SJB දෙකඩ කරන MK කුමන්ත‍්‍රණයක් මැලේසියාවේ හා මහනුවර සිට ක‍්‍රියාත්මකයි…

September 2, 2022 at 3:00 pm | lanka C news
SJB දෙකඩ කරන MK කුමන්ත‍්‍රණයක් මැලේසියාවේ හා මහනුවර සිට ක‍්‍රියාත්මකයි…

සමගි ජන බලවේගය දෙකඩ කිරීම සඳහා මැලේසියාවේ හා මහනුවර සිට MK කුමන්ත්‍රණයක් සිදු වන්නේ ඇයි එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තම පක්ෂයට කිසිවකු ගැනීමට හෝ පක්ෂියේ කිසිවෙකු රඳවා ගැනීමට මුදල් වියදම් නොකරන බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට යන බව මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නත් එය සිදුවන්නේ නැති බවද හෙතෙම කියා සිටියේය.

ඇමැතිකම් දී සමගි ජන සංවිධානය දෙකඩ කරන්න උත්සාහ නොකරන ලෙසත් මුදලට වරප්‍රසාදයට විකිණෙන පුද්ගලයන් තම පක්ෂයේ නැති බව පැවසූ ඔහු සමගි ජන බලවේගය දෙකඩ කරන කුමන්ත්‍රණයට හසු නොවන බවද තවදුරටත් කියා සිටියේය.

43,793 views

2 Comments to “SJB දෙකඩ කරන MK කුමන්ත‍්‍රණයක් මැලේසියාවේ හා මහනුවර සිට ක‍්‍රියාත්මකයි…”

  1. හේමක්කා says:

    සජබ ය දෙකඩ කරන්න නෙමෙයි මම කැමතියි නම වෙනස් කරන්න

    එක්සත් ගොබ්බසේන ලා ගේ පක්ෂය

    කියලා

  2. DON says:

    Show this man to a good Psychiatrist as he is suffering from big mental disorder.

Main News