SB-ඩිලාන් 11 වැනිදා පොහොට්ටු වේදිකාවේ.. තවත් ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් දෙදෙනෙක් බැසිල් සමග සාකච්චා..

July 24, 2019 at 10:15 pm | lanka C news
SB-ඩිලාන් 11 වැනිදා පොහොට්ටු වේදිකාවේ.. තවත් ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් දෙදෙනෙක් බැසිල් සමග සාකච්චා..

ලබන එකොළොස්වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව වේදිකාවට එක් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් කිහිප දෙනකු සූදානමින් සිටී.

මේ සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බි. දිසානායක, ඩිලාන් පෙරේරා අතර නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වී තිබේ.

එහිදී ඔවුන් පවසා ඇත්තේ 11 පොහොට්ටු වේදිකාවට ගොඩ වීමට තමන් සූදානම් බවයි.

එම සාකච්චාවට සහභාගී වී පිටව යන අවස්ථාවේ අනුර ප‍්‍රියදර්ශණ යාපා, පවිත‍්‍රා වන්නිආරච්චි යන් මන්ත‍්‍රීවරුන්ද මුණ ගැසී ඇති අතර ඔවුන්ද සුබ පැතුම් එක් කර ඇත.

මේ අතර ශ‍්‍රීලනිප තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුද සමළු වේදිකාවට එක්වීම සදහා බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බවටද තොරතුරු වාර්තා වේ.

85 views

17 Comments to “SB-ඩිලාන් 11 වැනිදා පොහොට්ටු වේදිකාවේ.. තවත් ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් දෙදෙනෙක් බැසිල් සමග සාකච්චා..”

  1. aaa says:

    Great, ජය නියතයි

    • Nilu USA says:

      Rishad, wena ganna kenek naha. oayath enna. Aluth andwak hadanna.

    • රටවැසියා says:

      පොහොට්ටු ජාතික ලැයිස්තුවට නං එන්න ලෑස්ති වෙන්න එපෝ. ඒක රටේ විද්වතුන්ට වෙන්කරලා ඔයාලා ඡන්දේ ඉල්ලා දිනුවොත් පාර්ලිමේන්තු ආවට කමක් නෑ. මේ සැරේ විතරයි පොහොට්ටුවට හරි අපි සපෝට් කරන්නේ. ඒක චොර කරගත්තොත් ආපහු අපි නැතෝ..

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Sb, dilan wage wachalaya kohe giyath wedak neha.owunta Chanda padanamak Neha. Pahugiya chandeth paraday.

    • The Analyst says:

      Still they’re good speakers! Last time they didn’t win because they were in the losing side.

  3. හර්ශ says:

    අපෝ එපා!

  4. Upul says:

    Range… Oyath enawada….???

  5. Vesamuni says:

    basiltama thamaa me haalparuwo denna mange karaganta puluwan. janapathi election eka pahuwenakal iwasamu.

  6. SANDEEPA says:

    මේ හොරුන්ව ගන්න එපා, රටේ බහුතර මහජනතාවගේ බලා පොරොත්තු සුන් කන්න එපා,
    මේ හොරුන්ව ගත්තොත් අපි චන්දෙ දන්නේ නෙහෙ, Gotabaya මහතා ස්වාදීන ඉල්ලනවා නම් තමා හොඳ , ඔය කාලකන්නි ටික නැතුව අලුත්ම කට්ටියක් එක්ක එන්න මහින්ද මහතාට මොලය පෙදෙවා.

  7. MD says:

    Dayasiri,Duminda Desapalane Duragamanak yanna wuamanawa tibenam adiyak passata gena Mahinda ekka sahayogen yanna ballanna.

  8. ඕෂධ says:

    ඕක ඉතිං අමුතු දෙයක්ද..මුන් හැමදාම ඒ පැත්තේ තමයි හිටියේ..

  9. Gayantha says:

    ආසුචි ගොඩවල් දෙකක්

  10. Modapala says:

    ගෙම්බෝ පනින්නට බලති.

Main News