙනවා. වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය, සුභසාධනය පිළිබඳ නව පනතක් සම්මත කර කටයුතු යොදා තිඛෙනවා.

අනතුරු ලෙඩ රෝග වැළැක්වීමේ සංස්කෘතියක් ඇති කිරීමට සේවක සහ සේව්‍ය යන දෙපාර්ශවයම උනන්දු කිරීම හා ජනතාව දැනුවත් කිරීම ජාතික වෘත්තීය සුරක්ෂිතතා සෞඛ්‍ය සතියේ අරමුණ වෙනවා.

මේ අවස්ථාවට අමත්‍යාංශ ලේකම් නිමල් සරණතිස්ස , කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ.විමලවීර මහත්වරු අතුළු නිලධාරින් රැසක් එක්වූහ.

– රංජුල විබද්දආරච්චි

4,054 Viewers

2 Comments to “Safety First බෝඩ් විතරයි.. කම්කරුවන්ට ආරක්ෂක හිස්වැසුමක්වත් නෑ..”

  1. බිස්වා says:

    මුගේ යාලුවාගේ ටෙන්ඩරය එවකට විදේශ සේවා අමතිනින් තලතා අතුකෝරලට මාධ්‍ය සාකච්චාවක් අතරතුරේ දුරකතනයෙන් කතා කර අරන් දෙන්න කියා කිවා. පැමිණිලි කරන්න මෙයාව, හොරෙක්

  2. john the baptice says:

    යකෝ ප්‍රථමයෙන් සේවකයන්ට හොදට කන්ඩ දීපල්ලා මුරුංග කොළ කන්ඩ දීලා වැඩ ගන්න එපා

Main News