SI පොලිසියේ මේසය මත මියයයි..

September 13, 2021 at 5:30 pm | lanka C news
SI පොලිසියේ මේසය මත මියයයි..

බෙන්තොට පොලිස් ස්ථානයේ සේවය නියුතු උප පොලිස් පරීක්ෂක නිලධාරියෙකු12දින රාත්‍රි මුර සංචාර රාජකාරියක නිරත ව නැවත පොලීසියට පැමිණ සිය රාජකාරි මෙසේය මත හිස තබා විවේක ගැනීමේ අරමුණෙන් සිටියදී නින්ද තිබෙන අතර අද 13 අලුයම එම නිලධාරියා මේසේ මත හිස තබා තිබෙන ආකාරයෙන් මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ බෙන්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂක දිනයා දුර සුනිල් වසන්ත ද සිල්වා මහතා (58)වන බව පොලිසිය කියයි .

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා මෙයට මාස දෙකකට පෙර කොවිඩ් 19 ආසාදිත වී සුවය ලබා තිබෙන බවත් පොලිසිය කියයි .

මියගිය උප පොලිස් පරික්ෂකවරයා විවාහක දෙදරු පියෙකි.

මියගිය උපපොලිස් පරීක්ෂකවරයාගේ මෘත ශරීරය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් සංජය කොඩිතුවක්කු මහතා බෙන්තොට පොලිසියට පැමිණ සිදුකල අතර මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා බලපිටිය රෝහල වෙත රැගෙන යන ලෙස වෙන්කර පොලිසියට නියෝග කළහ .
බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා පරික්ෂණ සිදුකරයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

46,028 views

16 Comments to “SI පොලිසියේ මේසය මත මියයයි..”

  1. මෝඩ බයියා says:

    මහජන මුදලින් යැපෙන මහජන මුදල් හොරා කන මහජනයා උකසට තියල ගත්තු ණය සල්ලි වලින් උපන්තේකට රස්සාවක් නොකර රජ සැප විදින එකෙකුට කොරෝනා හැදිල මැරුන කියල අහල තියේද ? කොරෝනත් ඕකුන්ට ලන් වෙන්න බයියි කොරෝනවත් අල්ලල විකුණල කීයක් හරි සාක්කුවෙ දමා ගනිවී

  2. එන්නත නිසාද? says:

    කරාපිටියෙ දොස්තර කියන විදිහට ලේ කැටි ගැහිලද?

    • කුඹුක්කණ් says:

      නිසාද නෙවෙයි පුතේ , හොදට හිටි උන් මැරිලා වැටෙන්නෙ ඕක නිසා තමා

      • CAT says:

        සුනිල් වසන්ත ද සිල්වා මහතාට නිවන් සැප ලැබේවා ….කොරෝනා සුව වූ රෝගීන් තමන්ගේ සෞඛ්‍ය ගැන වඩාත් සැලකිළිමත් වන්න ,,දේශීය හෙළ බෙහෙත් භාවිතා කරන්න …..වගකීමෙන් තොරව ,.චීන ,රුසියන් එන්නත් ලබාදී අපේ රටේ ජනතාව අනතුරේ හෙලු සැමට සාප වේවා

      • Maha sinhale says:

        ඇස්ට්‍රා සෙනිකා ලේ කැටි ගැසීම පිලිබද බොහොම සාක්ෂි ඇති එන්නතක්..ඒගැන දැන්වත් පරීක්ෂණ ආරම්භකර එන්නත් ලබා දුන් පුද්ගලයින්ට ඇතිවන අතුරු ආබාධ නැතිකිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න

  3. prasantha says:

    this is a news. all covid patients should be in safe life time !

  4. කුඹුක්කණ් says:

    බටහිර ඇලොපතියන්ගේ කීම නිසා සිදුකල හදිසි භාවිතයේ එන්නත්කරණය නිස වෙච්ච විපතක්, දිගුකාලීන අතුරු ආබාධ , මෙවන් සංකූලතා ගැන පරීක්ෂණ කර වසර 10 කින් පමණ නිකුත් කරන්න තිබු එන්නත්, ලාභය තකා වෙලද පොලට නිකුත් කලා.

    මෙහෙ ඉන්න අති පණ්ඩිත උගත් බටහිර ඇලිපති සේල්ස් රෙප් ලා , ඒ වගකීමක් නැති භාන්ඩය අපිට ගැස්සෙව්වා, වගකීමක් ගන්න බෑ කියලා අත්සන් ගත්තා.

    දැන් පැනී මුට්ටියට බැන බැන ඉන්නැතුව
    වහාම බටහිර ඇලොපතියො සිය පාපොච්චාරණය පටන් ගත යුතුය, උඹලා මේ රටේ මිනිසුන්ව ලැබ් මීයන් බවට පත් කර සාපය තොපට පල දේ

    • LION says:

      අස්ට්‍රා zසෙනිකා ලබා ගත සැ ම දෙනාම තමන්ගේ සෞඛ්‍ය ගැන දැඩි අවදානමින් සිටින් න ..ඔවුන් අස්ට්‍රා zසෙනිකාවේ ලැබ් මීයන් …මෙය අපේ රටේ කලේ අත්හදා බැලීමක් ..දේශපාලකයෝ ඕනෑම බලු වැඩක් කරන නරුමයෝ …ඔවුන් කලේ ජනතාව රැවටීමක් .හරිහැටි පරීක්ෂණ නොකළ බාල එන්නත් රටේ ජනතාවට ගැසීම ජාතික අපරාධයක් .හෙළ වෙදකම් කොරෝනාවලට බෙහෙත් දීම පනත් මගින් තහනම් කලේ එන්නත් ගෙනත් මුදල් ගසා කෑමට ..දැන් ජනතාව මැරී වැටෙනවා …පාලකයෝ විදේශීය රටවල සංචාරයේ ..අහෝ රටකට සිදුවූ විපත

      • Reply says:

        හෙළ වෙදකම් කොරෝනාවලට බෙහෙත් දීම පනත් මගින් තහනම් කලේ suddage kale. eka tham danatath thiyena law eka.

  5. එන්නතෙ වැඩක්ද says:

    එන්නත් විදලද?

  6. IT බාස් says:

    හංගපු තොරතුරු ටික ටික එළියට එනවා.ගහපු වැසියන් ඒකේ නම කියන්න.

  7. Norata Eka says:

    පොලීසියට ගැහුවෙ අස්ට්‍රා zසෙනිකා, මුලින්ම ආපු එන්නත් ටික සෞඛ්‍ය අංශ , හමුදාව , පොලීසිය , සමහර දේශපාලනයක් සහ තවත් සුළු පිරිසකට විද්දා…ඇස්ට්‍රා සෙනිකා ලේ කැටි ගැසීම පිලිබද බොහොම සාක්ෂි ඇති එන්නතක්..

  8. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  9. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු ලබා නොදීමේ වරද.

  10. Manoj says:

    ඊළඟට එන්නත් දෙකම ලබා ගත් බටහිර වෛද්‍යවරුන්ට , මේ ආකාරයෙන්ම එන්නත් වල සාර්ථක සාර්ථක භාවය පෙන්විය හැකිය .

Main News